දරුවන්ගේ දෝෂ නිවන මහබල ඇති යන්තරේ

අගෝස්තු 5, 2024

පවුල නමැති කුටුම්බයේ අත්තිවාරම වන්නේ ගෘහිණියයි. නැතිනම් පවුලේ මවයි. අැය තම පවුල වෙනුවෙන් ඉටු කරන මෙහෙවරට අමතරව තම පවුලේ දියුණුවට හා ආරක්ෂාව වෙනුවෙන් දැවැන්ත පවුරක් සේ පෙනී සිටියි. ඒ වෙනුවෙන් ඇය භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකව ද කළ යුතු පිළිවෙත් ගැන නිරතුරුවම ඉතාමත් ඉහළින් අවබෝධයෙන් යුතුව කටයුතු කරයි.

මෑත කාලයේ බොහෝ මවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් කරති. එහෙත් රට තුළ පවතින අර්බුදකාරී පසුබිම නිසා දරුවන්ගේ පාසල් කටයුතු විශාල වශයෙන් බිඳ වැටී පවති. කොරෝනා වසංගතය සමයේ පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ හැසිරීම් රටාව ද වෙනස් වී තිබේ. ඇතැම් දරුවන් දඩබ්බර ගති පැවතුම් පෙන්වයි. මේ ගැන බොහෝ මවුපියන් විවිධ මැසිවිලි නඟයි. එසේම පවුල් තුළ විවිධ ගැටලු හා සමගිය ද බිඳ වැටී ඇති බව බොහෝ දෙනෙකු පවසති. තවද ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳ කටයුතු ද බිඳ වැටී ඇති බව නිරතුරුවම අසන්නට ලැබෙයි.

 

මෙවැනි විවිධ ගැටලුවලට මුහණ දී සිටින දරුවන්ගේ හා පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාවේදී පෙනෙන්නට ඇත්තේ ඔවුන්ට දරුණු ජන්ම ඒරාෂ්ටක සහ අෂ්ටම ඒරාෂ්ටක, මහ දශාව නිසා හට ගන්නා දෝෂ බව පෙන්නුම් කරයි. මෙම දෝෂ භංග කිරීම සඳහා ‍ෙජ්‍යතිෂවේදීන් වඩාත්ම ප්‍රබල පලදෙන යන්ත්‍රය බවට හඳුනාගෙන ඇත්තේ මහා අභිසම්භිදාන යන්තරයයි. එම යන්තරය පැලඳීමෙන් නොයෙක් ආකාරයෙන් පැමිණෙන අමනුස්ස බලපෑම් අපල උපද්‍රව හා අප පෙර සඳහන් කළ ආකාරයට දරුවන්ගේ ඇතිවන ග්‍රහ දෝෂ නැති කිරීමට අගනා යන්ත්‍රයක් ලෙස අභිසම්භිධාන යන්තරය යොදා ගනියි.

 

මෙම යන්තරයේ පවතින බලය පිළිබඳ දැක්වීමට අපට බොහෝ සිද්ධීන් පවතී. වසර ගණනාවකට පෙර ෙජ්‍යතිවේදී ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයකු මට හමුවිය. ඔහුට එම කාලයේ දරුණු ජන්ම ඒරාෂ්ටකයක් පවතින බව ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂාකර බලා මා සඳහන් කරන ලදී. ඒ සඳහා හොඳම පිළියම වන්නේ මහා අභිසම්භිදාන යන්ත්‍රය පැලඳීම බව මා සඳහන් කළේය. නමුත් මෙය පිළිනොගත් එම පුද්ගලයා ඒ සඳහා වෙනත් යන්ත්‍රයක් පැලඳිය යුතු බව සඳහන් කරමින් මා ඔහුට දුන් උපදේශය ප්‍රතික්ෂේප කළේය. මාගේ උපදෙස් නොතකා ඔහු සති මූර්ත යන්තරය පලඳින ලදී. එම පුද්ගලයා මා සඳහන් කළ ආකාරයෙන්ම නොසිතූ අයුරින් විඳීමට සිදුවිය. එසේම ඔහුගේ සියලු ව්‍යාපාර කඩාවැටී ඉතා අසරණ තත්ත්වයට පත් විය.

මෙම අභිසම්භිදාන යන්තර කුඩා දරුවන්ගේ බාලගිරි දෝෂයට ද ඉතා ගුණ දෙයි. එසේම කාන්තා මානසික රෝග රාශියක්ම සුව කිරීමට ද මෙම යන්තරය පලඳයි. නපුරු සිහින දැකීම, සවප්න මෝචනය වැනි රෝග සඳහා අභිසම්භිධාන යන්තරය පැලඳීම ඉතාම සාර්ථක බව බොහෝ දේශීය වෛද්‍යවරුන් ද පිළිගනිති. එසේම ඇස්වහ, කටවහ දෝෂ, නිවෙසට ඇතිවන නොපෙනෙන භූත දෝෂ සඳහා ද මෙම යන්තරය ගුණ දෙයි.

 

අභිසම්භිදාන යන්තරය යනු ප්‍රබල ගුප්ත මන්ත්‍රයකි. ෙජ්‍යතිෂවේදය අනුව බොහෝ යන්ත්‍ර පලඳින්නේ එක් එක් ග්‍රහයන්ගෙන් පැමිණෙන දෝෂ මඟ හැරීමටය. නමුත් අභිසම්භිදාන යන්තරය මේ සියලුම ග්‍රහදෝෂ සඳහා ගුණ දෙයි. විශේෂයෙන් නිවෙසක් ආරක්ෂාව සඳහා හතරකොණ ආරක්ෂක මුට්ටි වළ දැමිමේදී ද මෙම යන්ත්‍රය එයට ඇතුළත් කිරීම විශාල ආශිර්වාදයකි.

 

මෙම යන්ත්‍රය පලඳින්නේ ලෝහ හෝ තඹ පත්‍රයක නිර්මාණය කිරීමෙනි. එලෙස එම පත්‍රයේ යන්තරය ඇඳීම සිදු කරන්නේ අදාළ පුද්ගලයාගේ ජන්ම පත්‍රයට අනුවය. ඒ සඳහා සම්මත දිග පළලක් වෙයි. එය සුබ නැකැතට අනුව සම්මත වාර ගණනක් ජපකර පැලඳීම තුළින් ප්‍රබල ශක්තියක් හා ආශීර්වාදයක් ලැබෙයි. මේ යන්තරය පලඳින කාලය තුළ මස්, මාංස අනුභවයෙන් තොරව සිටීම උපවාසය ඉතාම වැදගත් වෙයි. මෙය වෙළෙඳපොළෙන් ගෙන පැලඳීමෙන් කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන අතර නිසි ආකාරයෙන් වත් පිළිවෙත් කරමින් නිවැරැදි වාර ප්‍රමාණයක් ජපකර පැලඳීමෙන් නියත ලෙසම ප්‍රතිඵල ලැබෙනු ඇත.