වර්ෂ 2024 ක්වූ November 04 වැනිදා Monday
ජ්‍යොතිෂ ගැටලු
සැමියාට සුව නොවන විවිධ රෝග
මාගේ සැමියා වසර දහයක් විදේශගතව සිට පැමිණියේය. දැන් ඔහුට සුව නොවන විවිධාකාර රෝග මතුවෙයි. ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබෙයි. මෙයට සහනයක් නැතිද?
තෙල්දෙණියේ - සාගරිකා මැණිකේ
ඔහුගේ උපන් හඳහනට අනුව කිසිවෙකුගේ කිසිම දෙයක් නොඅසන මුරණ්ඩු අහංකාර නපුරු චරිතයකි. තම ගොඩ වැඩි කරගැනීම සඳහා ඕනෑම අයෙකුගේ දෙයක් කඩා වඩා ගැනීමට කටයුතු කරන අයෙක් බව සඳහන් කරමි. බිරියට දරුවන්ට මවට පියාටවත් යුතුකම් ඉටු නොකරන මසුරු පුද්ගලයෙකි. මෙවැනි ගති පැවතුම් නිසා මොහු පාලනය කර ගැනීම සඳහා ඔබ අතින් වුවද යම් යම් වත් පිළිවෙත් කිරීමට ඔබට හැකියාව ඇත. කවුරුන් හෝ ඔහු පාලනයට නැතහොත් තරහවක් නිසා එසේ කර ඇති බව සඳහන් කරමි. ඔහුට විෂ ශරීරගත වීමක් සිදුවී ඇති බව සඳහන් කරමි. එය ඉවත් කිරීම සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් ජිනරාජ කසාය සාදා ජලනන්දන දැහැනෙන් ජීවම් කර දෙහි පුහුල්ද කපා උදේ පාන්දර හිස් බඩ ඉහත කෂාය ලබා දී, බඩ විරේක කළ යුතු වෙයි. ආරක්ෂක යන්ත්‍රයක් පැලඳීම ද සුදුසු වෙයි. මේ වන විටත් නිදන්ගත දරුණු රෝගයකට පත්ව ඇති බව සඳහන් කරමි.
සහෝදරයාගේ විවාහයට පිළියමක්
මාගේ එකම සහෝදරයාගේ විවාහය දෙකඩ වී ඇත. මෙයට හේතුව හා පිළියම් පවසන්න.
ඇඹිලිපිටියේ - තිලකා
ඔබගේ සහෝදරයගේ හඳහනට අනුව ඔහුගේම වරද නිසාම මෙසේ සිදුව ඇති බව පළමුව සඳහන් කරමි. මොහු ද බිරිඳ දරුවන් ගැන නොසිතයි. නිදහස් ලෝකයේ නිදහසේ සැරිසැරීමට, වගකීමෙන් තොරව ජීවත් වීමට ප්‍රිය කරන පුද්ගලයෙකි. මේ වන විටත් මොහුට එම විවාහය සහ දරුවන් සිටී නම් එම දරුවන් මොහු අත්හැර සිටීම පුදුමයක් නොවේ. මොහුට විදේශගත වීමේ වාසනාව ඇත. විදේශගත ජීවිතය ඔහුට ගැළපෙයි. එක කාන්තාවක් විවාහයට සුදුසු වෙයි. ඒ අනුව කටයුතු කරන්න දැනුම් දෙන්න.
යෝනියෙන් දුගඳක් හමයි
මා විවාහ වීමට සිතා සිටියද මාගේ යෝනියෙන් නිතර දුගඳ හමයි. මෙය මහත් මානසික වධයකි. මෙයට පිළියම කුමක්ද?
අතුරුගිරියේ - සුනීතා
ඔබගේ හඳහනට අනුව අධික උණුසුම් ප්‍රකෘති තත්ත්වයක් ශරීරයේ පවතී. ඔබගේ දත්මුල් දියවීම, කටින් දුගඳ හැමීම, හිස් හොරි, සිරෝසිස්, පොතු කබර වැනි තත්ත්වයන්, ඇඟේ නිතර පලු දැමීම වැනි ආසාදන ඔබ පැවසූ රෝගයට අමතරව ඇති බව සඳහන් කළ හැකි වේ. එම රෝගය ස්වේත ප්‍රදරය හෙවත් සුද යෑමේ රෝගයයි. ඇඟ වියළීම හා බඩ වියළීම පළමුව පාලනය කළ යුතු වේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවී බඩ විරේකයක් කරවාගෙන, ඇඟ සිසිල් කරන ඖෂධ හා ආහාර ලබාගන්න. අඟහරුවාදා දිනක බෝධි පූජාව පටන්ගෙන දින විසි එකක් බෝධි පූජා තබන්න.
ලිංගික තෘප්තියක් නොලැබෙයි
මා කුඩා කළ අපයෝජනයට ලක් වූ කතකි. නිසි වයසේ දී විවාහ වුවද මා අද දවස තෙක් ලිංගික තෘප්තියක් නොලබයි. මෙයට හේතුව පවසන්න.
කැකිරාවේ - සමන්ති
ඔබ උපන් හඳහනේ විවාහ ස්ථානය හා පුත්‍ර ස්ථානයේ පාපි ග්‍රහයන් ඇති බැවින් චන්ද්‍රයාගේ නරක පිහිටීම නිසා කුඩා කලම අපයෝජනයට ලක්වී ඇත. නමුත් එය බලහත්කාරයෙන් සිදු වූ දෙයක් නොවනු ඇත. එය ඔබේ කැමැත්ත මත සිදු වී ඇති බව සඳහන් කරමි. මෙම ග්‍රහ පිහිටීම අනුව ඔබ ප්‍රිය කරනුයේ ඔබට වඩා වයසින් වැඩි අයෙකු සමඟ එවැනි සබඳතා පැවැත්වීමටයි. එකල ලැබූ එම සංතුෂ්ටිය ඔබට අමතක නොකළ හැකි වෙයි. ඔබ ප්‍රිය කරනුයේ, හොර රහසේ එවැනිම වූ වැඩිහිටි ඇසුරකින් ලබන සංතුෂ්ටියකි. මෙයට හේතුව එය වෙයි. ඔබ සිකුරාදා දිනක රාත්‍රී 8 - 9 අතර බෝධි පූජා පවත්වා ශිව පාර්වතියට මෙම පාපකාරී සිතිවිලි මනසින් ඉවත් වන ලෙස ඉල්ලා කන්නලව් වෙන්න. උපදේශනය ඔබට අවශ්‍ය බැවින් දෙදෙනාම උපදේශන සේවය ලබාගැනීම ඉතා වැදගත් වේ.
----------------
අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10
එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස්
ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ