හස්ත රේඛාවෙන් කියවෙන ඔබේ වගතුග

හස්ත ලකුණෙන් කියවෙන ලග්න තොරතුරු
මාර්තු 17, 2025

පාණි තලයෙහි පිහිටි ඇඟිලිවලින් මහපටැඟිල්ල හැරුණුකොට ඇති අනෙක් ඇඟිලි සතරෙහි දොළොස් රාශිය සලකුණු වී ඇත. සමුද්‍රික ශාස්ත්‍රය අනුව මේ රාශිවල බලපෑම් ඉතා දීර්ඝව විවිධාකාර ලෙස දක්වා ඇති නමුදු අප මෙහිදී හැකි පමණ ලුහුඬින් ඒ පිළිබඳව තොරතුරු ඔබට ලබා දෙන්නෙමු. සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව සැබවින්ම මහා සමුද්‍රයක් වන් විස්තීර්ණ තොරතුරු රාශියකින් සුසැදුණු එකකි.

 

රූප සටහනේ දැක්වෙන ආකාරයට රාශි ආරම්භ වන්නේ දබරැඟිල්ලේ අග පුරුකෙනි. ඒ අනුව,

 

* දබරැඟිල්ලේ අග පුරුක මේෂ ද

මැද පුරුක වෘෂභ  ද

මුල පුරුක මිථුන ද වේ.

 

* මැදැඟිල්ලේ අග පුරුක ද මකර ද

මැද පුරක කුම්භ ද

මුල පුරුක මීන ද වේ.

 

* වෙදැඟිල්ලේ අග පුරක කටක ද

මැද පුරක සිංහ ද

මුල පුරුක කන්‍යා ද වේ.

 

* සුළැඟිල්ලේ අග පුරුක තුලා ද

මැද පුරුක වෘශ්චික ද

මුල පුරුක ධනු ද වේ.

 

හස්ත රේඛා පරීක්ෂාවකදී මෙම රාශිවලට සම්බන්ධ ඇඟිලි පුරුක් පරීක්ෂා කිරීමෙන් එම හස්තය හිමි පුද්ගලයාගේ ලග්නය සොයාගත හැකි වන්නේ එය සුවිශේෂ ලක්ෂණ සහිතව වැඩී තිබෙන හෙයිනි. එහෙත් සෑම හස්තයකම මෙම ලක්ෂණ මනාව නොවැඩේ. කෙසේ වුවද හස්තය හිමි අයගේ ලග්නය තීරණය කරගත් පසු ඒ අනුව අනෙක් පුරුක් හා පවතින සබඳතා සොයාගත හැකි වේ.

 

උදාහරණයක් ලෙස අත්ල හිමියා වෘශ්චික රාශියේ අයකු යැයි සිතමු. වෘශ්චික රාශියට අයත් වන්නේ සුළැඟිල්ලේ මැද පුරුකයි. වෘශ්චික රාශියේ උපන් අයගේ විවාහ තොරතුරු ඊට සප්තම වූ වෘෂභ රාශියෙන් දැක්වෙන බැවින් ඔබට වෘෂභ රාශියට අයත් ඇඟිලි පුරුක සොයාගත හැකි වේ. එය දබරැඟිල්ලේ දෙවන පුරුක බැව් පෙනේ. ඒ අනුව වෘශ්චික ලග්නයට අයත් මෙම අත්ල හිමියාගේ දබරැඟිල්ලෙහි දෙවැනි පුරුක පරීක්ෂා කිරීමෙන් විවාහය පිළිබඳ තොරතුරු ඔබට සොයා ගැනීමට අවස්ථාව හිමිවේ. අත්ලෙහි පවතින විශේෂ සලකුණු රේඛා, රටා වැනි දේ තුළින් ඔබට ඔහුගේ හෝ ඇයගේ විවාහය පිළිබඳ මනා ලෙස තොරතුරු සොයාගත හැකිවනු ඇත. එසේම මෙම අත්ල හිමි වෘශ්චික ලග්න හිමියාට සම්බන්ධ අනෙක් රාශිවලට අයත් පුරුක් තෝරාබේරා ගැනීමෙන් ඔබට බොහෝ තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇත.

 

ලග්න හිමියා වෘශ්චික වූ බැවින්

 

* රැකියාව පිළිබඳ සෙවීමට

සිංහ රාශිය

හෙවත් වෙදැඟිල්ලේ

මැද පුරුක ද

* මව, ගේ දොර, ඉඩකඩම්

පිළිබඳ සෙවීමට

කුම්භ රාශිය හෙවත්

මැදැඟිල්ලේ

මැද පුරුක ද

* ලැබීම් පිළිබඳ සෙවීමට

කන්‍යා රාශිය හෙවත්

වෙදැඟිල්ලේ මුල් පුරුක ද

* පුත්‍ර ලාභ සෙවීමට

මීන රාශිය හෙවත්

දබරැිඟිල්ලේ මුල් පුරුක ද

යනාදී වශයෙන් පරීක්ෂා

කිරීමට පිළිවන.

 

ඒ අනුව අනෙක් ලග්න ආශ්‍රයෙන් ඇඟිලි පුරුක් පරීක්ෂා කිරීමේදී,

 

1. මේෂ ලග්නයේ නම්, 

 

රැකියාව පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ අග

පුරුක ද මව, ගේ දොර,

ඉඩකඩම් ගැන සෙවීමට -

වෙදැඟිල්ලේ අග පුරුක ද

ධනය පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ මැද පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

වෙදැඟිල්ලේ මැද පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

සුළැඟිල්ලේ අග

පුරුක ද පරීක්ෂා කළ යුතු වේ.

 

2. වෘෂභ ලග්නයේ නම්,

 

රැකියාව පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ මැද පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

වෙදැඟිල්ලේ මැද පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

මැදැඟිල්ලේ මුල් පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

වෙදැඟිල්ලේ මුල් පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

සුළැඟිල්ලේ මැද පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

3. මිථුන ලග්නයේ නම්,

 

රැකියාව පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ මුල් පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

වෙදැඟිල්ලේ මුල් පුරුක ද

ධනය පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ අග පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

වෙදැඟිල්ලේ මුල් අග පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

සුළැඟිල්ලේ මුල් පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

4. කටක ලග්නයේ නම්,

 

රැකියාව පිළිබඳ සෙවීමට -

දබරැඟිල්ලේ අග පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

සුළැඟිල්ලේ අග පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

දබරැඟිල්ලේ මැද පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

සුළැඟිල්ලේ මැද පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ අග පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

5. සිංහ ලග්නයේ නම්,

 

රැකියාව පිළිබඳ සෙවීමට -

දබරැඟිල්ලේ මැද පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

සුළැඟිල්ලේ මැද පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

දබරැඟිල්ලේ මුල් පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

සුළැඟිල්ලේ මුල් පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ මැද පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

6. කන්‍යා ලග්නයේ නම්,

 

රැකියාව පිළිබඳ සෙවීමට -

දබරැඟිල්ලේ මුල් පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන සෙවීමට -

සුළැඟිල්ලේ මුල් පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

දබරැඟිල්ලේ අග පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

සුළැඟිල්ලේ අග පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

මැදැඟිල්ලේ මුල් පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

7. තුලා ලග්නයේ නම්,

රැකියාව පිළිබඳ සෙවීමට -

වෙදැඟිල්ලේ අග පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන සෙවීමට -

මැදැඟිල්ලේ අග පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

වෙදැඟිල්ලේ අග පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

මැදැඟිල්ලේ මුල් පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

දබරැඟිල්ලේ මුල් පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

8. වාශ්චික ලග්නය පිළිබඳ

මීට පෙර දැක්වූයෙමු.

 

9. ධනු ලග්නයේ නම්,

රැකියාව පිළිබඳ සෙවීමට -

වෙදැඟිල්ලේ මුල් පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම්

ගැන සෙවීමට -

වෙදැඟිල්ලේ මැද පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

සුළැඟිල්ලේ අග පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

දබරැඟිල්ලේ අග පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

දබරැඟිල්ලේ මුල් පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

10. මකර ලග්නයේ නම්,

රැකියාව පිළිබඳ සෙවීමට -

සුළැඟිල්ලේ අග පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

දබරැඟිල්ලේ අග පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

සුළැඟිල්ලේ මැද පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

දබරැඟිල්ලේ මැද අග පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

වෙදැඟිල්ලේ අග පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

11. කුම්භ ලග්නයේ නම්,

රැකියාව පිළිබඳ සෙවීමට -

සුළැඟිල්ලේ මැද පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

දබරැඟිල්ලේ මැද පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

සුළැඟිල්ලේ මුල් පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

දබරැඟිල්ලේ මුල් පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

වෙදැඟිල්ලේ මැද පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

12. අත්ල හිමියා

මීන ලග්නයේ නම්,

රැකියාව පිළිබඳ සෙවීමට -

සුළැඟිල්ලේ මුල් පුරුක ද

මව, ගේ දොර, ඉඩකඩම් ගැන

සෙවීමට -

දබරැඟිල්ලේ මුල් පුරුක ද

ධනය පිළිබඳව සෙවීමට -

මැදැඟිල්ලේ අග පුරුක ද

පුත්‍රලාභ සෙවීමට -

දබරැඟිල්ලේ මැද අග පුරුක ද

විවාහය පිළිබඳ සෙවීමට -

වෙදැඟිල්ලේ අග පුරුක ද

පරීක්ෂා කළ යුතු වේ.

 

මෙම පුරුක් මත සටහන් වී අැති විවිධ වූ සලකුණු උපයෝගී කොට ගනිමින් අත්ල හිමියාගේ අනාගත තත්ත්වය පිළිබඳ මනා විමර්ශනයක් කළ හැකි බව භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රයේ ගෙනහැර දැක්වෙයි. එම සලකුණු ඉතා සියුම්ව නිරීක්ෂණය කළ යුතු වන අතර, ඉනික්බිති ඉන් ගම්‍යවන සාධකයන් අත්ලේ රේඛාවලින් දැක්වෙන සාධක සමඟ සසඳා බලා නිගමනවලට එළැඹිය යුතු බව අවධාරණය කොට දැක්විය යුතු වේ. ඇඟිලි පුරුක් මත පිහිටි ලප, කැළැල් සහ සුවිශේෂ සලකුණු පරීක්ෂා කිරීමෙන් අත්ල හිමියාගේ අපල, මාරක, සුවිශේෂ ජයග්‍රහණ, ධනලාභ වැනි සුබා සුබ ඔබට හඳුනා ගැනීමට හැකිවන අතර මෙය මනාව හඳුනා ගැනීමට හැකිවන්නේ සූක්ෂ්ම ලෙස පරීක්ෂා කිරීමෙනුත්, දිගින් දිගටම භාවිත කිරීමෙනුත් බව අප අත්දැකීමෙන්ම දනිමු.

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිනී
නිරංගා බාලසූරිය

 

රූ රටා - නිලක්ෂි ආරියරත්න

[email protected]