වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
තොල් ආලේපන දිගු වේලාවක් නොතිබීමේ හේතුව කුමක් ද?
අගෝස්තු 21, 2019
ප්රශ්නය
මම ප්‍රසිද්ධ ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරමි. මට ඇති ගැටලුව නම් මාගේ තොල් ආලේපන දිගු වේලාවක් රැඳී නොතිබීමයි. ගැටලුව ඇත්තේ මා තෝරාගන්නා තොල් ආලේපනවල ද නැත්නම් මා ආලේපනය කරන ආකාරයේ ද?
නුවර - රංගි
පිළිතුර
අද බොහෝ යුවතියන් වගේම කාන්තාවන් ද විලාසිතාවක් ලෙස තොල් ආලේපනය කරනු දැකිය හැකිය. මොකද මේක් -අප් එකක් දැම්මත් නැතත් බොහෝ යුවතියන් ලිප්ස්ටික් එකක් භාවිත කරන්න අමතක කරන්නේ නැහැ.
ඔබගේ ගැටලුවට හේතුව ඔබ පවසන කරුණු දෙකම විය හැකියි. තොල් ආලේපනයක් මිලදී ගන්නා විට එහි වර්ගය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කරන්න.
ඒ වගේම සුදුසු පැහැය තෝරාගන්නට බොහෝ දෙනා කරන්නේ එය අතේ ආලේප කර බැලීමයි. නමුත් ඔබ නිවැරැදි පැහැය තෝරා ගත යුත්තේ තොලේ ආලේප කිරීමෙනුයි.
අද හැමෝම වගේ තඪන තඪදඥප ර්‍ථඥදජඪත එකක් භාවිත කරනවා. තඪන තඪදඥප ර්‍ථඥදජඪත එකෙන් ඔබගේ තොලේ ස්වාභාවික පෙනුම වැඩි කර දෙනවා. එයින් තොලේ ප්‍රමාණයෙහි වෙනසක් පෙන්නන්නේ නැහැ. එයින් සිදුකරන්නේ ස්වාභාවික තොලෙහි පෙනුමේ අඩුපාඩු හදාල දෙන එකයි.
ඹ්ඪන තඪදඥප එකෙන් ඉරක් විදිහට ඔබගේ තොල් මත අඳින්න. එය තොල් ආලේපනයට ගැළපෙන පාටක් විය යුතුයි.
ඔබගේ තොල් ආලේපන බුරුසුවක් හෝ පින්සලක් ආධාරයෙන් තොල මත ආලේප කරන්න. පළමුව පහළ තොලේ මැද හරියෙන් පටන්ගෙන දෙවනුව උඩු තොලේ ආලේප කරන්න. තොලේ කොන්වල ආලේප කරනවිට බුරුසුවේ කෙළවර උදවුවට ගන්න. දිගු වේලාවක් තබාගැනීමට නම් ටිෂූ කඩදාසියක් තොල් දෙක මත තබා තද කරන්න. පසුව නැවතත් පෙර ලෙසට බුරුසුවක් උදවුවෙන් ආලේප කරන්න.
අවශ්‍ය නම් ඹ්ඪන ඨතධඵඵ භාවිත කළ හැකියි. ඹ්ඪන ඨතධඵඵ ආලේප කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ තොල් මතට තෙතමනය සහිත පෙනුමක් ලබාදීමයි.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී
සමන්ත ගුණසේකර
෴ Related Articles ෴
නිල්වල් දිගු කෙස් කලඹක් ලලනාවකගේ රුව ඔප්නංවන්නට...