වියළි හිසකෙස් පෝෂණය කරන ඩ්‍රයි කන්ඩිෂනර්

පෙබරවාරි 26, 2020

කාන්තාවන්ගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවන වරලස තමයි ඇය සොබාදහමෙන් ලද අපූරුම දායාදය. නමුත් වර්තමානය වනවිට බහුතරයක් කාන්තාවන් තම වරලසේ කුමක් හෝ ගැටලුවක් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

එයට මුලික හේතුව හිසකේ සඳහා අවශ්‍ය නිසි පෝෂණ සත්කාර නොලැබී යාම විය හැකියි. ඒ වගේම දුම්, දූවිලි සහිත දූෂිත පරිසරය, පෝෂ්‍යදායී ආහාරවලින් ඈත්වීම, මානසික ආතතිය, දිගු වේලාවක් වායුසමීකරණ ආශි‍්‍රතව කාලය ගත කිරීම වැනි හේතු බලපායි.

ඊට අමතරව ඔබ පාවිච්චි කරන විවිධ රසායන අන්තර්ගත, ප්‍රමිතියෙන් තොර ෂැම්පු/කන්ඩිෂනර් වර්ග හිසට දැමීම, හිස හොඳින් පිරිසුදු නොකිරීම වැනි හේතු ද ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි.

වර්තමානයේ දී බොහෝ කාන්තාවන් ෆර්මිං, ස්ට්‍රේට්ං, රිලැක්සිං, රීබොන්ඩිං සහ කලරිං වැනි විවිධ හිසකෙස් විලාසිතා කරන්න වැඩි කැමැත්තක් දක්වනවා.

නමුත් එවැනි විලාසිතා කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය නිසා කෙස් කලඹට හානි වෙන්න පුළුවන්.

විශේෂයෙන් කෙස් ගස වියළිවීම බොහෝ දෙනාට තිබෙන ගැටලුවක්. මේ ගැටලු මඟහරවා ගන්න කන්ඩිෂනර් සත්කාරය අතිශයින්ම වැදගත්.

කෙස් කලඹේ ස්වභාවය අනුව සාමාන්‍ය හිසකෙස්, තෙල් සහිත හිසකෙස්, හානිවූ හිසකෙස් යනුවෙන් කොටස් කිහිපයකි.

එහිදී ඔබ තෝරාගත යුත්තේ ඔබේ හිස කෙස්වල ස්වභාවයට ගැළපෙන ෂැම්පු හා කන්ඩිෂනර් වර්ගයි.

බොහෝ දෙනකුට ෂැම්පු භාවිතය පිළිබඳ දැනුමක් තිබුණ ද කන්ඩිෂනර් භාවිතය පිළිබඳ එතරම් අවබෝධයක් නොමැත.

උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී වජිරා ලොකුගේ

 

2020/02/26 තරුණි බලන්න.