වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
කිරට කොට්ටම්බා

* කොට්ටම්බා මද 40ක් පමණ
* උළුහාල් තේ හැඳි 01ක්
* අමු තුනපහ තේ හැඳි 01ක්
* ගම්මිරිස් තේ හැඳි 01ක්
* කහ කුඩු
තේ හැඳි 1/4ක්
* ගොරකා බික් 2ක්
* කුරුඳු පොතු කැබැල්ලක්
* රතු ලූනු ගෙඩි 04ක්
* රම්පෙ සහ කරපිංචා
* පොල් කිරි කෝප්ප 2ක්
* අබ ක්‍රීම් තේ හැඳි 01ක්
* අමු මිරිස් කරල් 2ක්
* ලුණු ස්වල්පයක්
* කොට්ටම්බා මද සෝදා ගෙන බඳුනකට දමා එයට තුනපහ, කහ, සුදුලූනූ, උළුහාල්, කුරුඳු පොතු, කරපිංචා, රම්පේ, ගම්මිරිස්, අමු මිරිස් දමා හොඳින් කලවම් කරන්න.
* එයට පොල් කිරි කෝප්පයක් දමා මඳ ගින්නේ මඳක් තැම්බීමට තබන්න.
* ඉන්පසු එම මිශ්‍රණයට ලුණු, ගොරකා, අබ ක්‍රීම් යොදා අනෙක් පොල් කිරි කෝප්පයත් එක්කර කලවම්කර නැවතත් හොඳින් තැම්බෙන තෙක් තබා ළිපෙන් බා ගන්න.
------------------------
කුරුම්බා ලොඳ වෑංජනය
* උලුප්පා ගත් කුරුම්බා ලොඳ ගෙඩියක්
* මිරිස් කුඩු තේ හැඳි 01ක්
* තුනපහ තේ හැඳි 01ක්
* කහ කුඩු
තේ හැඳි 1/4ක්
* තළාගත් ඉඟුරු, සුදුලූනු
* ගොරකා බික් 2ක්
* කුරුඳු පොතු කැබැල්ලක්
* අමු මිරිස් කරල් 2ක්
* ලොකු ලූනු ගෙඩි 01ක්
* පොල් කිරි කෝප්පයයි
* පොල් තෙල් ස්වල්පයක්
* රම්පේ, කරපිංචා
* ලුණු ස්වල්පයක්
* ගම්මිරිස් තේ හැඳි 01ක්
* වතුර කෝප්පයක්
* භාජනයක් ළිප තබා පොල් තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට සුදු ලූනූ, ඉගුරු, රම්පේ කරපිංචා, ලූනු යොදා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
* ඉන්පසු එයට මිරිස්කුඩු, තුනපහ, කහ යොදා රන්වන් පැහැවන තුරු බැදගන්න.
* එයට වතුර කෝප්පයක් දමා කුරුම්බා ලොඳ , ගොරකා එකතු කර හොඳින් මඳ ගින්නේ තැම්බීමට තබන්න. (වතුර හිෙඳනතුරු)
* හොඳින් තැම්බුණු පසු පොල් කිරි, ගම්මිරිස්, ලුණු එක්කර විනාඩි 5ක් පමණ ළිප තබා කෑමට ගන්න.
----------------------------------
හීන්බෝවිටියා දෙහි ඇඹුල
* හීන් බෝවිටියා දලු මිටක්
* රතුලූනූ ගෙඩි 05ක්
* දෙහි බාගයක්
* ලුණු ස්වල්පයක්
* පොල් මිටක්
* පුච්චාගත් වියළි මිරිස් කරල් 02ක්
* ගම්මිරිස් තේ හැඳි 1/2ක්
* හීන් බෝවිටියා කොළ වෙන් වෙන්කර සෝදා නටන උණු වතුර දමා විනාඩි 5ක් පමණ වසා තබන්න.
*ඉන්පසු වතුර පෙරා මේ හීන් බෝවිටියා කොළ සිහින්ව කපා ගන්න.
* එයටම රතුලූනූ, දෙහි, පොල්, වියළි මිරිස්, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රවන සේ කලවම්කර කෑමට ගන්න.