මනාලියක් මලක් කරන Hair Style

ඔක්තෝබර් 7, 2024

 

Temporary hair settings බොහෝ අය අතර ජනප්‍රිය වුවත් සාරියකින්, ඔසරියකින්, උඩරට, පහතරට මේ ඕනෑම මනාලියක් වෙතින් කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටිනු දැකීමට බලාපොරොත්තු වේ. මනාලියකට කොණ්ඩා මෝස්තරයක් එකක් දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය කලින් සැලසුම් කරගත යුතුවේ. මංගල උත්සවයට පෙරදා මංගල උත්සවයේදී දමන කොණ්ඩා මෝස්තරයේ පෙරහුරුවක් ලෙස මනාලියට දමා බැලිය යුතුයි. මෙය රීබොන්ඩින්, අයන් එකක්,Temporary Hair Setting එකක්, කොණ්ඩ කටු දමා කරන කොණ්ඩා මෝස්තරයක් විය හැකියි.

 

කොණ්ඩා මෝස්තරයක් යනු කොණ්ඩය සඳහා කරන කුමන හෝ විලාසිතාවකි. NVQ පාඨමාලාව හදාරන සිසු සිසුවියන් මනාලියක් සම්පූර්ණයෙන්ම හැඩ ගැන්විය යුතුවේ. එහිදී කොණ්ඩා මෝස්තරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

 

කොණ්ඩා මෝස්තරයක් දැමීමට පෙර

* කෙස්වල ස්වභාවය හැසිරීම සහ එහි වර්ගය පිළිබඳව(කැරලි ගැසුණු එකක්ද, wave කොණ්ඩයක්ද? ස්ට්‍රේටිං කොණ්ඩයක්ද)

* කොපමණ කෙස් තිබේද ඒවා කෙතරම් දිගද යන්න

* මුහුණේ හැඩය

* සේවාලාභියාට අවශ්‍ය වන්නේ කුමන අන්දමේ පෙනුමක්ද?

* සේවාලාභියාගේ අදහස්වලට කෙස්වල වර්ගය ස්වභාවය හැසිරීම ප්‍රමාණවත් වේද?

* කොණ්ඩා මෝස්තරය දැමීම සඳහා භාවිත කරන භාණ්ඩ සහ උපකරණ මොනවාද?

* කොණ්ඩා මෝස්තරය දැමීම සඳහා කොපමණ වේලාවක් ගතවේද?

* දැමූ කොණ්ඩා මෝස්තරය කොපමණ වේලාවක් තැබිය යුතු එකක්ද?

* මනාලියක නම් මනාලයාගේ උස පිළිබඳව ද සැලකිලිමත් විය යුතුවේ.

* හිස හොඳින් ෂැම්පු කර තෙල් ආලේප නොකර පැමිණීමට උපදෙස් ලබාදිය යුතුයි.

* එසේ නොමැති නම් ෂැම්පෝ, කන්ඩිෂනර් කළ යුතුයි. මෙහිදී සේවාදායකයාගේ ඇඳුම නොතෙමිය යුතුයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්ඩිෂනර් නොදැමිය යුතුයි. එසේ දැමුවහොත් කොණ්ඩා මෝස්තරය දැමීම අපහසු වේ.

කොණ්ඩා මෝස්තර දැමීමේදී කළ යුතු සහ නොකළ යුතු දේවල්

* ප්ලග් සහ වයර් බුරුල් වී ඇත්නම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්න.

* භාවිතයට පෙර වයර් නිසි ලෙස දිගහැර ගන්න.

* භාවිත කළ පසු උපකරණ නැවත නිසි තැන තබන්න.

* තෙත් වූ අත්වලින් විදුලි උපකරණ භාවිත නොකරන්න.

* උපකරණ වටා එතීමෙන් වයර් බුරුල් විය හැකියි.

* Tong, Iron වැනි තාප උපකරණ සේවාලාභියාගේ හිස මත භාවිත කිරීමට කලින් පරීක්ෂා කරන්න.

මුහුණේ හැඩය

කොණ්ඩා මෝස්තරයක් දැමීමේදී මුහුණේ හැඩය පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් මේක්අප් කිරීමේදී, කොණ්ඩා මෝස්තරයක් දැමීමේදී සුදුසුම මුහුණ ලෙස සලකන්නේ ඕවලාකාර හැඩැති මුහුණයි. මේක්අප් එකකින්, කොණ්ඩා මෝස්තරයකින් අවසානයේ ගෙන එන්නේද ඕවල් හැඩැති මුහුණකි. මුහුණේ හැඩය දුටු පමණින් කවරාකාරයේ කොණ්ඩා මෝස්තරයක් දැමිය යුතු දැයි සිතට ගත යුතුවේ. උදාහරණයක් ලෙස රවුම් හැඩැති මුහුණක් දෙපැත්තෙන් බැක් කෝම්බ් කිරීමෙන් තව තවත් මුහුණ රවුම්ව පෙනේ. ඒ කෙනාට සුදුසු වන්නේ ඉහළින් උඩට ඉස්සු කොණ්ඩා මෝස්තරයකි. දිගටි මුහුණක් නම් කරන්නේ කොණ්ඩ මෝස්තරය ඉහළට එසවීම වෙනුවට දෙපැත්තෙන් බැක් කෝම්බ් කිරීමයි. දත් ඉදිරියට පැමිණ තිබුණොත්, නහය මුක්කං වී තිබුණොත් කොණ්ඩා මෝස්තරයද ඒ අනුව වෙනස් කළ යුතුවේ.

 

ඕවල් හැඩැති මුහුණ

(Ovel face shape)

ඕවල් හැඩති මුහුණකට ඕනෑම කොණ්ඩා හැඩයක් සැසඳෙන නිසා තෝරා ගැනීමේදී ප්‍රශ්න අඩු වෙයි.

රවුම් හැඩති මුහුණ

(Round face shape)

මුහුණ රවුම් හැඩයෙන් ඇති විට දිගින් ඇති අඩුව පිරිමසා ගැනීමට අවශ්‍ය වෙයි. කන ළඟටම කැපූ කොණ්ඩා මෝස්තර සුදුසු නොවන නිසා දෙපැත්තෙන් දිග පෙන්වන හැඩ සුදුසුවේ. එනම් ඉදිරිපස හෙයා ලයින් එකෙන් මඳක් ඉස්සී පවතින කොණ්ඩා මෝස්තර තෝරාගත යුතුයි.

 

දිගැටි හැඩයේ මුහුණ

(Long face shape)

දෙපැත්තට වැඩිපුර කෙස් රඳවා දිග අඩු කළ හැඩ දිගටි මුහුණට වඩාත් සුදුසු වේ.

කොටු හැඩයේ මුහුණ

(Square face shape)

රවුම් හැඩය ගෙන දෙන කුඩා කෙස් කැරලිවලින් කොන් හා හකු සුමුදු බව පෙන්වන දිග කොණ්ඩා මෝස්තර වඩාත් සුදුසු වන අතර මුහුණේ රාමුවේ පෙනුම අඩු කරයි.

ත්‍රිකෝණ හැඩැති මුහුණ

(Triangle face shape)

දිග එකතු කිරීමෙන් මුහුණේ පළල අඩු කළ හැකි නමුත් ත්‍රිකෝණාකාර හැඩ මුහුණට උල්වූ නිකටක් ඇති නිසා දිග හැඩයන් සහ දෙපැත්ත පිරුණු හැඩයක් එක් කළ යුතුයි.

හිසකෙස් හැඩ කිරීමේදී හා නිමා කිරීමේදී බලපාන සාධක

* හිසකෙස් හැඩ කිරීමේදී හා නිමා කිරීමේදී ඵලදායී ආරක්ෂිත ක්‍රම යොදා ගනී.

* සේවාලාභියා සමඟ සාකච්ඡා කර අවසන් පෙනුම කෙරෙහි තෘප්තිමත්ද යන්න තහවුරු කරගන්න.

* පිළිගත් වේලාවක් තුළ සේවය නිම කරන්න.

* ආතතියකින් තොරව හැඩගන්වන්න.

* කාර්යක්ෂමව වැඩ කොට කාලය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය නිසා සපයා ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න.

කොණ්ඩා මෝස්තරය දැමීමේදී භාවිත කරන පනා වර්ග

*Tail comb

* Jumbo comb

* Tace comb

* Aftra comb

* King comb (Diy brush)

* Denmon Classic Styling brush

* Went brush

* Petal brush

* Radial brush

 

කොණ්ඩා මෝස්තර සඳහා

අවශ්‍ය වන ද්‍රව්‍ය

* Hair pins

* Hair clips

* Hair band

* Hair iron

* Hair cliper

* Hair spray

* Jel

* Moose

* Setting lotion

* Styling glace

* Serem

* Defining wax

* Molding cream

* Curling Tongs

* Velco rollers

* Crape

* Apran

* Hood dryer

* Roller brush

* Hair net

අවසානයේ ඔබ දමන කොණ්ඩා මෝස්තරය සේවාලාභියාගේ එනම් මනාලියගේ සිත අමන්දානන්දයෙන් පුරවාලන එකක් වූයේ නම් ඔබ සාර්ථක හැඩගන්වන ශිල්පිනියක් බව ඔබටම අවබෝධ වේවි.

 

 

ඉදිරිපත් කිරීම

ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)

චර්ම රෝග විශේෂ

චාමලී කල්දේරා

(NVQ Level-3/4

ඇගයීම් නිලධාරිනි)