වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ළඟ ළඟ එන සිංහල අවුරුද්දට දිව පිනවන අච්චාරු
ශ්‍රී ලාංකිකයෝ කියන්නෙම ඇඹුල් රස, ලුණු රස, සැර ගතිය, පැණි රස, තිත්ත රස... මේ හැම රසකටම දිව නැමෙන උදවිය. අපිටම ආවේණික කෑම වර්ග ගණනාවක් ම තියෙන්නේ ඒ නිසයි. අතේ හුරුවට පදමට ලුණු ඇඹුල් එකතු කරලා, ඇයි ඒ විතරක්ද ඉතාම ඕනෑකමින්නේ උයන්නේ. ඒ හින්දා ආදරයත් ඊට එකතු කරන්න කිසිම ලෝබකමක් නැහැ. කෑම පිසීම කියන්නෙම කලාවක්. ආහාර සංස්කෘතියක් බිහිව ඇත්තේ එතැනින්.
ඉතිං මේ හැමදේම කැටි වුණ ශ්‍රී ලාංකික අපේ කෑම වර්ගයක් තමයි අච්චාරු.
උත්සවශ්‍රීයක් ගෙනෙන ඕනෑම තැනක අනිවාර්යයෙන් ම අච්චාරුවකුත් ඇති. මේ අච්චාරු කලින්ම හදලා තියාගන්න නිසා කෑම මේසයට එකතු කරන දවසට හොඳින් පදම් වෙලා තිබේවි. අසනීපවෙලා කෑම අප්පිරියාවක් තිබුණත් අච්චාරු ටිකක් දිවේ ගෑවෙද්දිම කෑම අප්පිරියාව කොහෙන් ගියාද දන්නෙ නැහැ කියලා හිතේවි.
අච්චාරු හදද්දි මැටි වළඳක් භාවිත කිරීම හරිම වැදගත්. මොකද විනාකිරි එකතු කරන නිසා විවිධ අසාත්මිකතා මතුවෙන්න පුළුවන්.
අච්චාරු කිව්වම මුලින්ම මතකයට එන්නේ අපේ සිංහල අච්චාරුව. ඒ හැරුණම මැලේ අච්චාරුවත් අපි අතර ජනප්‍රියයි. මීට අමතර තවත් නොයෙකුත් අච්චාරු වර්ග තියෙනවා. කෑම පිසීම කලාවක් කරගත්තු කෙනකුගේ අතින් පිළියෙලවන අච්චාරුවෙන් වෑහෙන රසය මතක් වෙද්දි කටට කෙළත් උනනවා නේ...
ළඟ එන සිංහල අවුරුද්දේ දී අච්චාරු එකක් හෝ කිහිපයක් නොහදා කොහොමද?
ඉදිරිපත් කිරීම - ප්‍රවීණ සූපවේදිනී
නදී අමරසිංහ
සිංහල අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
රතු ලූනූ ග්‍රෑම් 250 ක්
අබ කුඩු තේ හැඳි 1 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
කැරට් ග්‍රෑම් 50 ක් ( සිහින්ව කපා)
අමුමිරිස් ග්‍රෑම් 50 ක් (වෙන් නොවන සේ දෙකට පලා ගත්)
ගස්ලබු ගැටයක් (පොතු හැර සිහින්ව කපා)
මුරුංගා පොතු කැබැල්ලක් (අඹරා ගත්)
විනාකිරි කෝප්ප 1 /2 ක්
සීනී මේස හැඳි 1 /2 ක්
ලුණු
සාදන ආකාරය :
අබ, විනාකිරි, සීනි, ගම්මිරිස්, කහ කුඩු, මුරුංගා පොතු හා ලුණු දමා ළිප තබා උතුරවා ගන්කැබැල්ල
2)මිශ්‍රණය නිවා රතු ලූනූ, කැරට්, අමුමිරිස් හා ගස්ලබු කැබැලි එක්කර ගන්න.
********************
කැරට් අච්චාරු
කැරට් ග්‍රෑම් 150 ක්
අමුමිරිස් ග්‍රෑම් 100 ක්
ඉඟුරු කැබැල්ලක් ( සිහින් තීරු කපා)
අබ කුඩු මේස හැඳි 1 ක්
විනාකිරි ග්‍රෑම් 10 ක්
තෙල් තේ හැඳි 1 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
මිරිස් කුඩු මේස හැඳි 1 ක්
සිනී තේ හැඳි 1 ක්
රස අනුව ලුණු
1) කැරට් සෝදා දිග කැබැලි කපා ගන්න.අමුමිරිස් වෙන් නොවන සේ දෙකට පලා ගන්න.
2) තෙල්,අබ කුඩු ,කහ කුඩු ,මිරිස් කුඩු ,සීනී,විනාකිරි හා
රස අනුව ලුණු භාජනයකට දමා රත් කර ගන්න.
3) දැන් එයට කැරට් ,අමුමිරිස් හා ඉඟුරු මිශ්‍රකර නිවා ගන්න .
*************************
මිශ්‍ර අච්චාරු
කැරට් ග්‍රෑම් 50 ක්
මල් ගෝවා ග්‍රෑම් 50 ක්
සැල්දිරි ග්‍රෑම් 50 ක්
සුදු ලූනූ බික් 7,8 ක්
අමුමිරිස් කරල් 5,6 ක්
විනාකිරි කෝප්ප 1 ක්
වතුර කෝප්ප 1 ක්
සීනී මේස හැඳි 1 ක්
ලුණු
බේ කොළ 2 ක්
කරාබු නැටි 3,4 ක්
අබ ඇට ස්වල්පයක්
1) වතුර ,විනාකිරි ,බේ කොළ, කරාබු නැටි හා අබ භාජනයකට දමා හොඳින් උතුරවා ගන්න .
2) දැන් එළවළු එක්කර හොඳින් මිශ්‍ර කර බෝතලයක අසුරා ගන්න.
--------------------
පොළොස් අච්චාරු
ඇඹුල් පොළොසයකට ගැළපෙන පොළොස් ගෙඩියක්
අඹරා ගත් අබ තේ හැඳි 2 ක්
සුදු ලූනූ ලොකු ගෙඩි දෙකක් (බික් ගලවා ගෙන)
ඉඟුරු ග්‍රෑම් 25 ක්
විනාකිරි මේස හැඳි තුනක්
ගම්මිරිස් තේ හැඳි 4 ක්
සීනි තේ හැඳි තුනක්
01. ඇඹුලට ගැළපෙන පොළොස් ගෙඩියක් අරගෙන එය දිග අඟල් එකක සහ අඟල් බාගයක පළලට තීරු කපා ගන්න.
02. දැන් කහ සහ ලුණු වතුර ළිප තබා ගෙන කපා ගත් පොළොස් කැබැලි තම්බා ගන්න.
03. අබ, සුදු ලූනූ, ඉඟුරු, විනාකිරි, ගම්මිරිස් සහ සීනි එකට මිශ්‍ර කරගෙන මුලින් තම්බා ගත් පොළොස් කැබලි මේ මිශ්‍රණයේ දමා හොඳින් කලවම් කරන්න.
04. බෝතලයක අසුරන්න. එය සුළං නොවදින සේ තබා ගැනීම වැදගත්. සුළං නොවැදෙන සේ තබා ගත්තොත් සති කීපයක්ම කල් තියාගන්න පුළුවන්.
05. කැමති නම් කොච්චි කරල් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි කොච්චි කරල් ටික විනාකිරි ටිකක් ළිපේ තියලා විනාකිරි එකේ විනාඩියක් විතර තම්බලා ගන්න. ඒක කෙලින්ම පහේ ටිකට පොළොස් මිශ්‍ර කරන වෙලාවටම එකතු කරන්න.
****************
ලෙමන් අච්චාරු
ලෙමන් ග්‍රෑම් 250 ක්
මිරිස් කුඩු මේස හැඳි 1 ක්
කහ කුඩු තේ හැඳි 1 /2 ක්
සීනී මේස හැඳි 1 ක්
විනාකිරි මේස හැඳි 1 ක්
ලුණු තේ හැඳි 1 ක්
1) ලෙමන් හොඳින් සෝදා වෙන් නොවන සේ ලෙමන් හතරකට පලා ගන්න.
2) පලා ගත් ලෙමන් මැටි වළඳක දමා තම්බා ගන්න.
3) ලෙමන් තැම්බීගෙන එද්දී අනෙක් කළමනා සියල්ල එක්කර හොඳින් මිශ්‍ර කර ලෙමන් තම්බා ගන්න .
4) නිවුණු පසු බෝතල්වල අසුරා ගන්න.
***************
අඹ අච්චාරු
පැසුණු අඹ ග්‍රෑම් 300 ක්
විනාකිරි කෝප්ප 1/2 ක්
සීනී ග්‍රෑම් 50 ක්
කහ තේ හැඳි 1 /4 ක්
මිරිස් කුඩු මේස හැඳි 2 ක්
සුදු ලූනූ පේස්ට් තේ හැඳි 1 ක්
ඉඟුරු පේස්ට් තේ හැඳි 1 ක්
අබ කුඩු තේ හැඳි 1 /2 ක්
රස අනුව ලුණු
1) අඹ ගෙඩිය සෝදා කැබලි කපා ඇට ඉවත් කර ගන්න.
2) මැටි භාජනයකට අඹ හැර අනෙකුත් සියල්ල දමා ළිප තබා උතුරවා ගන්න .
3) හොඳින් උතුරවා ගත් පසු අඹ කැබලි එක්කර පිස ගන්න .