වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
උද්‍යානයේ සෞන්දර්යය වැඩිකරගන්නේ කොහොමද ?
ඔබේ සොඳුරු කැදැල්ල සහ ඒ අවට පරිසරය සෞන්දර්යයෙන් පිරිපුන් ස්ථානයක් බවට පත් කරගැනීමට නිරන්තරයෙන් සිහින දකිනවා නොඅනුමානයි. නමුදු මෙහිදී උද්‍යානය හෝ ගෘහ අභ්‍යන්තරය තුළ සෞන්දර්යය මතුකරගැනීම සඳහා කළයුතු දෑ පිළිබඳ පළමුව පෙළ ගස්වා ගත යුතුයි.
ඒ සියල්ලටම ප්‍රථම “සෞන්දර්යය” යනු කුමක්දැයි වටහා ගත යුතු වේ. ඒ පිළිබඳ නොයෙක් නොයෙක් අර්ථකථන සැපයීමට හැකිවුවත් අවසානයේ දී සලකා බලන විට එය ඇස, කන, නාසය, සම සහ සිත පිනවීම ලෙස තේරුම් කළ හැකියි.
එනම් අලංකාර මලින් පිරුණු මල්ගොමුවක් දකින ඔබේ ඇස පිනා යයි. සිලි සිලි හඬින් ගලා හැලෙන දිය දහරාවේ ශබ්දය ඔබේ කන මිහිරියාවෙන් පුරවාලයි. ගෙවත්තෙහි හැදෙන, වැඩෙන පලතුරු ගෙඩියක රසවිඳින ඔබේ දිව රසයෙන් කුල්මත් වේවි. මනාව වැඩුණු තණපලසේ පහස දෙපයට සුවපහසුවකි. ඒ කදිම ස්පර්ශය නිසා සම පින වේ. මෙලෙස බලන කළ අපගේ පංචේන්ද්‍රිය පිනවීමට හැකි පරිසරයක් සකසා ගැනීම සෞන්දර්යය ලෙස හැඳින්විය හැකි නොවේ ද?
සෞන්දර්යයෙන් පිරුණු තැනක්
ඉතින් අපේ ගෙඋයනත් සෞන්දර්යයෙන් සපිරි තැනක් කරගන්නා ආකාරය අද අපි සොයා බලමු.
මෙහිදී පළමුවෙන්ම කළයුත්තේ ඔබගේ වර්තමාන ගෙඋයනේ පවත්නා සෞන්දර්යය ඔප් නැංවෙන දැ සහ සෞන්දර්යයට හානිකරන දැ මොනවාදැයි වෙන් වෙන්ව හඳුනාගැනීමයි.
ඉවත් කළයුතු දෑ ඉවතට
අනතුරුව එසේ හඳුනාගත් සෞන්දර්යය ඔප් නැංවෙන දැ තව තවත් තීව්‍ර ලෙස දර්ශනය වීමට සලස්වා අනෙකුත් දේ උද්‍යානය තුළ සඟවා තැබිය යුතු වේ. එනම් ඉවත් කළයුතු දෑ ඉවත් කළ යුතුය.
උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ
ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ
රංජිත් කළුආරච්චි
2020/02/12 තරුණි බලන්න