රත්රන් සමකට ඉස්තරම් ප්‍රතිකාර

අගෝස්තු 5, 2024

 

විඩාබර මුහුණට ෆේෂල් එකකින් ගෙන එන්නේ නවමු බවක්. රූපලාවණ්‍යාගාරයක් වෙත පැමිණෙන ගනුදෙනුකරුවකු ෆේෂල් එකක අවශ්‍යතාව දැනුම් දුන් පසු මුහුණේ සමේ ස්වභාවය හඳුනා ගන්නා තැනේ සිට පියවර කිහිපයක් ඔස්සේ යමින් ෆේෂල් කිරීම සිදු කරයි.

 

පැක් වර්ගයක් යෙදීම ෆේෂල් එකක ප්‍රධානම අංගයකි. පැක් වර්ග යෙදීමේ ප්‍රධාන අරමුණ වන්නේ සමට පෝෂණයක් සැපයීමයි. මීට අමතරව පේශීන් ශක්තිමත් කරයි. වෙ⁣ළඳපොළේ සම අනුව තෝරා ගැනීමට විවිධ පැක් වර්ග තිබේ.

* නෝමල් ෆේෂල් පැක්

* තර්ම්ස් පැක්(Therms pack)

* නැචුරල් හෝම් මේඩ් පැක්

* ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් පැක්

* වයිට්නිං පැක්

* ඔයිල් මාස්ක්

* පැරපින් මාස්ක්

* අයි පැක්(Eye pack)

* පිම්පල් පැක්

Norml Facial Pack

සාමාන්‍යයෙන් ක්‍රීම් ලෙස හෝ කුඩු ලෙස දක්නට ලැබේ. ක්‍රීම් ලෙස කෙළින්ම මුහුණේ ආලේප කළ හැකියි. කුඩු ලෙස ඇති විට නිෂ්පාදකයාගේ උපදෙස් අනුව ජලය ටෝනර් හෝ අදාළ ජෙල් එකක් මිශ්‍රකර මුහුණේ ආලේප කළ හැකියි. මෙසේ ආලේපකර පැක් එක වේළීම සිදුවන්නේ පරිසරයේ උෂ්ණත්වය හා සේවාදායකයාගේ සමේ උෂ්ණත්වය මතයි.

 

Therms Pack (සම තද කිරීමට ගන්නා පැක්)

මෙය බොහෝ විට කුඩු ආකාරයට ඇති විට අයිස් ජලය සමඟ

මිශ්‍රකර පැක් එක සාදාගත යුතුය. ආලේපනයේදී මුලින්ම ගෝස් කැබැල්ලක් මුහුණ මත එළා අනතුරුව පැක් එක ආලේප කළ යුතුය. මෙම පැක් වර්ගය ඉතා ඉක්මනින් ආලේප කළ යුතුය. මෙම වර්ගය ක්ෂණිකව තද වීමක් සිදු වේ. එම නිසා ඇතිවන රත්වීම මඟින් රුධිර සංසරණය වැඩි වී එහි ඇති පෝෂණ ද්‍රව්‍ය සමට උරා ගැනීමක් සිදු වේ. මෙම පැක් වර්ගය ගලවා ඉවත් කළ යුතුය.

මෙම පැක් වර්ගය වඩාත් සුදුසු වන්නේ වියපත් සමකටය. මෙහිදී නිෂ්පාදිතයේ සඳහන් වේලාව පමණක් තැබීමට වගබලා ගන්න.

 

Peel Off Mask

මෙම වර්ගයද ගලවා ඉවත් කරයි. මේ මඟින් මැරුණු සම ඉවත් වී පේශීන් ශක්තිමත් කරයි. සමේ රැලි ඉවත් කරයි. සියුම් රෝම ඉවත් කරයි. සම පිරිසුදු කරයි. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරයි. සමට පෝෂණයක් ලබාදෙයි. ආලේපනයේදී බ්‍රෂ් එකක් ආධාරයෙන් හෝ රෝම වැවී ඇති දිශාවට ආලේපකර ප්‍රතිවිරුද්ධ දිශාවට ගලවා ඉවත් කරන්න. පත්‍රිකාවේ සඳහන් කාලය පමණක් තැබීමට වගබලා ගත යුතුයි.

 

Oil Mask

මෙය අධික වියළි සමක් සඳහා භාවිත කරයි. ඔලිව් ඔයිල් විටමින් බී හෝ සීරම් වර්ගයක් මේ සඳහා භාවිත කළ හැකි වේ. ගෝස් කැබැල්ලක් ඉහත කී ආලේපනවල පොඟවා විනාඩි පහක් දහයක් මුහුණ මත තබා විනාඩියක් ස්ටීම් කරන්න. මෙම ප්‍රතිකාරය කළ පසු දින දෙකක්වත් යන තුරු අව්වේ යෑමෙන් වළකින්න.

 

Natural Home Made Pack

නිවෙසේදී සාදාගන්නා පලතුරු එළවළු ආධාර කරගෙන පැක් එක සාදාගත යුතු වේ. මෙවැනි පැක් වර්ග ආලේපනයේදී දියර ගතියකින් යුක්ත නිසා ගෝස් කැබැල්ලක් මුහුණ මත තබා ඒ මත පැක් එක යෙදීම යෝග්‍ය වේ. අවශ්‍ය කාලය යොදා ඉවත් කරන්න.

 

Parapin Mask

මෙය බොහෝ විට භාවිත කරන්නේ වියළි හා වියපත් සමක් සඳහායි. මෙම පැක් වර්ගය මෙනිකියු හා පෙඩිකියුවලදී විශේෂයෙන් භාවිත කරයි. මේ සඳහා භාවිත කරන්නේ පැරපින් නම් ඉටි වර්ගයයි. භාවිතයේදී ඩබල් බොයිල් ක්‍රමයට ශරීර උෂ්ණත්වයට එන තෙක් රත් කරන්න. ඉටි දිය වූ විට බ්‍රෂ් එකක් මඟින් සම මතුපිට ආලේප කරන්න. පසුව එම ප්‍රදේශය ෆොයිල් එකකින් වසා තබන්න. විනාඩි 15ක් 20 ක් පමණ තබා ෆොයිල් එක ගලවන්න. ඉටි ස්තරයද එයට ඇලී පහසුවෙන් ඉවත් වේ.

 

Eye Pack

අයි පැක් යනු ඇස් වටා ඇති සියුම් සම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති සම ආරක්ෂණ ප්‍රතිකාරයකි. මෙම ප්‍රතිකාරය අඳුරු කව, ඉදිමීම, සිහින් රේඛා සහ රැලි වැනි පොදු ගැටලු විසඳීම සඳහා යොදා ගනියි. Eye Pack වලට සාමාන්‍යයෙන් පිපිඤ්ඤා සාරය, හයුලූරොනික් අම්ලය, කෝමාරිකා සහ පෙප්ටයිඩ වැනි අමුද්‍රව්‍ය ඇතුළත්වන අතර, ඒවා ඇස් යට ප්‍රදේශය ප්‍රකෘතිමත් බවක්, දීප්තිමත් බවක් ලබා දීමට උපකාරී වේ.

සාමාන්‍යයෙන් සිසිලන ජෙල් පෑඩ් හෝ ක්‍රීම් පාදක Masks ඇස් යට තැබීම සහ ඒවා නියමිත කාල සීමාවක් සඳහා තැබීම, අමුද්‍රව්‍ය සමට ගැඹුරට විනිවිද යාමට ඉඩ සලසයි. ඇස් පැක් එකක ඇති ප්‍රතිලාභ අතර ඉදිමීම අඩු කිරීම, අඳුරු කව පෙනුම අවම කිරීම සහ සමේ සිනිඳු බව වැඩිදියුණු කිරීම ඇතුළත් වේ. මේවා නිතිපතා භාවිත කිරීම තරුණ හා ප්‍රබෝධමත් පෙනුමක් පවත්වා ගැනීමට උපකාරී වේ.

ගෝල්ඩන් ෆේෂල් පැක්

ගෝල්ඩන් ෆේෂල් යනු සුඛෝපභෝගී සම ආරක්ෂණ ප්‍රතිකාරයකි. මෙය මුහුණට සාමාන්‍යයෙන් විවිධ ප්‍රතිලාභ ලබා දේ. රන් අංශු පුරවා ඇති ක්‍රීම්, Mask සහ සීරම් යෙදීම අැතුළත් වේ. සමේ රතු පැහැය සහ කුරුලෑ අඩු කිරීමට උපකාරී වේ. එය කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන අතර එමඟින් සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩිදියුණු කළ හැකි අතර, සිහින් රේඛා සහ රැලි පෙනුම අඩු කරයි. රන්වන් ෆේෂල් මඟින් සමේ දීප්තිය වැඩිදියුණු කිරීම, තරුණ සහ දිදුලන සමක් ලබා දීම අරමුණු කරයි. මීට අමතරව, එය ඉහළ මට්ටමේ සහ ඵලදායී සම ආරක්ෂණ ප්‍රතිකාරයකි.

Silver ෆේෂල් පැක්

සිල්වර් ෆේෂල් යනු සම පිරිසුදු කිරීමට, සමනය කිරීමට සහ පුනර්ජීවනය කිරීමට සිල්වර් මත පදනම් වූ නිෂ්පාදන භාවිත කරන විශේෂිත සම ආරක්ෂණ ප්‍රතිකාරයකි. එය කුරුලෑ ඇති සහ සංවේදී සම සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. රිදී ෆේෂල් එකක් අතරතුර, ක්‍රීම්, මාස්ක් සහ සිල්වර් අංශු සහිත සීරම් වැනි නිෂ්පාදන සමට යොදනු ලැබේ. මෙම නිෂ්පාදන බැක්ටීරියා ඉවත් කිරීමට, දැවිල්ල අඩු කිරීමට සහ කුරුලෑ ඇතිවීම වැළැක්වීමට උපකාරී වේ. කැළැල් අඩු කිරීමට උපකාරී වේ. මෙම ප්‍රතිකාරය මඟින් සමට නැවුම්, පවිත්‍ර වූ සහ සන්සුන් බවක් දැනෙන අතර පැහැදිලි සහ සෞඛ්‍යසම්පන්න සමක් ලබා දෙයි.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ