වර්ෂ 2024 ක්වූ July 22 වැනිදා Monday
තේ වෙලාවට කදිම ඉතුරුම් බත් අග්ගලා
![](https://www.tharunie.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/13_148.jpg?itok=09SWPJLS)
නිවෙසේ සාමාජිකයන් හැමෝම කෑවට පස්සෙ ඉතිරිවන බත්, ව්‍යංජන කුණු බඳුනට දාලා හට්ටි මුට්ටි හෝදන්න තමයි බොහෝ ගෘහණියන් පුරුදු වෙලා තියෙන්නෙ. ඉතින් ඒ විදිහට ඉතුරු වෙන බත් ටික වේළා ගත්තා නම්
තේ වෙලාවට අපූරු රස කෑම කිහිපයක්ම හදාගන්න පුළුවනි. මේ තියෙන්නෙ ඒ විදිහට බත් වේළලා හදපු අග්ගලා.
* වියළා ගත් බත් කබලේ බැද
කොටාලා හළා ගත් පිටි ග්‍රෑම් 400ක්
* ගාගත් පොල් බෑයක් පමණ
* සීනි ග්‍රෑම් 350ක්
* වතුර කෝප්ප 3/4ක්
* ලුණු ස්වල්පයක්
* කෑලි සිටින්න තළාගත් ගම්මිරිස් ඇට කිහිපයක්
~ සීනි, වතුර බඳුනකට දමා ළිප තබා පැණි හදාගන්න.
~ මේ පැණි ඝනකමට නෙමේ වතුර වගේ වුණාට කමක් නැහැ. මොකද අපිට ඕනේ පැණි පාට ගන්නයි සීනි දියකරගන්නයි.
~ දැන් හදාගත් පැණි ටික හොඳින් නිවෙන්නට තියන්න.
~ ගාගත් පොල්, හළාගත් බත් පිටි, ලුණු, තළාගත් ගම්මිරිස් බඳුනකට දමා කලවම් කරන්න. දැන් එයට පැණි ටික ටික එකතු කරමින් ගුලි හදන පදම එනතුරු අනාගන්න.
~ ඉන්පසුව පොඩි ගුලි හදමින් අග්ගලා හදාගන්න.
~ ඔබට මෙය තවත් රසවත් කරගන්නට අවශ්‍ය නම් වැනිලා හෝ කරදමුංගු කුඩු ටිකකුත් එකතු කළ හැකියි.
--------------------------
දොඩම් රසට කමුද කේක් කෑල්ලක්
ආයෙමත් හවස් වරුවට වැස්ස ඇද හැලෙනවා. ඒ වාගේ වැහි වෙලාවට කම්මැලිකමෙන් සීතල වුණු ඇඟපත උණුසුම් වෙන්න උණුවට යමක් බොන්න එහෙමත් නැත්නම් කන්න තියෙනවා නම් කොයි තරම් අපූරුද ? කවුරුත් නිවෙසේ ඉන්න නිවාඩු පාඩු වෙලාවක මේ දොඩම් කේක් එක හදලා රස බලන්න. ඒ විතරක් නෙමෙයි මේ කේක් එකේ රස හොඳටම දැනෙන්න නම් රසම රස කිරි කෝපි කෝප්පයකුත් ඕනෙමයි.
* පිටි ග්‍රෑම් 200ක්
* සීනි ග්‍රෑම් 150ක්
* බිත්තර 2ක්
* එළවළු තෙල් කෝප්ප 1/2ක්
* දොඩම් ගෙඩි දෙකක යුෂ කෝප්ප 1/2ක් පමණ (ඊට තරමක් වැඩිවුවද ගැටලුවක් නොවේ.)
* සිහින්ව ගාගත් දොඩම් පොතු (මේ දොඩම් ගෙඩි දෙකේම පොත්ත සිහින්ව ග්‍රේට් කරගන්න.)
* බේකිං පවුඩර් තේ හැඳි 2 1/2ක්
* වැනිලා තේ හැන්දක්
* බේකිං පවුඩර් පිටි සමඟ එකතුකර කලවම් කරගන්න.
* සීනි සහ බිත්තර බඳුනකට දමා හොඳින් බීට් කරන්න.
* එයටම වැනිලා තේ හැන්දත් එකතු කරන්න.
* දැන් එළවළු තෙල් සහ දොඩම් යුෂ එකට එකතුකර කලවම් කරන්න. මෙය හැන්දකින් මිශ්‍ර කරනවා මිස බීට් කරන්න එපා.
* ඉන්පසුව එම මිශ්‍රණයට හළාගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතුකර කලවම් කරන්න.
* අනතුරුව මඳ වේගයෙන් ටික වේලාවක් බීට් කරන්න. (පිටි කැට නොසිටින පරිද්දෙන්.)
* එයට ග්‍රේට් කරගත් දොඩම් පොතු ටිකත්
එකතුකර කලවම් කරන්න.* දැන් අඟල් 8 1/2 × 4 ප්‍රමාණයේ කේක් තැටියකට බේකිං පේපර් එකක් දමා සකස් කරගෙන එයට දොඩම් රසැති කේක් මිශ්‍රණය දමාගන්න.
* ඉන්පසුව සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 8කට කලින් රත්කරගත් අවන් එකේ විනාඩි 40-50ත් අතර වේලාවක් කේක් එක බේක් කරගන්න.
* අවන් එකෙන් පිටතට ගත් කේක් එක නිවෙන්නට හරින්න. අනතුරුව උඩින් අයිසිං සීනි ඉස හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් අතුරා කෑමට ගන්න.
උපදෙස් හා ඡායාරූප
ඉතාලියේ පර්මා හි ප්‍රවීණ සූපවේදිනී
ජනනී ගුරුසිංහ