යුග දිවිය විනාශ කරන අයහපත් මිතුරු ඇසුර

පෙබරවාරි 12, 2020

කුමාරත් කුමාරිත් විවාහ වූයේ යෝජනාවක් මල්පල දැරීමෙනි. දෛවෝපගතව දෙදෙනාගේ නම් එකකට එකක් ගැළපුණේ යම්සේ ද එලෙසම බත ඉදෙන තුරු පැවති සුළු නෝක්කාඩුවක් හැර වෙනත් නොපෑහීමක් මේ දෙමහල්ලන් අතර තිබුණේ නැත.

පුදුමය නම් සැරයටියෙන් යනෙන තුරා එකට ගිය මේ දෙදෙනා අවසන් සුසුම් හෙළුවේ ද එකටම වීමය. කුමාරි ඩෙංගි රක්තපාතයට ගොදුරු වී රෝහල් සයනයේ අවසන් හුස්ම හෙලද්දී කුමාර හෘදයාබාධයකින් මිය ගියේ කුමාරි මිය ගොස් හෝරාවක් ගතවීමටත් පෙරදීය.

දූ දරුවෝ එක්ව සමගි සමාදානයෙන් මාපියන් වෙනුවෙන් තුන් මාසයේ පින්කමට සූදානම් වූහ. සුගත් සහ දම්මි පැමිණියේ තුන් මාසයේ පින්කමට උදව් වීමටය.

කුමාරිගේත්, කුමාරගේත් දියණිය සුමේධා මිතුරන්ට සංග්‍රහ කිරීමට තේ කෝප්පයක් රැගෙන එද්දී මිතුරාත් බිරියත් දරුණු වාග් සංග්‍රාමයක පැටලී සිටියේය. අනුන්ගේ ගිනි තමන්ගේ කර නොගන්නා සුමේධා නිහඬවම තේ පිළිගැන්වූවත් සුගත් මිතුරාගේ ගෝරනාඩුව අඩු වූයේ නැත.

“පෙරේදා මං වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර ආවා. මේ ගෑනි කෑමත් එක්ක වතුර තියලා තිබ්බෙ නෑ. මං කෑම එක විසි කළා. කනේ ඇඟිලි ගහ ගන්න හොඳ වචන ටිකක් කිව්වා. අහල පහළ අයත් ආවා.

මට යාළුවො කියලා තියෙන්නෙ ගෑනියකුට තියෙන්නෙ ළමයි බලාගන්නයි ගෙදර වැඩ කරන්නයි විතරයි කියලා. පැරසිටිමෝල් පෙත්තෙ ඉඳලා ගෙනෙල්ලා දෙනවා නම් ගෙදරට වෙලා වැඩ ටික කරන එකනෙ තියන්නෙ.”

2020/02/12 තරුණි බලන්න