විඩාබර ඇසට සම්බාහනය

ජූලි 22, 2024

 

සේවාදායකයා සතුටු කරන අන්දමේ ෆේෂල් එකක් කරන්න මඟ පෙන්වීමේ පළමුවැන්න පසුගිය සතියේ ඉදිරිපත් කළා.

ෆේස් වොෂ්, ඩීප් ක්ලෙන්සර්, ටෝනර් ආදියෙන් පිරිසුදු කරගත් මුහුණ ෆේෂල් එකක් සඳහා කරන සූදානම කොයිවගේද කියලා බලමු.

 

ස්ටීමරය භාවිතයෙන් හුමාලය ඇල්ලීම

* ස්ටීමරයට ජීවානුහරණය කරනු ලබන ජලය දමන්න.

* විදුලියට සම්බන්ධකර ක්‍රියාත්මක කරන්න.

* ඇස් උඩ තෙතමනය වූ පුලුන් තබන්න.

* සේවාදායකයාට සුදුසු ලෙස මුහු⁣ණේ සෑම තැනම හුමාලය වැදීමට සලසා එක්ස්ට්‍රැක්ටර් එකෙන් කළු සුදු ලප අයින් කරන්න.

* මුහුණ පිරිසුදු කරන්න.

 

ස්ක්‍රබ් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

 

* ස්ක්‍රබ් කිරීමේදී සෑම විටම සම තෙතමනයෙන් තිබිය යුතුයි.

* ආලේපනයෙන් පසුව මෘදු ලෙස රවුමට ස්ක්‍රබ් කළ යුතුය.

* සෑම ඇදෙන ස්ථානයකම (කම්මුල්) එක් අතක දෙවැනි අත හා තුන්වන ඇඟිලි මඟින් ඇද තබාගෙන අනික් අතේ දෙවන හා තුන්වන ඇඟිලි මඟින් ස්ක්‍රබ් කරන්න.

* ඇස් වටා ඇති සම, කුරුලෑ සහිත සම ස්ක්‍රබ් නොකළ යුතුයි. මිනිත්තු තුන හතරකට වඩා ස්ක්‍රබ් නොකරන්න.

* තෙත පුලුන් මඟින් ස්ක්‍රබ් එක පිළිවෙලකට අයින් කරන්න.

* අවශ්‍ය නම් ටෝනර්කර විෂබීජ ඉවත් කරන්න.

 

ඇස් සම්බාහනය(Eye Massage)

 

ඇස් සම්බාහනයට Under Eye Treatment ක්‍රීම් එකක් භාවිත කළ යුතුය. මෙය ප්‍රමිතියෙන් යුතු එකක් විය යුතුයි. එහිදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය පිළිබඳ සැලකිලිමත් වන්න. ඇස් මසාජ් කිරීම මඟින් ඇස යට කළු ගතිය මලානික ගතිය ඉවත්ව යයි.

මුහුණේ බුරුල් වූ මස් පිඩු ශක්තිමත් කරගැනීමට රැලි ඉවත්කර ගැනීමට සම්බාහනය ඉවහල් වේ. ප්‍රතිකාරයක් ලෙස සම්බාහනය කිරීම මඟින් ලේ ගමනාගමනය ක්‍රමවත් වී මාංශ පේශීන් ශක්තිමත්කර සම පැහැපත්වී නැවුම් බවක් ලැබෙයි. සම්බාහනයේදී සම නොඇදෙන ලෙස සම්බාහනය කිරීමට වග බලා ගත යුතුයි. අවබෝධයකින් තොරව සම්බාහනය කළහොත් ශක්තිමත් වීම වෙනුවට මස් පිඩු ලිහිල් වීම සිදුවේ. මෙහිදී භාවිත කරන ඇඟිලි පිළිබඳ සැලකිලිමත් වන්න.

1. හතර වන ඇඟිල්ල භාවිතයෙන් ඇසේ මුල මැද අග ඇසේ මුල සිට අගටත් අග සිට මුලටත් රවුමට රවුමට එක් වරක් බැගින් හය වතාවක් සම්බාහනය කරන්න.

 

2.පළමු පියවරේ අන්දමට ඇස වටා තුන් වරක් පිරිමදින්න. එයද හය වතාවක් කරන්න.

3.ඇහි බැමි උඩ පැත්තට ඇඟිලි දෙක ආධාරයෙන් සම්බාහනය කරන්න. එයද හය වතාවක් කරන්න.

4. ඇස් දෙක වටා අටේ ඉලක්කමේ හැඩයට 6 - 8 අතරවාරයක් පිරිමදින්න.

5. ඇසේ මුල දබර ඇඟිල්ල තබා තුන් වරක් රවුමට රවුමට පිරිමැද හතරවන වාරයේදී තද කරන්න. නැවත එම ඇඟිල්ලෙන් ඇහි බැම මැද සහ අග තද කරන්න.

6.වෙදඟිලි දෙක ආධාරයෙන් ඇඟිලි මාරුකර පිහාටු මුල සිට ඇහිබැම දක්වා උඩු අතට පිරිමදින්න. එයද හය වතාවක් කරන්න.

 

ඇස් සම්බාහනයේ අරමුණ

 

ඇස් සම්බාහනය කිරීමේ අරමුණ වන්නේ ඇස් වටා කළු වීම අඩුකර ඇස්වලට දීප්තිමත් බවක් හා ප්‍රාණවත් බවක් ලබාදීමත්ය.

 

ඇස වටා කළුවීමට හේතු

* නින්ද අඩුවීම

* බලවත් වෙහෙස

* මානසික පීඩනය

* වැඩිවෙලාවක් රූපවාහිනී ඇතුළුව ඩිජිටල් තිර බැලීම

* අවශ්‍ය පෝෂණය නොලැබීම

* නුසුදුසු අව් කන්නාඩි භාවිතය

* පරිගණක භාවිතය

Eye pack

ඇස් සඳහා වෙළඳපොළේ ඇති පැක් වර්ග යොදා ගන්නේ නම් ප්‍රමිතියෙන් යුක්ත කල් ඉකුත් නොවූ ආලේපන යොදා ගන්න.

ඇස මත අලේප කරන නිසා ඉතා කල්පනාකාරීව කළ යුතුයි. තුවාය උණු වතුරේ දමා හොඳින් මිරිකා තුවායේ උණුසුම සේවාදායකයාට සුදුසු දැයි බලා වැඩි ක්‍රීම් ඉවත්කර මුහුණ පිරිසුදු කරන්න. තෙත මිරිකූ පුලුන්වලින් ඇස් වටා ක්‍රීම් ඉවත් කරන්න.

අවශ්‍යතාව අනුව මුහුණු ආවරණයක් තෝරා ගෙන සෑම තැනම ඒකාකාරීව ඝනව ආලේප කරන්න. ඇස් මත සිසිල් ජලය පෙඟවූ පුලුන් තබන්න. නියමිත කාලය තබා මුහුණු ආවරණය තෙත පුලුන් මඟින් ඉවත් කරන්න. ටෝනර් වර්ගයක් ගෙන ඝනකම් පුලුන් කැබැල්ලක පොඟවා මුහුණට තට්ටු කරන ආකාරයට තබන්න. තෙතමනය ආරක්ෂා වීමට මොයිස්චර්රයිසර් එකකුත් , හිරු එළියෙන් ආරක්ෂාවීමට හිරු ආලේපනයකුත් ආලේප කරන්න.

හිරු ආවරණය සඳහා සන් ක්‍රීම් එකක් තෝරා ගන්නා විට මුහුණට හා ඇඟට වෙන වෙනම සන් ක්‍රීම් තිබේ. සන් ක්‍රීම් එකක් භාවිතයේදී SPF ඇද්දැයි බලන්න. සන් ක්‍රීම් එකක් භාවිත කරනු ලබන්නේ අව්වට යෑමට පැය භාගයකට පෙරයි. විනාඩි 45කට කලින් SPF අගය 15 - 20ත් අතර ප්‍රමාණයේ සන් ක්‍රීම් එකක් තෝරා ගන්න. සන් ක්‍රීම් එක අව්වට පමණක් නොව ලයිට්වලට, දූවිල්ලට,

A/Cවලට, විදුලි පංකා, පරිගණක භාවිත කරන විටද ආලේප කළ හැකියි.

නිවෙසේදී මුහුණට කළ යුතු ප්‍රතිකාර පිළිබඳ සේවාදායකයාට උපදෙස් දෙන්න. නැවත පැමිණීමටද උපදෙස් ලබා දෙන්න.

 

මුහුණ සම්බාහනය (Presure Movement)

* නිකට යට (Under the chin)

* නිකට උඩ ( On the chin)

* කට දෙපස (Side of the mouth )

* නාසය දෙපස (Side of the Nose)

* කම්මුල් දෙපස (Below chicks)

* නළලේ ඉරි( Fore head)

* නළල දෙපස(Side of the fore head)

 

මුහුණ දෙපස

 

සම්බාහන ක්‍රීම් වර්ගයක් තෝරා ගෙන සේවාදායකයාගේ මුහුණේ, කරේ, බෙල්ලේ හොඳින් ක්‍රීම් ආලේප කරන්න. මුහුණ සම්බාහනය මඟින් මුහුණේ බුරුල් වූ මස් පිඩු ශක්තිමත්කර රැලි ඉවත් කිරීමට හොඳ ප්‍රතිකාරයක් වේ. සම්බාහනය මඟින් ලේ ගමනාගමනය ක්‍රමවත් වී මාංශ පේශි ශක්තිමත් වී ඉන් සමට පැහැපත් නැවුම් බවක් ලබාදෙයි. සම්බාහනයේදී සම නොඇදෙන සුළු ලෙස සම්බාහනය කිරීමට වග බලා ගත යුතුයි. අවබෝධයකින් යුතුව සම්බාහනය කරන්න.

 

* නළලේ ඉරියවු

* කම්මුල් දෙපස

* කට දෙපස රැලි

* මුහුණ දෙපස මහත්වීම කෙට්ටුවීම ආදිය

ෆේෂල් එකක් කළ යුත්තේ කෙදිනක හෝ රැලි ඇතිවෙන තැන් හඳුනාගෙනය.

 

රැලි ඇතිවිය හැකි තැන්

* නළලේ ඉරි

* කම්මුල දෙපස

* කට දෙපස රැලි

ෆේෂල් කිරීමේදී නිල තෙරපුම පිළිබඳ ලබන සතියේ

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ