පෙබරවාරි 17 සිට පෙබරවාරි 23 දක්වා

පෙබරවාරි 17, 2025

කුම්භ ලග්න හිමියන්ට සැනසිලිදායක සතියකි

වෘශ්චික ලග්න හිමියන්ට නීති ප්‍රශ්නයක් හටගැනීමට ඉඩ අැත

 

දීර්ඝ ගමන් බිමන් යෑමට සිදුවෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මූල්‍ය ගනුදෙනු ප්‍රවේසමෙන් කළ යුතු වෙයි. ගෘහ ජීවිතය තුළ වැඩ කටයුතු වැඩි වෙයි. දරුවන්ගේ වැඩ කටයුතු වැඩි වෙයි. උෂ්ණ රෝග හදිසි අනතුරු ඇතිවිය හැකියි.

 

වෘෂභ

 

ඥාතීන්ගේ ගැටලුවලට මැදිහත් වී සිත් පීඩා ඇති කරගන්නා කාලයකි. නව ඉදිකිරීමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ගෙදර දොර අවුල්සහගත කාලයක් වෙයි. ධනය අතින් වාසනාව ඇති වෙයි. ලේ ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති වෙයි.

 

මිථුන

 

දියුණුවට බාධා පැමිණෙයි. හදිසි කෙන්තිය හදිසි තීරණ ගැනීමෙන් ප්‍රශ්න ගැටලු පැන නඟී. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබෙන කාලයකි. අන්‍යයන්ගේ ආදරයට ගෞරවයට පත්වෙයි. හදිසි වැටීම්වලින් ප්‍රවේසම් වන්න. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

කටක

 

පවුලේ කටයුතුවලට වෙහෙස වෙයි. වෙනදාට වඩා ගමන් බිමන් වැඩි වෙයි. මුදල් ගනුදෙනුවලදී ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න. රැකියාවේ වෙනසක් ඇතිවෙයි. ඉගෙන ගන්නා දරුවන්ට යහපත් වෙයි. ශරීරය අප්‍රාණිකතා කොන්දෙන් පහළ අංශවල ලෙඩ දුක් වැඩි වෙයි.

 

සිංහ

කිරීමට සිතා සිටි බැරෑරැම් කටයුත්තක් සාර්ථකව දරුවන්ගේ කටයුතුවලට වෙහෙස වෙයි. රැකියාවේ තිබූ අවහිරතා මඟහැරී යයි. විනෝදයෙන් සිටිය හැකි කාලයකි. කලා විෂයන් හදාරන දරුවන්ට ශුභ වේ. උගුරේ අමාරු, හිසරදය වැනි ලෙඩ රෝග වැඩි වෙයි.

 

කන්‍යා

 

විනෝදයට අලංකාරයට ඉතා යෝග්‍ය වෙයි. ගමන් බිමන් වැඩි වෙයි. අලංකාර දේ කිරීමට නිතර සිතයි. දරුවන්ගේ සහ ගෘහ ජීවිතයේ කටයුතුවලට නිතර සිත යොමු වෙයි. වෙහෙසකර රැකියාවක් කිරීමට සිදු වෙයි. වරින් වර කොන්ද, පාද, හස්තවල කැක්කුම් ඇති කරයි.

 

තුලා

 

ප්‍රසිද්ධියට පත්වෙයි. පවුලේ කටයුතුවල මුල් තැන ගනී. කාගෙත් හොඳ නම දිනාගනී. රැකියාවේ නොයෙකුත් වැඩ රාජකාරි කිරීමට සිදු වෙයි. ධන ලාභ ඇති වෙයි. කාලයක් තිබූ රෝගි තත්ත්ව සුව අතට පත්වනු ඇත.

 

වෘශ්චික

 

නිතී ප්‍රශ්නයක් හටගැනීමට ඉඩ අැත. තරග විභාග ජය ඇති වේ. ව්‍යාපාරවල දියුණුවක් ලබාගත හැකියි. පීඩාකාරි රැකියාවලින් අත්මිදී සහනකාරි රැකියා ප්‍රවේශයක් ඇතිවන කාලයකි. බෙල්ලෙන් උඩ අවයවවල සියුම් ඉන්ද්‍රිය තුළ රෝග ලක්ෂණ ඇති වෙයි.

 

ධනු

සමාජ සේවා කටයුතුවල යෙදේ. නිතර ගමන් බිමන් ඇති වෙයි. අමතර ලැබීම් සහිත කාලයකි. දේපොළක ලැබීමක් හෝ එහි ලාභ ලැබීමක් පෙන්නුම් කරයි. දැනුම, බුද්ධිය වර්ධනය කරන කටයුතුවලට මැදිහත් වෙයි. රුධිරය සම්බන්ධ රෝග ලක්ෂණ මතුවේ. ජලයෙන් ප්‍රවේසම් විය යුතුයි.

 

මකර

 

අලුත් රැකියා හිමි වෙයි. යන එන ගමන් බිමන් ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුයි. දරුවෙකුගේ ගෘහ ජීවිතයේ තරමක් නිදහස් ගතියක් ඇති වෙයි. ඥාතීන්ගේ ප්‍රශ්න ගැටලුවලට මැදිහත් වීමෙන් චිත්ත පීඩා ඇති වෙයි.

ආහාරපානවලින් ශරීර සෞඛ්‍යයට පීඩා ඇති කරයි. උඩ නැඟීම් වැටීම්වලින් ප්‍රවේසම් වන්න.

 

කුම්භ

 

සැනසිලිදායක සතියකි. ගෙදර දොර අලුත්වැඩියා කටයුතුවලට වෙහෙස වෙයි. අඹුසැමි සබඳතාවලට හොඳ කාලයකි. සමාජීය සහ ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු ඉගෙන ගන්නා අයට ඉතා ශුභඵල ගෙන දෙයි. ගර්භාෂගත රෝග ලේ විෂ වීමක් ඇති වීමට ඉඩ ඇත.

 

මීන

වගකීම් බහුලව කටයුතු කිරීමට සිදු වෙයි. ගෙදර දොර කටයුතුවලදී විශේෂයි. ඇසුරු කරන අය අතර ඉතා සුහදශීලි බවක් ඇති වෙයි. කාගෙත් උදව් ලැබෙන සතියකි. හදිසි ධන ලාභ ඇතිවෙයි. විවාහ අපේක්ෂකයින්ට ඉතා ශුභයි. රැකියාවේ ගැටලු ඇතිවෙයි. සෙම් රෝග උෂ්ණ රෝග, උදරාබාධ ඇති කරයි.

 

[email protected]

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ