වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මාර්තු 10 සිට මාර්තු 16 දක්වා

කුම්භ ලග්න හිමියන්ට රැකීරක්ෂා කටයුතුවලදී දියුණුවක්
වෘශ්චික ලග්න හිමියන්ගේ ප්‍රේම සබඳතා සාර්ථක වේ.
මේෂ
රැකීරක්ෂා කටයුතු සාර්ථකව කරගෙන යා හැකියි. ව්‍යාපාර දියුණුව ඇතිවේ. ගෘහය තුළ අඹුසැමි දෙපළගේ ප්‍රශ්න හටගනී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආගමට දහමට ළැදිව කටයුතු කළ යුතු කාලයකි.
වෘෂභ
රැකීරක්ෂා ව්‍යාපාර ඉතා වෙහෙසි කටයුතු කරගනිමින් සාර්ථක කර ගත යුතු කාලයකි. ඉදිකිරීම් කටයුතු, නිවාස අලුත්වැඩියා කටයුතුවලට ඉතා සුබ වෙයි. තම දරුවන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන බිරියගෙන්, සැමියාගෙන් වෙනදාට වඩා ආදරය, කරුණාව ලැබෙන කාලයකි.
මිථුන
නව රැකියාවක් ද, නව ව්‍යාපාර ආරම්භයක් ද මෙම කාලයේ ලැබීමට යෝග ඇත. දරුවන්ගේ කටයුතුවලට මුල්තැන දෙයි. තම මවුපියන්ගෙන් පිහිට දායාද ලැබෙන කාලයකි. පිනට දහමට දාන මාන දෙන නිතර කුසලයට හිත යොමුවන කාලයකි.
කටක
රැකියාවේ ගැටලු ඇතිවිය හැකිය. ව්‍යාපාරයේදී මුදල් ප්‍රශ්න ඇතිවෙයි. නීති ප්‍රශ්න හටගැනීමට ඉඩ ඇත. රිය පැදවීමේදී ප්‍රවේශම්වන්න. විවාහ ජීවිතයේද කලහකාරී අවස්ථා නිතර ඒමට ඉඩ ඇත. එබැවින් ඉතා ඉවසීමෙන් හා කල්පනාකාරීව කටයුතු කරන්න.
සිංහ
රැකීරක්ෂාවල දියුණුවක්, ව්‍යාපාරවල සාර්ථක වීමක් නව ව්‍යාපාර ආරම්භයේදී සුබයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වෙහෙස වන කාලයකි. මවගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. ශක්තිමත්ව බුද්ධිමත්ව, ඉවසීමෙන් කටයුතු කිරීමෙන් සියලු දේ ජයගැනීමට හැකිවේ.
කන්‍යා
රැකීරක්ෂා කටයුතුවල මන්දගාමී ස්වරූපයක් ගනී. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. පිරිස් බලය ඇති කරන, සමාජ කටයුතුවලින් සාර්ථක වේ. විදේශගතවීමට බලාගෙන සිටි අයට එම කටයුතු සාර්ථක වේ. ගෙදර දොර ඉතා සාමකාමී වෙයි.
තුලා
රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. නව නිපැයුම්වලින් යුත් ව්‍යාපාර සාර්ථක වේ. වෙනදා පැවැති සිතේ කනස්සලුභාවය පහව යයි. ගෙදර දොර අඹුසැමි සබඳතා ඉතා යහපත් අයුරින් වර්ධනය වේ. ආගමට දහමට නිතර සිත නැඹුරුව කටයුතු කළ යුතු වේ.
වෘශ්චික
නව රැකියා ලාභ ලැබේ. අලුත් ව්‍යාපාර ආරම්භය සුබයි. ප්‍රේම සබඳතා සාර්ථක වේ. විවාහ අපේක්ෂකයින්ට මංගල යෝග උදා වේ. ගෙදර දොර අලුත්වැඩියා කටයුතුවලට සුබයි. නිතර කේන්තිය පාලනය කරගෙන ඉදිරි කටයුතු කරගෙන යා යුතුයි.
ධනු
රෙදිපිළි ආශ්‍රිත ව්‍යාපාරවලට ඉතා සුබ වෙයි. භූමිය සමඟ කරන ව්‍යාපාරවලින් දියුණුවක් ඇති වේ. විවාහ ජීවිතයේ සුළු සුළු ගැටලු හට ගනී. තමාව ඉතා කැපී පෙනෙන කාලයකි. රෝගින්ට ඇප උපස්ථාන කිරීමෙන් හෝ බෙහෙත් හේත් ලබාදීම වැනි කටයුතෙවල යෙදීම සුබයි.
මකර
රකීරක්ෂා කටයුතු දියුණු වේ. විදේශගතව රැකියා කරන කෙනකුට නම් ඉතා යහපත් වේ. සතුරු කරදර නිමා වෙයි. විවාහයේදී අනෙකාගෙන් උදව් උපකාර නිතර ලැබෙන කාලයකි. මෙතෙක් තිබූ ණය ගනුදෙනු අහවර කර ගැනීමට ඉඩ ඇති කාලයකි.
කුම්භ
රැකීරක්ෂා කටයුතුවලදී දියුණුවක් ඇති වුවත් එම ස්ථානයේ සිටින අනෙකුත් අයගේ ඉරිසියාකාරී ගති නිසා ප්‍රධානින්ගේ දෝෂරෝපණවලට හසුවීමට ඉඩ ඇත. මානසික පීඩා චිත්තපීඩා ඇතිවන කාලයකි. නිතර හුදෙකලා වී කටයුතු කිරීම ඉතා සුබයි. නිතර ආගමට දහමට නැඹුරුව කටයුතු කරන්න.
මීන
විදේශයෙන් ගෙන්වන දේ විකුණන හෝ විදේශිකයන් විසින් පවත්වාගෙන යන සේවා ස්ථානවල රැකියාව කරන අයට ඉතා සුබ වෙයි. නිතී ගරුකව රිය පැදවිය යුතුයි. නීති ප්‍රශ්න ඒමට ඉඩ ඇත. සාමාජශීලීව පොදු කටයුතුවල නිතර යොමු වෙන කාලයකි. නොයෙකුත් රෝගී තත්ත්ව ඇති විය හැකි කාලයකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ