කොස්වලින් හදන අරුම පුදුම කෑම

ජූලි 11, 2022

 

‘කොස්, කොස්,‘ කොයිතරම් කෑවත් එපා වෙන්නේ නෑ නේද? ඒ වගේ තමයි කොස්වලින් සකසන රස කෑමත් බොහොමයි. පසුගිය කාලයේ එවැනි ආහාර වට්ටෝරු බොහොමයක්ම ඔබට තිළිණ කළා. ඒත් ඉවරයක් නැති වෙන්නම කොස්වලින් හදන කෑම විවිධයි. එවැනි කොස්වලින් හදන අරුම පුදුම කෑම කිහිපයක් මෙලෙස ගෙන එනවා.

 

උපදෙස් හා ඡායාරූප

සූපවේදිනී

දිවානි වැලිතරගේ

 

 

කොස් තෝසේ

 

හොඳින් බ්ලෙන්ඩ් කරගත් කොස් පල්ප් කෝප්ප 1ක්

හාල් පිටි කෝප්ප 1ක්

පාන් පිටි කෝප්ප 1/4ක් (අවශ්‍ය නම් පමණක්)

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

ලුණු රස අනුව

වතුර

 

 

වතුර හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල හොඳින් කලවම් කරන්න. ඉන්පසු වතුර ටිකෙන් ටික එකතුකරමින් තෝසේ පදමට මිශ්‍රණය සාදාගන්න. පැය භාගයක් පමණ පිපෙන්න තබන්න. ඉන්පසු තෝසේ සාදන ආකාරයට සාදා කෑමට ගන්න.

 

සීනි දැවටූ කොස්

 

පැසුණු කොස් මදුළු

ලුණු

සීනි

ජලය

පොල් තෙල්

 

 

කොස් මදුළු පිරිසුදු කර දිගැටි තීරු ලෙස කපා ගැඹුරු තෙලේ බැදගන්න. සීනි සහ වතුර එකතුකර පැණි සාදාගන්න. ලුණු කුඩු ස්වල්පයක් එක්කරන්න. පැණි ටික හොඳින් උකුවීගෙන එන විට එයට බැදගත් කොස් එකතුකර හොඳින් මිශ්‍රකරන්න. නිවුණු පසු කෑමට ගන්න

 කොස් මෆින්

 

හොඳින් පැසුණු කොස්

මදුළුවලින් සාදාගත් කොස්

පල්ප් කෝප්ප 1ක්

පිටි කෝප්ප 1ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

බේකිං සෝඩා තේ හැදි 1/4ක්

බිත්තර 2ක්

ලුණු ස්වල්පයක්

තෙල් කෝප්ප 1/2ක්

වැනිලා තේ හැඳි 1ක්

කිරි කෝප්ප 1/2ක්

සීනි කෝප්ප 3/4ක්

 

 

 

 

පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා එකට මිශ්‍රකර හොඳට හලාගන්න. සීනි දිය වෙනතුරු බිත්තර හා සීනි හොඳින් බීට් කරන්න. කොස් පල්ප් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. වැනිලා එකතු කරන්න. පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතුකර ස්පතුලා (spatula) එකකින් පෙරලමින් මිශ්‍රකරන්න. සාදාගත් මිශ්‍රණය මෆින් ට්‍රේ එකට දමා සෙල්සියස් අංශක 180ට පෙර රත් කරගත් අවන් එකකට දමා විනාඩි 35-40ක් පමණ බේක් කරගන්න

 

කොස් කේක්

හොඳින් පැසුණු කොස්

මදුළුවලින් සාදාගත් කොස්

පල්ප් කෝප්ප 1ක්

පිටි කෝප්ප 1ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

බේකිං සෝඩා තේ හැඳි 1/4ක්

බිත්තර 2ක්

ලුණු ස්වල්පයක්

තෙල් කෝප්ප 1/2ක්

වැනිලා තේ හැඳි 1ක්

කිරි කෝප්ප 1/2ක්

සීනි කෝප්ප 3/4ක්

 

 

 

පිටි, බේකිං පවුඩර් , බේකිං සෝඩා එකට මිශ්‍රකර හොඳට හලාගන්න. සීනි දිය වෙනතුරු බිත්තර හා සීනි හොඳින් බීට් කරන්න. කොස් පල්ප් එකතුකර හොදින් කලවම් කරන්න. වැනිලා එකතුකරන්න. පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතුකර පත්තකින් මිශ්‍රකරන්න. තැටියකට දමා සෙල්සියස් අංශක 180 ට පෙර රත් කරගත් අවන් එකක විනාඩි 35-40ක් පමණ බේක් කරගන්න.

 

 

 කොස් ඉඩ්ලි

බ්ලෙන්ඩ් කරගත් කොස් මදුළු කෝප්ප 1ක්

හාල් පිටි කෝප්ප 1ක්

ඊස්ට් තේ හැඳි 1ක්

සීනී මේස හැඳි 2ක්

වතුර

 

 

ඉහත සියලුම ද්‍රව්‍ය හොදින් මිශ්‍රකර වතුර ටිකෙන් ටික එකතුකර උකු මිශ්‍රණයක් සාදාගන්න. පැය 2-3ක් පිපෙන්නට හැර ඉඩ්ලි තැටියකට දමා හුමාලයෙන් තම්බාගන්න.