මුහුණු ආවරණ සෑදීමට අගමැති මෝදි බල ගැන්වූ විද්‍යාඥවරිය

මැයි 6, 2020

පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රධාන ඇමැතිවරුන් සමඟ කළ වීඩියෝ සමුළුවේදී පැලඳ සිටියේ නොරටින් ගෙන්වූ මුහුණු ආවරණයක් නොවෙයි. මේ මුහුණු ආවරණය ගෘහස්ථව නිර්මාණය වුණු මුහුණු ආවරණයකි. සුදෝසුදු පැහැයෙන් නිමැවුණු මේ මුහුණු ආවරණය කාගේත් කතා බහට ලක්විය.

සුදෝසුදු මුහුණු ආවරණය ඉන්දියාවේ නුවණැති දියණියක ගේ අප්‍රතිහත දිරිය නිසා නිමැවුණකි. ඇය පනස් අට හැවිරිදි ජීව රසායන විද්‍යාඥවරියක වන ශයිලාජා වෛද්‍ය ගුප්තාය. ඉන්දියානු රජයේ ප්‍රධාන විද්‍යා උපෙද්ශිකාවක් වන ඇය අගමැති මෝදිගේ බිලියනයක්වූ රටේ සියලුම ජනතාවට මුහුණු ආවරණ යන අදහස ක්‍රියාත්මක කිරීමට අවැසි ශක්තිය සහ බලය ලබා දෙන්නීය. ජනතාව නව කොරෝනා වෛරසයෙන් බේරා ගැනීමට රජයට ගත හැකි එක් ප්‍රධාන පියවරක් වන්නේ මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමය. එහෙත් එදාවේල සරි කර ගැනීමට වත්කමක් නැති දිළිඳු ජනතාවකට මුහුණු ආවරණවලට යන වියදම ද දරාගත නොහැකිය.

භාවිත කර ඉවත දමන එක් මුව ආවරණයක මිල ඉන්දියානු රුපියල් දහයකි. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාවිතකරන එන්95 වර්ගයේ මුහුණු ආවරණයක් සඳහා ඉන්දියානු රුපියල් 500ක් පමණ වැය කිරීමට සිදුවෙයි. එහෙත් මෙවැනි රෙදි මුහුණු ආවරණයකට වැය කළ යුත්තේ රුපියල් දෙක තුනක් වැනි සුළු මුදලක් පමණි.

ශයිලාජාගේ නායකත්වයෙන් අගමැති මෝදිට බිලියනයක මුහුණු ආවරණ ඉලක්කයට ඉක්මනින්ම ළඟා වීමට හැකිවී තිබේ.

මේ සඳහා ඇයගෙන් ලැබෙන නායකත්වයට මෙන්ම දායකත්වය ද ඔහු මහත්සේ අගය කරන්නේය.

ශයිලාජාගේ මෙහෙය එතැනින් නිම නොවෙයි. ඇය එරට මුඩුක්කු වාසී දරුවන්ට ලාබ අන්වීක්ෂ උපයෝගී කර ගෙන විසබීජවල භයානකකම ගැන දරුවන් දැනුවත් කරමින් මුව ආවරණ පැලඳීමේ වටිනාකම කියා දෙන්නීය. ද

පළමු එන්නත ක්ෂුද්‍රජීවී විද්‍යාඥවරියකට

රටට විපතක් වීමට යන විට රට බේරා ගැනීමට ඉදිරිපත්වන වීර කාන්තාවකට හොඳම උදාහරණය සපයන්නේ අපේ රටයි. විහාර මහා දේවිය ඒ උදාර හෙළ කුමරියයි. අතීතයේ පමණක් නොව වර්තමානයේ්ද වීර කතුන්ට උදාහරණ ඕනෑතරම් ඇත. කොවිඩ් - 19 වසංගතයට එරෙහි එන්නතක් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අත්හදා බැලුණු අතර සියලුම රෝගීන් වෙනුවෙන් ඒ අත්හදා බැලීමට ඉදිරිපත් වුණේ එලිසා ග්‍රැනටෝ නම් විද්‍යාඥවරියකි. " මාත් විද්‍යාඥවරියක්. ඒ නිසා විද්‍යාඥ ක්ෂේතයේ ඕනෑම අත්හදා බැලීමේ ක්‍රි‍යාවලියකට මට පුළුවන් විදියට දායක වෙනවා. " එන්නත ලබා ගත් පසු ඇය පැවසුවේ සතුටිනි.

ඔක්ස්ෆර්ඩ් සරසවිය මඟින් තෙමසක කාලයක් පුරා අත්හදා බලන ලද මේ එන්නත සාර්ථක වුවහොත් එය ලෝකයටම සුබ ආරංචියක් වනු ඇත.

මේ එන්නත සඳහා පූර්ව සායනික කර්තව්‍යයන් සියල්ලම සිදුකර තිබෙන්නේ ද කාන්තාවකි. ඇය ජෙනර් ආයතනයේ වෛරස්වේදය පිළිබඳ මහාචාර්ය සාරා ගිල්බට්ය. මහාචාර්යවරිය එන්නතේ සාර්ථකත්වය පිළිබඳ සියයට අසූවක විශ්වාසයක් තබා ඇත.

එලිසා එන්නත ලබාගත් පසු මිය ගිය බවට රාවයක් පැතිරුණ ද එය අසත්‍යයක් බව පසුව හෙළිවිය.

වෛරසය අතරේ අසුබ ආරංචියක්

කාන්තා ජේම්ස් බොන්ඩ් උතුරු කොරියාවේ මුල් පුටුවට ?

උතුරු කොරියාව කී සැණින් සිතේ මැවෙන්නේ කුරිරු පාලනයක් ඇති සාමයට නොව යුද්ධයට හිතැති දේශයක් ලෙසය. එරට පාලක කිම් ජොන් උන් නව කොරෝනා වසංගතයට ගොදුරු වුණු රෝගීන් වෙඩි තබා මරා දැමූ බව ද කියැවෙයි. නපුරු කිම් ජොං හදවත් රෝග, දියවැඩියාව වැනි බෝ නොවන රෝග රැසක ගොදුරක් වූ අතර ඔහු ජීවත් වෙනවා ද මියගොස් ඇත් ද යන්න ලොවට ගැටලුවක්ව පවතියි. කිම් ජොං මිය ගොස් ඇත්නම් ඊළඟට බලයට පත්වනු ඇත්තේ ඔහුගේ බාල සොයුරිය කිම් යෝ ජොං බව වැඩි දෙනකුගේ විශ්වාසයයි. කාන්තා නායකත්වය යුගයේ අවශ්‍යතාවක් වී ඇති නමුදු මේ ගැන දැනගත් බොහෝ දෙනකු පවසන්නේ සොයුරාටත් වඩා ඇය දුෂ්ට බවය. ඉන්දීය සිනමා අදියුරුවරයකුවූ ඉන්දියාවේ රාම් ගෝපාල් ශර්මා සිය ට්විටර් වෙබ් අඩවියේ මෙසේ සඳහන් කර තිබිණි. " හොඳ ආරංචියක්. ලෝක සිනමාවේ පළමුවැනි දුෂ්ට කාන්තා චරිතය අපට දකින්න පුළුවන්. අන්තිමට ජේම්ස් බොන්ඩ් කෙනෙක්, රහස් පරීක්ෂකවරියක් රජ වෙනවා. "

කිම් යෝ ජොං රහස් පරීක්ෂකවරියකි.

සමහර අය ඇය සමාන කරන්නේ ඇවටා - ද ලාස්ට් රයාර්බෙන්ඩර් කතා මාලාවේ නපුරු සුකෝ කුමරියටයි.

පසුගිය වසර දෙක පුරාම සොයුරා සහභාගීවන සෑම ප්‍රධාන පෙළේ සම්මන්ත්‍රණ, සාකච්ඡාවලදී ඇය ද ඔහු අසලින්ම සිටියාය. වෙනකක් තබා මිසයිල මෙහෙයුම්වලදී ද ඇය ඔහු අසලින්ම සිට ඇත.

කිම් රජ පරපුරෙන් පැවත එන ඇය දෙවැනි ලෝක යුද්ධයට පසු දකුණු කොරියාවේ සංචාරයක නියැළුණු කිම් පවුලේ පළමු සාමාජිකාවය.

කොවිඩ් වසංගතය පැතිරෙන කාලෙය්දී උතුරු කොරියාවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම් ජොං ඌන්ට යැවූ පෞද්ගලික ලිපියට පිළිතුරු යවා තිබුණේ ද කිම් යෝ ජොංය. තිස් දෙහැවිරිදි ඇය දැන් ගතකරන්නේ තනිකඩ දිවියකි. එහෙත් 2015 දී ඇය විවාහ වී ඇති බවට කතාවක් පැතිරුණාය. ඒ වසෙර්දීම ඇය ගැබ් ගෙන සිටිය ද ඉන්පසු ඇයෙග් පෞද්ගලික දිවිය ගැන කිසිවක් දැන ගන්නට ලැබී නැත. සොයුරාත් ඇයත් අතරත් පවතින්නේ දැඩි සහෝදර බැම්මකි. සොයුරාගේ යුදකාමී පෞරුෂත්වයට ඇය වගකිව යුතු බව බොහෝ දෙනෙක් පවසති.