වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පෙබරවාරි 24 සිට මාර්තු 02 දක්වා

ධනු ලග්න හිමියෝ නීරෝගිමත් බලවත් අය වෙති.
කන්‍යා ලග්න හිමියන් සතුරන් නසන කාලයකි.
මේෂ
උත්සව ප්‍රිය සම්භාෂණවලට ආරාධනා ලැබේ. තෑගි භෝග උදව් උපකාර ලැබෙන කාලයකි. ධනය අතින් තරමක් අගහිඟකම්වලට මුහුණ පාන්න සිදු වේ. රැකියාවේ ප්‍රශ්න ඇතිවෙයි. උෂ්ණ රෝග, ලේවල විෂ සහිත රෝග ඇති වේ.
වෘෂභ
දරුවකු වෙනුවෙන් වෙහෙසී කටයුතු කරයි. ගෙදර දොර අලුත්වැඩියා කටයුත්තක් මඟ නතර කිරීමට හේතු වෙයි. ගෘහ ජීවිතය තරමක් අවුල්සහගත වෙයි. ධනය ලැබීමේ මාර්ග අවහිර වේ. හිසරදය, උදරාබාධ වැනි ලෙඩ දුක් වැඩි වෙයි.
මිථුන
ආගමට දහමට ළැදි වේ. විදේශගත මිතුරු මිතුරියන්ගෙන් උපකාර ලැබේ. අතමිට සරුවන කාලයකි. රැකී රැක්ෂා වෙළෙඳාම්වලින් ලාභ ලැබේ. පැවති රෝගි තත්ත්වවලට නිසි ලෙස ප්‍රතිකාර ලැබේ.
කටක
හදිසි ධන ලාභ ඇති වේ. කතාව නිසා ගැටලු ඇතිවිය හැකියි. එබැවින් අන් අයගේ ප්‍රශ්න විසඳීමට යාමෙන් වළකින්න. ගෙදර දොර වැඩ රාජකාරි වැඩි වේ. දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට වෙහෙසීමට සිදු වෙයි. මුත්‍රා අසාදන, යටි බඩේ රෝගි තත්ත්ව ඇති වෙයි.
සිංහ
හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ධනය බලය දෙකම ලැබෙන කාලයකි. ගෙදර දොර ප්‍රීතියෙන්, සමගියෙන් ගත වේ. රැකී රක්ෂා කටයුතුවලදී ගැටලුසහගත වේ. එබැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. බෙල්ලෙන් උඩ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
කන්‍යා
සතුරන් නසන කාලයකි. වියදම් අධික වෙයි. ලැබීම් අඩුවෙයි. අන්‍යයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් තමාගේ සිතේ සතුට නැතිවෙයි. අධික ලෙස ගමන් බිමන් යෙදෙන කාලයකි. නීරෝගිකම වැඩි වේ.
තුලා
ඉගෙනීමට ශුභ වේ. උගත් මිතුරන් ද ඇතිවේ. ධන ලාභ වැඩි වේ. වියදම් අධික වේ. නමුත් තමාට ලාභ ප්‍රයෝජන ඇති දේ නිතර සිදු වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. උෂ්ණ රෝග සෙම් ආශ්රිත රෝග වැඩි වේ.
වෘශ්චික
සතිය එතරම් යහපත් නොවේ. පවුලේ අයගෙන් නිතර ප්‍රශ්න, හටගනී. ලෙඩ දුක්වලට අධික වියදම් යෙදේ. හවුලේ කරන කටයුතුවලදී පාඩු හානි සිත්තැවුල් ඇතිවේ. පාද ආශ්රිත, කොන්ද අමාරු වැනි රෝගී තත්ත්ව පෙන්නුම් කරයි.
ධනු
නීරෝගිමත් බලවත් කෙනෙකු වෙයි. උසස් අයව නිතරම ඇසුරට ලැබේ. කාර්යබහුල වේ. නමුත් අලස ගති නැතිව ඉතා ක්‍රියාශීලිව කටයුතු කරයි. ධනය ලැබෙන කාලයකි. නමුත් ලෙඩ රෝග බහුල වෙයි. විෙශ්ෂයෙන් සෙම් ආශ්රිත රෝග අැති වේ.
මකර
ගෙදර දොර අඹු සැමි ප්‍රශ්න ගැටලු වැඩි වේ. දරුවෙකු නිසා නිතර කනස්සල්ලෙන් ජීවත් වෙයි. සෙම් ආශ්රිත ලෙඩ රෝග බහුල වෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. වියදම් ද අධික වෙයි. ලේ ආශ්රිත රෝග ලක්ෂණ වැඩිවෙයි.
කුම්භ
විකිණීමට ඇති දේපොළක් ලාභ ඇතිව විකුණාගත හැකිවෙයි. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක වෙන කාලයකි. විදේශ ගත වීමට ඉඩ ඇති වේ. විදේශික යහළු මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබේ. පාද ආශ්රිත රෝග, ස්නායු සම්බන්ධ රෝගි තත්ත්ව ඇති වෙයි.
මීන
නොසිතූ ලෙස ව්‍යාපාරයෙන් ලාභ ලැබේ. උසස් අය ඇසුරට පත්වේ. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. දුර බැහැර ගමන් බිමන් අධික වෙයි. සිතේ සතුට ඇතිවන කාලයකි. සෙම් රෝග, උෂ්ණ රෝග ඇතිවන කාලයකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ