ස්මාර්ට් ලෝකයට නව ගැජට් සහ ඇප්ස්

ජූලි 31, 2019

වර්තමානය වනවිට අපගේ ශරීරයේ කොටසක් යැයි සිතෙනා තරමටම මිනිස් ජීවිතයට සමීපව ඇති ස්මාර්ට්ෆෝනය ප්‍රමාණයෙන් වඩ වඩාත් හුරුබුහුටි වීමත්, ප්‍රබලත්වයෙන් වඩ වඩාත් දියුණුවීමත් නිසා එය නිරන්තරයෙන් පරිණාමය වන දෙයක් කියා කිව හැකියි.

ඒ නිසයි දිනෙන් දින දියුණු වන තාක්ෂණය පිළිබඳ අප නිරන්තරව අධ්‍යයනය කළ යුතු වන්නේ.

Google Transit  සේවාව ළඟදීම

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් google transit   විශේෂාංගය මෙරටට හඳුන්වා දීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට  Google traffi යන විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහන සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි.

 

 

2019/07/31 තරුණි බලන්න