වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අප්‍රේල් 21 සිට අප්‍රේල් 27 දක්වා

මීන ලග්න හිමියන් මානසික පීඩාවෙන් තරමක් නිදහස් වෙයි.
සිංහ ලග්න හිමියන්ට ධනය නිකරුණේ වියදම් වෙයි
මේෂ
වැඩ වැඩිවන කාලයක්. රාජකාරි මට්ටමෙන් වගකීම් රාශියක් ඇති වේ. ගෘහ ජීවිතයේ සිතේ සැනසුම නැති කරයි. අධික කේන්ති යෑම් ඇති වෙයි. ලේවල දෝෂ සහිත ලෙඩ රෝග බහුල වෙයි.
වෘෂභ
ලැබීම දියුණුව ඇති වෙයි. මිල මුදල් ඉතිිිරි කරගත හැකි වෙයි. දැඩි තීන්දු තීරණවලට යන කාල සීමාවකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාලයකි. ශරීර අප්‍රාණිකතා අැතිවිය හැකියි.
මිථුන
රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන අත්විඳගත හැකි වෙයි. රැකියා මාරුවක් ද අලුත් ස්ථානයක් ද ලැබෙන කාලයකි. නව ව්‍යාපාරවලට ද ඉතා සුබයි. හදිසි අනතුරු, වැටීමී, තුවාල වීම් ඇතිවිය හැකියි.
කටක
අතමිට සරු වුවත් ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකි කාලයකි. වියදම් නිකරුණේ ඇති වෙයි. ඥාතීන්ගේ අප්‍රසාදයට ලක්වෙයි. දරුවන් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. කලින් පැවති රෝග පීඩා හොඳ ෙව්.
සිංහ
ප්‍රේම සබඳතා බිඳවැටෙයි. ගෘහ ජිවිතය ද අවුල්සහගත වෙයි. ධනය නිකරුණේ වියදම් වෙයි. රැකියාවේ දියුණුවක්, වගකීම් වැඩි වී එපා වීම් ඇති වෙයි. හදිසි රෝග පීඩා මතු කරයි.
කන්‍යා
සිතේ සතුට උපදින කාලයකි. අනෙකුත් අය කෙරෙහි උදව් උපකාර කරන හැමෝගෙම සිත් දිනාගන්නා කාලයක් වෙයි. ලැබීමට දියුණුවට නව ව්‍යාපාර දේපොළ වාහන ලැබීමේ භාග්‍ය ඇත. හන්දිපත් වේදනා, අස්ථි සම්බන්ධ ගැටලු මතුවෙයි.
තුලා
ළඟින් ඉන්නා අයගෙන් ප්‍රවේසම් වන්න. නිතර වැරදිකරුවෙකු වීමට ඉඩ ඇත. වංචාසහගත අයට හසුවිය හැකිය. හවුල් ව්‍යාපාර පාඩු ඇති වෙයි. උදරාබාධ ආහාර අජීර්ණතා අැතිවිය හැකිය.
වෘශ්චික
රැකියාවේ වෙනසක් ව්‍යාපාරයේ දියුණුවක්, විදේශගත වීම් ස්ථිර වන කාලයකි. අධ්‍යාපනය කරන අයට ඉතා සුබ වෙයි. තරග විභාගවලින් ජය අත්වෙයි. ජීවිතේ දීර්ඝ කාලයක් තිබූ සැලසුම් සාර්ථක වෙයි. ලෙඩ දුක් සුව වන කාලයකි.
ධනු
අන්‍යයන්ගේ දුකට පිහිටවන කාටත් උදව් උපකාර කරන කාලයකි. අලංකාර දේවල්වලට සිත යොමු වෙයි. මවු පාර්ශ්වයෙන් උදව් උපකාර හිමිවෙයි. සුළු අනතුරුවලට මුහුණ දීමට වෙයි.
මකර
හිතේ ශක්තිය අඩුවෙයි. කාගේත් නින්දා, අපහාසවලට හසුවෙයි. මංගල යෝග උදාවෙයි. විවාහ ජීවිතය සාර්ථක වන කාලයකි. ගෙදර දොර ප්‍රීතිය රැඳෙන කාලයකි. ගර්භාෂ ගත උදරගත රෝග ඇතිවිය හැකියි. වටිනා දේ ලැබෙන කාලයකි.
කුම්භ
ධනය ලැබීමට, ඉතිරි කිරීමට හැකි කාලයකි. වියදම් තිබුණ ද සිතා බලා ඉතිරි කරගත හැකි වෙයි. හවුල් ව්‍යාපාර හෝ රැකියාවට උදව් කරන හවුල් කාරයින්ගෙන් ලාභ ප්‍රයෝජන ඇති වෙයි. සුළු සුළු මානසික චිත්ත පීඩා ඇතිවිය හැකි වෙයි.
මීන
මානසික පීඩාවෙන් තරමක් නිදහස් වෙයි. අලංකාර දේට හිත යොමු වෙයි. අන්‍යයන්ගේ ප්‍රශංසාවට ලක්වෙයි. කාගෙත් උදව් පදව් ලැබෙන කාලයකි. අධ්‍යාපනයට බාධා ගෙන දෙයි. ඒරාෂ්ටක කාලයක් බැවින් නිතර විමසිල්ලෙන් කටයුත කළ යුතු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ