පෙබරවාරි 03 සිට පෙබරවාරි 09 දක්වා

පෙබරවාරි 3, 2025

 

ධනු ලග්න හිමියන්ට හදිසි ධන ලාභ හිමි වේ.

මේෂ ලග්න හිමි රාජ්‍ය සේවකයින්ට ශුභ දායක වෙයි.

මේෂ

රාජ්‍ය සේවකයින්ට ශුභ දායක වෙයි. ගෙදර දොර වැඩ කටයුතු ගැන ඉතා උනන්දුවක් දක්වයි. විභාග ජය අත්කරගත හැකියි. උෂ්ණ අධික ආහාරපාන ගැනීමෙන් වළකින්න. ඇස් රෝග මතුවන කාලයකි. හදිසි අනතුරු ඇති බැවින් ඉතා කල්පානාකාරී වන්න.

 

වෘෂභ

 

බාහිර සබඳතාවලින් වාසි ගෙන දේ. අලංකාර දේට හිත යොමු වේ. විනෝද ගමන් බිමන්වලට ප්‍රිය වේ. නව පාඨමාලාවන් ආරම්භයට සුදු සුයි. ප්‍රේම සම්බන්ධතා විවාහයට බාධා ගෙන දේ. සමේ සහ හිසේ වියළි ස්වභාවයක් උෂ්ණ අධික ස්වභාවයක් ඇති කරයි.

 

මිථුන

 

අත ගහන සියලු වැඩ සාර්ථක වේ. ව්‍යාපාර වලින්, රැකියාවලින් වැඩ කටයුතු සාර්ථක කරගත හැකියි. තමන්ගේ උනන්දුව උත්සාහය නිසා සියලු ධන ලාභ ළඟා කරගත හැකියි. දරු ඵලවලට ශුභයි. උදරාබාධ ඇතිවන සතියකි.

 

කටක

 

වෙළෙඳ ව්‍යාපාරවලින් ඉතා ශුභඵල ගෙන දේ. ධනය තැන්පත් කර ගත හැකි කාලයකි.ගෙදර ගෘහ ජීවිතය ඉතා සාර්ථකව ගෙන යා හැකියි. හදිස්සිය නිසා අත්‍යවශ්‍ය වැඩ අතපසු වේ. පවතින ලෙඩ රෝග සුව අතට හැරෙන බව පෙනේ. වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක වන කාලයකි.

 

සිං‍හ

 

මුදල් සම්බන්ධ කටයුතුවලදී ගැටලු පැන නගී. ලැබෙන්න තිබෙන මුදල් නොලැබෙන කාලයකි. ව්‍යාපාර ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. ගෙදර දොර පවුල් ජීවිතය ප්‍රශ්න ගැටලු ඇති විය හැකිය. නිතී ප්‍රශ්න මතුවේ. පාද අස්ථි සම්බන්ධ ලේ ආශ්‍රිත ලෙඩ දුක් ඇති විය හැකියි.

 

කන්‍යා

 

රැකියාවේ උසස් වීම් සහ රැකියා බලාපොරොත්තු අයට නව රැකියා ලැබේ. වෙළෙඳ ව්‍යාපාර කරන අයට සාර්ථක ලාභ ඇති ව්‍යාපාර දියුණුවක් අැති වෙයි. ගෙදර දොර සාමකාමී කටයුතු කරනු ලැබේ. නිතර ඇවිදිලි සහිත ගමන් බිමන් යෙදේ.

හිසරදය, සෙම්රෝග ඇති වෙයි.

 

තුලා

 

වෙළෙඳ ව්‍යාපාරවලින් සාර්ථක වෙන කාලයක් අතමිට සරුවන බව පෙනේ. අලුත් ව්‍යාපාර රැකියා ලාභ ඇති වේ. ප්‍රේම සම්බන්ධතා මංගල කටයුතුවලට ඉතා ශුභයි. ගෘහ ජීවිතේ නම් තරමක් ආසාර්ථක වේ. උදරය, මුත්‍රාශය වැනි රෝග තත්ත්ව පෙන්නුම් කරයි.

 

වෘශ්චික

 

හවුල් ව්‍යාපාරවලින් තරමක් අසාර්ථක වේ. වෙළෙඳ ගනුදෙනුවලදී පාඩු හානි ඇතිවන කාලයකි. විවාහයේදීත්, දරුවන්ගේ කටයුතුවලදීත් ඉතා කල්පනාකාරි විය යුතුයි. පාද ආබාධ, අස්ථි සම්බන්ධ රෝග ඇති විය හැකියි. දරු ඵල අපේක්ෂා වන අයට දරු ඵල හිිමි වේ.

 

ධනු

හදිසි ධන ලාභ හිමි වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හා ගනුදෙනුකරුවන් වැඩිවන කාලයකි. පෙර පැවැති ගැටලුවක් නිරාකරණය විය හැකිය. විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයට එම කටයුතු සාර්ථක වෙයි. ගෙදරින් පිට වී නිතර කටයුතු කරයි. සෙම් ආශ්‍රිත රෝග උෂ්ණ රෝග ඇතිවෙයි.

 

මකර

වෙළඳ කටයුතුවලදී ඉතා ප්‍රවේශම් විය යුතුයි. ලැබීමට තිබෙන මුදල් නොලැබී යයි. ගෙදර දොර කටයුතු අපිළිවෙළ වෙයි. දරුවෙකු ගැන සතුටුදායක තොරතුරක් ලැබේ. ලේ විෂ රෝග, ලේ අාශ්‍රිත රෝග ලක්ෂණ වැඩි වේ.

 

කුම්භ

පසුගිය කාලවලදී තිබූ ණය හා මුදල් ප්‍රශ්නවලින් තරමක් දුරට අතමිට සරු වී ණය තුරුස්වලින් මිදීමට කාලයක් වෙයි. රැකියාවල සහ ව්‍යාපාරවල දියුණුවක් ඇති වෙයි. දේපොළ සම්බන්ධ කටයුතු ගැන නිවැරැදි තීන්දු තීරණ ගනී. හදිසි අනතුරක් හිසට බෙල්ලෙන් උඩ කොටසට තුවාලයක් හෝ රෝගයක් වැලඳිය හැකියි.

 

මීන

 

ලැබීමට තිබෙන ණයක් ලැබීමටත්, පිටස්තර කෙනෙකුගෙන් ලැබීමට තිබෙන ධනයක් ලැබීමට ඉඩ ඇත. ව්‍යාපාර දියුණුවක් සහ නව ව්‍යාපාර ආරම්භයක් සුබයි. හදිසි ධන ලාභ ගෙනදේ. පවුලේ ප්‍රශ්න ගැටලු විසඳා ගත හැකි කාලයකි. ජලයෙන්, විදුලියෙන් ප්‍රවේශසම් වන්න. හදිසි අනතුරු අැති විය හැකියි.

 

 

 

ප්‍රවීණ ජෝතිර්වේදීණී සංගීතා වික්‍රමසිංහ

 

[email protected]