රුව රකින අයිස්

පෙබරවාරි 27, 2023

බොහෝ රූපලාවණ්‍ය ගැටලුවලට කෙටිකාලීන විසඳුම් ලබාගත හැකි කිසිදු මුදලක් වැය නොවන සත්කාරයක් ඔබගේ නිවෙසේ ශීතකරණයේ තිබෙන බව ඔබ තවමත් නොදන්නා කරුණක් විය හැකියි. එය අයිස් කියුබ් සත්කාරයයි.

 

 අයිස් කැට නැතිනම් අයිස් කියුබ් සත්කාරය කොරියාව ඇතුළු රටවල ඉතා ජනප්‍රිය සත්කාරයක්වන අතර මෙහිදී ඔබ කළ යුත්තේ රාත්‍රී නින්දට යෑමට පෙර මුහුණ හොඳින් සෝදා අයිස් කැට කිහිපයක් පොලිතින් කවරයකට දමා එය ගෙන ඔබේ මුහුණ හා ගෙල ආශ්‍රිතව හොඳින් සම්බාහනය කිරීමයි.

 

 අයිස් කියුබ් සත්කාර වල ප්‍රයෝජන

 

සම සිනිඳු කරගැනීමට -

මෙයින් ඔබගේ මුහුණට ප්‍රාණවත් මෙන්ම සිනිඳු බවක් ලැබේවි. මුහුණේ රැලි ස්වභාවය ඉවත්වන අතර සුව පහසු නින්දක්ද ලැබේ. කුරුලෑ ඉවත් කිරීමට හොඳින් මුහුණ පිරිසුදු කරගැනීමෙන් පසුව මුහුණ අයිස්වලින් සිසිල් කරගෙන තුවායකින් හොඳින් අාවරණය කරන්න. මෙය මිනිත්තු 3 -5 ත් අතර කාලයක් මුහුණේ රැඳෙන්නට හරින්න. මෙහි ප්‍රතිඵල ඔබව මවිත කරයි.

 

මුහුණේ රැලි ස්වභාවයෙන් මිදීමට.

 

මෙහිදී අයිස් ඔබගේ රුධිර සංසරණය වේගවත් කරන අතර අකලට මුහුණේ සැදුණු රැලි ස්වභාවයට විසඳුමක් ලබාදෙනවා. ඔබගේ මුහුණට මේකප් භාවිත කිරීමට පෙර මිනිත්තුවක් මුහුණ අයිස්වලින් සම්බාහනය කරන්න පමණයි ඔබට තියෙන්නේ.

 

ඔබගේ මුහුණේ ඇරුණු සිදුරු වසා දැමීමට

 

අයිස් භාවිතයෙන් ඔබගේ මුහුණ මිනිත්තු 2-3 අතර කාලයක් සම්බාහනය කරන්න. දින කිහිපයකින් මෙහි සැබෑ ප්‍රතිඵල අත්විදිය හැකිය.

ඇස්වල ඉදිමුම් ස්වභාවය අවම කිරීමට -

අධික නිදි මැරීම නිසා ඇස් වල ඇතිවන ඉදිමුම් ස්වභාවය සඳහා මෙම අයිස් තෙරපි ඉතා වැදගත්. ඔබගේ ඉදිමුම සහිත ඇස් වටා මිනිත්තු දෙකක් පමණ මෙම අයිස් පැක් එක උපයෝගී කරගෙන, ඇස් වටා සම්බාහනය කරන්න.

උදරය ඉදිරියට නෙරා ඒම පාලනයට ඔබට නි‍ෙවසේදීම ඒ සඳහා අයිස්වලින් ප්‍රතිකාර කරන්න පුළුවනි. ඔබ රෙදි කැබැල්ලක ඔතා ගත් අයිස් මල්ල උදරය මත මිනිත්තු 15ක් පමණ තබන්න. එය මිනිත්තු 3 ඉවත්කර නැවත උදරය මත මිනිත්තු 15 ක් තබන්න. මේ ආකාරයට ඔබ අවම තරමේ දිනකට පැයක් පමණක් වත් මෙම තෙරපි එක කරන්න.

 

මුහුණ මේක්- අප් කිරීමට

 

එදිනෙදා වැඩට යනවිට හෝ ගමනක් බිමනක් යනවිට යාන්තමට හෝ පොඩි මේක්- අප් කිරීමට කාන්තාවන් අමතක කරන්නේ නැත.

එහෙම අවස්ථාවල මේක්-අප් එක ඉක්මනට මැකී යාමට හැකියාවක් ඇත. එය වළක්වා ගැනීමට ද මෙම අයිස් තෙරපි උදවු කරගත හැකියි. ඔබ මේක්-අප් දැමීමට තත්පර දෙක තුනකට පෙර අයිස් කැටයකින් මුහුණ සහ බෙල්ල අාශ්‍රිත ප්‍රදේශවල හොඳින් අතුල්ලන්න. ඉන්පසුව මේක්- අප් කරන්න. මෙමඟින් දීර්ඝ වේලාවක් එය සම මතුපිට රඳවා ගැනීමට හැකිවනවා මෙන්ම යන යන තැන මේක්-අප් මල්ල රැගෙන යාමට ද අවශ්‍ය නොවේ.