වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
සාරියට ගැළපෙන්නරටා යෙදූ කේක් එකක්

මනාලියගේ සාරියට ගැළපෙන ලෙසින් සැකසූ කේක් නිර්මාණයකි.
මේ සඳහා අඟල් 6×4, 10×4, 14×4, 18×4 ප්‍රමාණයේ රවුම් ඩමි යොදාගෙන තිබේ. ඉන්පසු එම ඩමි සියල්ල අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. පසුව ඡායාරූපයේ දැක්වෙන පරිදි ඩමි හතරෙහි තැනින් තැනට නොම්බර 2 නොසලයෙන් ගෝල්ඩ් පාට රෝයල් අයිසිංවලින් මනාලියගේ සාරියේ ඇති මෝස්තරයේ ආකාරයට නිර්මාණයක් කරගෙන තිබේ. රත්තරන් පාට ලොකු රෝස මල් සහ හයිඩ්‍රෙන්ජියා මල් මඟින් මෙම කේක් එක හැඩකරගෙන තිබේ.
උපදෙස් හා කේක් නිර්මාණ
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී
ඔරෙන්සි සිරිවර්ධන
2020/06/17 තරුණි පුවත්පත බලන්න.