වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
2025 ට පහේ වර්ග
රසට කෑමක් හදාගන්න එක මහා අමාරු වැඩක් කියල තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ. හැබැයි හරි පදමට හදාගත්තු පහේ ටික තියෙනව නම්, ඒ පහේ දාන්න ඕෙන කොහොමද? කොච්චර ප්‍රමාණයක්ද කියල දන්නව නම්, මොන මොන පහේ මොන මොන කරියටද කියල දන්නව නම් උයන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ කියන්න හදන්නෙ ගෙදරදීම සුවඳට, රසට, පිරිසුදුවට පහේ ටික හදාගන්න හැටි. අමු පහේ, බැදපු පහේ විතරක් නෙවෙයි වෙන පහේ වර්ගත් මෙතැන තියෙනවා. හැම හොද්දටම එකම පහේ බෝතලේ හලන්නෙ නැතුව ඒ ඒ හොද්දට ඒ ඒ පහේ වර්ග පාවිච්චි කරන්න.
බැදපු පහේ
සැරට පහේ රසට උයන පොළොස් මාළුවක්, ඌරු මස් කරියක්, සෝයා මීට් කරියක් රස ගන්වන්න මීට වඩා දෙයක් කොහෙද? බැදපු පහේ හදනකොට කුළුබඩු ටික වෙන වෙනම බැදගන්න එක අනිවාර්යයයි. එකට බදිනකොට එක එක කුළුබඩුව බැදෙන්නෙ එක එක ගාණට නිසා රස සහ පාට සමබරව තියාගන්න එක වැදගත්.
කොත්තමල්ලි ඇට ග්‍රෑම් 500ක්
සූදුරු ග්‍රෑම් 160ක්
මාදුරු ග්‍රෑම් 15ක්
කරදමුංගු ඇට 8ක්
කරාබු නැටි 15ක්
කුරුඳු අඟල් 10ක්
සේර අඟල් 10ක්
රම්පෙ අඟල් 8ක්
කරපිංචා ඉති 6ක්
01. සියලුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.
02. මඳක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කරගන්න.
----------------------------
මස් කරි තුනපහ
ඕනම මස් වර්ගයක් උයාගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ පහේ එක පාවිච්චි කරනව නම් මස්වලට අමතරව මිරිස් එකතු කරන්න අවශ්‍ය නැහැ. හදල ගොඩක් කල් තියාගන්නවට වඩා අවශ්‍ය වෙලාවට හදාගන්න එකෙන් රස සහ සුවඳ උපරිමයෙන් ලබාගන්න පුළුවන්.
කොත්තමල්ලි ඇට ග්‍රෑම් 100ක්
මාදුරු ග්‍රෑම් 100ක්
සූදුරු ග්‍රෑම් 100ක්
උළුහාල් ග්‍රෑම් 20ක්
කරදමුංගු ඇට 20ක්
කරාබු නැටි 20ක්
කුරුඳු අඟල් 4ක්
අබ ග්‍රෑම් 20ක්
වියළි කහ අඟලක කෑල්ලක්
වියළි මිරිස් කරල් ග්‍රෑම් 150ක්
සේර අඟල් 5ක්
කරපිංචා ඉති 6ක්
හාල් මේස හැඳි 2ක්
01. සියලුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.
02. මඳක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කර ගන්න.
03. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.
----------------------------------------
ගරම් මසාලා
අසල්වැසි රට ඉන්දියාවේ විදිහට කෑමක් හදන්න නම් අනිවාර්යෙන්ම ගරම් මසාලා ඕනෙ. කඩෙන් ගන්නවට වඩා රසට මේ පහේ එක ගෙදර හදාගන්න පුළුවන්. මේකට ඕන ස්ටාර් අනීස්, බේ ලීෆ් එහෙම සුපිරි වෙෙළඳසල්වල තියෙනව.
කොත්තමල්ලි ග්‍රෑම් 200ක්
සූදුරු ග්‍රෑම් 100ක්
ගම්මිරිස් ග්‍රෑම් 30ක්
මහදුරු ග්‍රෑම් 30ක්
කරදමුංගු ග්‍රෑම් 50ක්
කරාබු නැටි ග්‍රෑම් 50ක්
කුරුඳු අඟල් 7ක්
බේ ලීව්ස් 7ක්
සාදික්කා පොඩි ගෙඩි 2ක්
ස්ටාර් අනීස් 2ක්
වසාවාසි 6ක්
01. සියලුම දේවල් වෙන වෙනම පාට වෙනස් නොවී සුවඳ එන තෙක් තැටියක බැදගන්න.
02. නිවුණු පසු හොඳින් කුඩු කරගෙන සුළං නොවදින්න අසුරාගන්න.
-------------------------------------
සාම්බාර් මසාලා
කඩේ රසට සාම්බාර් එකක් ගෙදරදිම කන්න ඕෙන නම් අමු තුනපහ බෝතලේ හලල ඒ රස ගන්න බෑ. ඒකට විශේෂිත වෙනම මසාලා පවුඩර් එකක් තියෙනවා. මේ තියෙන්නෙ ඒක හදන හැටි. ඉන්දියන් රසට හදාගන්න පරිප්පුවකටත් මේ මසාලා එක නියමයි.
කොත්තමල්ලි ඇට ග්‍රෑම් 100ක්
උළුහාල් තේ හැඳි 2 1/2ක්
සූදුරු තේ හැඳි 4ක්
ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්
කඩල ග්‍රෑම් 40ක්
උඳු ඇට ග්‍රෑම් 40ක්
කඩල පරිප්පු ග්‍රෑම් 30ක්
වියළි මිරිස් කරල් 20ක්
කරපිංචා ඉති 5ක්
පෙරුම්කායම් තේ හැඳි 1/4ක්
කහ කුඩු තේ හැඳි 1ක්
01. පරිප්පු, කඩල, උඳු, සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් ගින්දර අඩුවෙන් තැටියක බැදගන්න.
02. එයටම උළුහාල්, කරපිංචා සහ මිරිස් එක් කර කරපිංචා ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
03. අවසානයට සූදුරු එක්කර කළවම් කර, ළිපෙන් ඉවත් කරගෙන පෙරුම්කායම් සහ කහ එක් කරගන්න.
04. නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස බෝතලයක අසුරාගන්න.
උපදෙස්
ප්‍රවීණ සූපවේදීනී
සර්වදර්ශනී අප්සරා