වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඔබේ පසුම්බියට මුදල් ගලන කුබර් යන්තරය

කුබර් යන්ත්‍රය ලෝකයේ වඩාත් ජනප්‍රිය ධනවත්වීම සඳහා පලඳින්නකි. මෙය භාරතයේ මුලින්ම භාවිත වී ඇති බව පුරාණ හින්දු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. ධනය හා සමෘද්ධිය ළඟා කරගැනීමට හින්දු දෙවියෙකු වන කුබර් හා සම්බන්ධ වේ. මෙම යන්ත්‍රයට නමස්කාර කිරීමෙන් සහ භාවිත කිරීමෙන් කෙනකුගේ ධනය, බහුලත්වය හා සමෘද්ධිය, ආකර්ෂණය ළඟා කරගත හැකි බව විශ්වාස කරයි.
මෙම යන්ත්‍රය ලෝකයේ රටවල් ගණනාවකට භාවිත ගනියි. එසේ භාවිත කරන මේ යන්ත්‍රය සඳහා එම රටවලදී බැතිමතුන් එය හඳුන්වන නම වෙනස් වෙයි. මෙය ජපන් වැසියෝ හඳුන්වන්නේ ‘බිෂමත්‘ ලෙසිනි. ටිබෙට් වැසියෝ ‘නම් තෝ සේ‘ ලෙසින් ද වන්දනා කරති.
තවද චීන ජාතිකයින් ලතින් බුද්ධා නමින් ද වන්දනා කරයි. කුබර් යන්ත්‍රයේ තේරුම හා වටිනාකම හින්දි මිථ්‍යා කතාවල වැඩි වශයෙන්ම සඳහන්ව ඇත. දෙවිවරුන්ගේ භාණ්ඩාගාරික සහ යක්ෂයාගේ රජු ලෙස ද හඳුන්වන ‘කුබර්‘ දෙවියන් යන්නේ නිර්වචනය වන්නේ ධනය, සමෘද්ධිය සහ කීර්තියයි.
බොහෝ විට මෙම යන්ත්‍රය සඳහා වන්දනා කරන්නේ ව්‍යාපාරික ප්‍රජාවයි. එයින් ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ගෙන දෙන බව විශ්වාස කරයි. ඒ වගේම එය ධනය ආකර්ෂණය කර ගැනීමට සහ මූල්‍ය බාධක ඉවත් කිරීමට ප්‍රබල මෙවලමකි. කුබර් මන්ත්‍රය මෙනෙහි කිරීමෙන් කෙනකුගේ මුල්‍ය යහපැවැත්ම වැඩිදියුණු කර සමෘද්ධිමත් ජීවිතයක් අත්විඳිමට අවස්ථාව උදා කරයි.
මෙය ව්‍යාපාරික ස්ථානයට මෙන්ම නිවෙස ද වාසනාව කැන්දයි. එයින් නිවෙසේ පවතින බාධක ඉවත්කර නිවැසියන්ගේ සාර්ථකත්වයේ දොරටු විවෘත කරනු ලබන බව විශ්වාස කරයි. මෙම යන්ත්‍රයේ ආශීර්වාදයෙන් කෙනකුගේ සමෘද්ධිමත් බව සහ නීරෝගි ජීවිතයක් නිර්මාණය කළ හැකි වෙයි. මෙම යන්ත්‍රය පැලඳීම හෝ ළඟ තබා ගැනීමෙන් ඔබගේ ජීවිතයට ඇති කරන බලපෑම ගැන ප්‍රාෙයා්ගිකව අත්විඳීම සඳහා අවස්ථාව උදා කරයි. එසේම මෙම යන්ත්‍රය ව්‍යාපාරික ස්ථානයක තම මූල්‍ය ගනුදෙනු සිදුවන ස්ථානයේ තබා වන්දනා කිරීමෙන් මූල්‍ය කටයුතු දියුණුවීම පමණක් නොව නව ගනුදෙනුකරුගේ ආකර්ෂණයට ද ධනාත්මක ශක්තියක් නිර්මාණය කරයි. එසේම එම ව්‍යාපාරික ස්ථානයේ ව්‍යාපාරවලට ඇති බාධාවන් ද අභියෝග ජය ගැනීමට ද උපකාරි වෙයි.
මෙම යන්ත්‍රයෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නිසි අයුුරින් ඒ සඳහා වන්දනා කිරීම හා එය පිරිසුදු කිරීම ද විශාල ආශිර්වාදයකි. මෙම යන්ත්‍රය නිවෙසක හෝ් ව්‍යාපාරික ස්ථානයක තැන්පත් කර ඇත් නම් එය පිරිසුදු ජලයේ සහ කිරිවලින් සෝදා වියළා පිස දැමීම සතියකට වරක්වත් සිදු කරන්න. මෙම යන්ත්‍රය ධනාත්මක ශක්තිය සක්‍රිය කිරිම සඳහා කුබර් මන්ත්‍රය ජප කිරීම හෝ සරල පූජාවක් පැවැත්වීම සිඳුකළ හැකි වෙයි.
මෙම යන්ත්‍රය තැබීමට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට හෝ වැඩිබිමක නැත්නම් නිවෙසේ පිරිසුදු ස්ථානයක් තෝරාගන්න. ව්‍යාපාරික ස්ථානයක් නම් මූල්‍ය කටයුතු සිදු කරන කවුන්ටරය ඉදිරිපස එයට වඩාත් සුබ වේ. එය තැන්පත් කිරීමේදී පිරිසුදු රෙද්දක් මත තබන්න.
මෙම කුබර් දෙවියන් සහිත යන්ත්‍රයක් ඔබගේ පසුම්බිය තුළ තබා ගැනීමට හැකි නම් එය ධනය ලබා ගැනීමට හා ලැබෙන මුදල් ඉතිරි කර ගැනිමට ආශීර්වාදයකි. එයින් පසුම්බිය මුදල් ඉතිරි කරයි. එසේම නොසිතන ලෙසින් තම අතට මුදල් ලැබෙයි. මෙලෙසින් කුබර් දෙවියන් වන්දනා කිරීමට ආකර්ෂණ කිරීමටත් නිම වූ යන්ත්‍ර මන්ත්‍ර විශාල ප්‍රමාණයක් තිබේ. ඒ අතරින් ප්‍රධාන නමස්කාර මන්ත්‍ර දෙකක් ඇත. අප එම මන්ත්‍ර දෙක ඉදිරිපත් කරමු. එම මන්ත්‍ර සජ්ඡායනය කළ යුත්තේ දිනපතා බුදුන් වන්දනා කිරීමෙන් පසුවය. කුබර් දෙවියන්ට පින් අනුමෝදන් කර ඉහත යන්ත්‍ර මන්ත්‍රය කිහිප වරක් හඬ නඟා ගායනා කරන්න. එයින් ඔබට ධනය සැප සම්පත්වලට අධිපති කුබර් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශීර්වාදය හිමිවනු ඇත.
මෙම යන්ත්‍රය ඔබට තඹ, රිදී හෝ රන් යන ඕනෑම තහඩුවක නිර්මාණය කර ගැනීමට හැකියාව තිබේ. මෙය නියම ජ්‍යාමිතික හැඩයට අනුව නිර්මාණය කර ගැනීම සඳහා දක්ෂ ජ්‍යොතිර්වෙදයකුගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගැනීම වඩාත් සුදුසුය. මෙය තම මුදල් පසුම්බිය තබා ගැනිමට සකස් කර ගන්නේ නම් එය තරමක් කුඩා ප්‍රමාණයේ හැඳුනුම්පතක් ප්‍රමාණයට නිර්මාණය කර ගන්න. මෙම යන්ත්‍රය පැලඳීම හා ළඟ තබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අප පෙර සඳහන් කළ ලෙසින් එය වන්දනා කිරීම ද ඉතා නිසි අයුරින් සිදු කරන්න.
එයින් ඔබට ධනය හා වාසනාව උදා කරන අතර මුදල් නොමැති අවස්ථාවකදී පවා නොසිතන ලෙසින් පසුම්බියට මුදල් හිමිවීමේ ශක්තියක් ලැබෙයි.
“ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍රවනාය
ධන ධාන්‍යාධිපතියේ ධන ධාන්‍ය සම්මෘද්ධිමේ
දේහි දේහි දාභය ස්වාහා
ඕම් ශ්‍රීම් ඕම් හ්රීම්
ශ්‍රීම් හ්රීම් ක්ලීම් ශ්‍රීම් ක්ලීම්
විත්තේශ්වරාය නමහා”
උපදෙස්
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී අංක විද්‍යා විශාරද
සුජීවා කරුණාරත්න