වූහාන් නගරයේ සිට මවුබිමට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ කතාව...

පෙබරවාරි 26, 2020

ගුවන් යානය ලංකාවට ගොඩබැස්සුවාම මැරිලා ඉපදුණා වගේ දැනුණා - උපුල් ගමගේ

 

ආදරණීය හැඟීම්වලින් සිත පිරුණ මනුෂ්‍යත්වයේ අගය මෙපමණ යැයි කියාගත නොහැකි රටක ජනිත වන්නට ලැබීම පවා සැබැවින්ම භාග්‍යයකි.

පසුගිය දිනෙක ඒ බව ජාත්‍යන්තරයට පවා විදහාපාන්නට හැකි වූයේ මුළු ලොවම කම්පිත කරවමින්. නව කොරෝනා නොහොත් කෝවිඩ් 19 වෛරසය දිනෙන් දින මිනිස් ජීවිත බිල්ලට ගනිද්දී චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිරව සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිස බේරාගනිමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වීමත් සමඟිනි.

එසේ පැමිණි කුඩා දරුවන් ඇතුළු 33 දෙනාම දැන් තම තමන්ගේ නිවෙස්වලට වී සොම්නසින් යුතුව කාලය ගත කරති.

දයාබරත්වයෙන් හැකි සෑමවිටම ඔබ ආමන්ත්‍රණය කරන්නට වෑයම් කරන ‘තරුණී’ මෙවර පිවිසියේ වූහාන් සිට පැමිණි සිසු සිසුවියන්ගෙන් කිහිපදෙනකු අභිමුවට ය. ඒ අනුව අප සමඟ සුහදත්වයේ පාලමක් තනා ගනිමින් උපුල් ගමගේ සොයුරා එම පිරිස් අතුරින් පවුල් කිහිපයක් හා සොයුරියන් දෙපළක් අප වෙත සමීප කිරීමට කටයුතු කළේය. ඒ ඔවුන් මුහුණ දුන් බියකරු අවස්ථා සංවේදීව හැඟීම්බර වූ අවස්ථා එකින් එක විදහා දැක්වීමටයි.

අධ්‍යාපන ඉලක්කයන් සපුරාලමින් රටට වැඩදායී පුද්ගලයන් වීම අප කාගේත් පැතුමයි.

ඒ සියලු ඉලක්ක ජයගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි හදාරා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිය දී උපුල් ගමගේ සොයුරා චීනයේ වූහාන් නගරයේ මධ්‍යම චීන විශ්වවිද්‍යාලය බලා පිටත්ව යන්නේ වාග් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (ර්‍ථඩ්ච්) ලැබීම පිණිස යි.

 

 

2020/02/26 තරුණි බලන්න.