නිල තෙරපුම කරලම ෆේෂල් කරමු

ජූලි 30, 2024

ෆේෂල් එකක් කරද්දි කෙරෙන සම්බාහනයේදී නිල තෙරපුමකුත් සිද්ධ වෙනවා. මේ නිල තෙරපුම නිසියාකාරව කළ යුතු දෙයක්. ඒ සඳහා මනා පුහුණුවක් තිබිය යුතුමයි. කොහෙත්ම ආවට ගියාට කරන්න බැහැ. වැරදි නිලයක් තෙරපුණහොත් ජීවිතය පවා අහිමි වේවි.

කම්මුල් උසම ස්ථානය තෙරපීම මඟින් වියළි සමක් ඇති අයට පැහැපත් සමක් උරුම කරගත හැකියි. නාසය කෙළවර නිලය තෙරපීම මඟින් වකුගඩු උද්දීපනයකර සමෙහි විස නසයි. සම පැහැපත් කරයි. ගෙල මුල තෙරපීම මඟින් මතක ශක්තිය වැඩි දියුණු කරයි. කන් දෙපස තෙරපීම මඟින් ශරීරය ශක්තිමත් කරයි.

 

සම්බාහන පියවරයන්

 

1. තුන්වැනි හා හතරවැනි ඇඟිලි උපයෝගී කරගෙන නිකට යට, නිකට උඩ, කට දෙපස, කම්මුල දෙපස, නාසය දෙපස, නළල දෙපස තත්පර 30ක් පමණ තෙරපන්න.

2. නැවතත් එම පියවරම අනුගමනය කරන්න.

3. Presure & Tip Top Movement

දෙවන පියවරේ ආකාරයටම පිළිවෙලින් නාසය ළඟට එනතුරු තෙරපා ඉන්පසු නාසය දෙපස සිට නාසය දිගේ ඇඟිලි නළල දක්වා ගෙන ගොස් නළලට ඇඟිලි තුඩුවලින් තට්ටු කරන්න. නිකටට ඇඟිලි තුඩුවලින් තට්ටු කරන්න. කට දෙපසට ඇඟිලි තුඩුවලින් තට්ටු කරන්න. නැවත නළලට තට්ටු කරන්න.

4. Butterfly Movement

මහපට ඇඟිල්ල පටලවන්න. මැදඟිල්ල හා දබර ඇඟිල්ල ද පටලවන්න. ඉතිරි ඇඟිලි හතර උපයෝගී කරගෙන නළල පමණක් රවුමට රවුමට පිරිමදින්න.

5. Tapping Movement

වම් අතින් නළල අල්ලා දකුණු අත නිකට යටට ගෙන ගොස් නිකට දෙපසට ටක් ටක් ටක් ටක් ටක් ආකාරයට තුන් වරක් තට්ටු කරන්න. ඉන්පසු දෑතම උපයෝගී කරගෙන නිකට දෙපසට, කට දෙපසට, කම්මුල් දෙපසට තට්ටු කරන්න. මෙසේ එම අවස්ථාව අවසන්කර නිකට යටට දෑත් ගෙනයන්න.

6.Pressure & Shaping Movement

Nose

තුන්වැනි පියවරේ ආකාරයට තුන්වැනි හා හතරවැනි ඇඟිලි උපයෝගී කරගෙන නාසය ළඟට එනතුරු තෙරපන්න. නාසය හොඳින් සම්බාහනය කරන්න.

 

7. Lifting For The Eye Brow

ඇහි බැමි සිට ඉහළට ඇඟිලි තුඩු උපයෝගී කරගෙන සම්බාහනය කරන්න. මුහුණද ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.

8. Rotary Movement On The Forhead Place

නළල රවුමට රවුමට ඇඟිලි තුඩු උපයෝගී කරගෙන සම්බානය කරන්න. මුහුණ ද ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.

9.Scissor Movement On The

Forhead & Chin

වම් අතේ ඇඟිලි දෙකක් මැදට දකුණු අතේ ඇඟිල්ලක් තබා නළල හා නිකට හොඳින් සම්බාහනය කරන්න.

10.Friction Under The Chin

නිකට වටා එක් කනක සිට අනෙක් කන දක්වා ඇඟිලි පහතට සිටින සේ දෙඅත් මාරු කරමින් සම්බාහනය කරන්න.

11. Large Rotary Movement

Neck & Back

පසුව උරහිස හොඳින් සම්බාහනයකර බෙල්ල උඩ අතට සම්බාහනය කරන්න.

12. Rotary Movement On The

Facial Point

(Pressure Point)

සියලුම නිල උද්දීපනය කරන්න.

* ඇහි බැම මැද සිට නළල දක්වා ඇඟිලි ගෙන ගොස් හමුවන උසම තැන සිට දෙපසට ගත් විට හමුවන උසම ස්ථානය තෙරපන්න.

* ඇහිබැම දෙක මැද

* ඇස කෙළවරේ සිට පහළට එන විට හමුවන උසම ස්ථානය තෙරපන්න.

* ඇස මුල

* සිනා‍ෙසන විට කම්මුලේ උසම ස්ථානය

* නාසයේ කෙළවර

* තොල උඩ සහ යට

* කට දෙපස

* නිකට උඩ

* කන්පෙති මුල ඇඟිලි තබා පහළට ගෙන ඒමේදී හැරෙන ස්ථානය

* මුහුණේ ගැඹුරුම ස්ථානය (සිනාසෙන විට වළ ගැසෙන තැන)

* නළලේ උසම තැන මැද

* කන් දෙක හොඳින් සම්බාහනය කරන්න.

* බෙල්ල මුල තෙරපන්න.

13. Moulding Of The Face

අතේ ඇඟිලි පටලා නාසය දිගේ නළල දක්වා ඇඟිලි ගෙන ගොස් නළල දෙපස හොඳින් සම්බාහනය කරන්න.

14. නිකටේ සිට ඉතා සියුම්ව පස්වතාවක් අතේ ඇඟිලි නළල දක්වා ගෙන ගොස් නැවතත් පස්වතාවක් නළල මැද සම්බාහනය කරන්න. උසම නිලය තෙරපන්න. උණුසුම් තුවායක් ගෙන මුහුණේ ඇති වැඩි ක්‍රීම් ඉවත් කරගන්න.

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ