වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කෝවිඩ් - 19 අතරේ නිවෙසේ සිදුවන අනතුරු වැඩිවෙලා
හදිසි අනතුරකට වෙලාවක් නැහැ. කුමන මොහොතක වුවත් අනතුරක් සිදුවිය හැකි නමුත් නොදැනුවත්ව හෝ බොහොමයක් අනතුරුවලට පසුබිම සදන්නේ අප විසින්මයි.
ජීවිත කාලයටම නිවැරැදිකර ගත නොහැකි පසුතැවීම පමණක් ඉතිරි කරන හදිසි අනතුරු ගැන කෝවිඩ් - 19 තරමටම අප අවධානය යොමු කළ යුත්තේ ඊටත් වඩා මිනිස් ජීවිත හදිසි අනතුරුවලින් බිලි ගන්නා නිසයි. වෛරසයක් ගැන තරම් හදිසි අනතුරු ගැන අවධානය යොමු නොකළ ද වාර්ෂිකව වෛරසයකින් මිය යනවට වඩා වැඩි ගණනක් හදිසි අනතුරුවලින් මිය යනවා.
රට වසා දැමීමත් සමඟ රිය අනතුරුවල, මහ මඟ අනතුරුවල කැපී පෙනෙන අඩුවක් සිදුවෙලා. ඒත් අපට සතුටු වෙන්න නම් විදියක් නැහැ. මොකද නිවෙසේ අනතුරු දෙගුණ තෙගුණ වෙලා තියෙන නිසයි. නිවෙසෙදී සිදුවන සෑම අනතුරක්ම ඉහළ ගොස් තිබෙනවා. එයින් අප එක් දෙයක් සිතට ගත යුතුයි. අප වඩාත් සුරක්ෂිත යැයි සිතන නිවෙසේදී පවා අප මොනතරම් අනාරක්ෂිතද ? අප යන එන පරිහරණය කරන සෑම දෙයක් ගැනම විමසිලිමත් විය යුත්තේ එනිසයි. බොහොමයක් අනතුරු විමසිලිමත් බවින් වළක්වාගත හැකියි. වැඩි දෙනකුට ආරක්ෂක ක්‍රමෙව්දයන් ගැන අවබෝධයක් නැහැ. නොසැලකිලිමත්. නීතිගරුක නැහැ. ප්‍රථමාධාර ගැන ඇත්තේ අඩු දැනුමක්.
අනතුරුවලට බාල තරුණ මහලු කියා වෙනසක් නැහැ. අපේ ර ටේ ජනගහනයෙන් සියයට 16 ක් පමණ වැඩිහිටියන්. ඔවුන් බෝ නොවන රෝගවලට වගේම අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ වැඩියි. ස්ථුලතාව වැනි බෝ නොවන රෝග තත්ත්වයන් වැටීම් වැනි හදිසි අනතුරුවලට ද හේතු වෙනවා. 2016 වසරේ කළ සමීක්ෂණයකටඅනුව මාස 12 ක කාලයකදී වැඩිහිටියන් 1.7% ක් වැටීමෙන් බරපතළ ලෙස අනතුරට ලක්වී තිබෙනවා. අස්ථි බිඳීයාම එවැන්නන් අතර සුලබයි. උකුළු ඇටය, පාද අස්ථි, කොඳු ඇට පෙළ ආදී තැන් බිඳීයාම සුලබයි. වැඩිහිටියන් සදාකාලිකව ආබාධිත කිරීමට හෝ නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවීමට ඉක්මනින් මරු තුරුළට යාමට හදිසි අනතුරු හේතු වෙනවා.
වයස අවුරුදු හැට ඉක්මවීමත් සමඟ පෙනීමේ දුර්වලතා, ඇසීමේ දුර්වලතා, සමබරතාවේ ගැටලු ඇතිවෙනවා. එවැනි තත්ත්වයන් අනතුරුවලට ලක්වීමේ අවදානම වැඩි කරනවා. ඒනිසා එවැනි තත්ත්වයන්ට කල් ඇතිව ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. වැඩිහිටියකු සිටින නිවෙසේ පරිසරය අනතුරු ඇතිවීමේ ඉඩ අවම වන විදියට සකසා තිබිය යුතුයි.
කුඩා දරුවන් අනතුරුවලට වැඩිපුරම ලක් වන්නේ නිවෙසේදීයි. වැඩිහිටියන්ගේ නොසැලකිල්ලත් බොහෝවිට ඒ කෙරෙහි බලපානවා. තරුණයන් පොපියන යෞවනයෙන් මත්වී
මෙවැනි වසංගත සමයකදී අනතුරකට ලක් වීම, අනතුර වගේම තවත් භයානකයි.
කෝවිඩ් - 19 වසංගතය අතරේ අප දැඩි අවධානයකින් හදිසි අනතුරු වළකාගත යුත්තේ ඇයි ?
*නව කොරෝනා වෛරසය පැතිරෙන්නේ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් වෙසෙන ස්ථානවලයි
එවැනි රෝගීන් වැඩිපුර පැමිණෙන්නේ රෝහල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලටයි
ජනතාව අධිකව ගැවසෙන ඕනෑම තැනක කෝවිඩ් - 19 අවදානම තියෙනවා.
අනතුරකින් රෝහලකට යාමට සිදුවන අතර එය නීරෝගි පුද්ගලයකු නිකරුණේ වසංගතයට නිරාවරණය වීමක්.
බොහෝ විට අනතුරට ලක්වූ පුද්ගලයා රැගෙන යාමට සිදුවන්නේ ත්‍රීවිලරය වැනි පොදු වාහනයකින්. පොදු වාහන, ත්‍රීවීලරය මහජනතාව නිතර යන එන වාහනයි. අනතුරක් සිදුවූ තැනට මහජනතාව එක්රැස් වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එයත් නව කොරෝනා වෛරසය ආසාදිත වීමේ අවදානම ඉහළ නංවන කාරණයක්.
සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන ලද උපදෙස් පිළිපදින්නේ නැත්නම් අවදානම තවත් ඉහළයි.
කෝවිඩ් - 19 වසංගතයට ඇති බිය නිසා කිසිවකු අනතුරට පත්වූ පුද්ගලයා අසලට ළං නොවන්න පුළුවන්. නියමිත ප්‍රථමාධාර ලබා දීමට උපකාර කිරීමට කිසිවකු ළං නොවන විට අනතුරට පත් පුද්්ගලයාගේ තත්ත්වය බරපතළ වන්න ඉඩ තිබෙනවා. රෝගියා බේරා ගැනීමට අසීරු විය හැකියි.
අනතුරට ලක්වූ තැනැත්තාට තමන්ගේ සෞඛ්‍ය තොරතුරු ගැන විස්තර ලබා දිය නොහැකි නම් ඔහුට / ඇයට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන්ගේත් ජීවිත වසංගතයට ගොදුරු වීමේ අවදානමක.
අනතුරකදී කෝවිඩ් - 19 ට පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනතුරට පත් පුද්ගලයාගෙන් මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු නොවිය හැකි නිසා රෝගය නීරෝගි පුද්ගලයන්ට පැතිරීමේ අවදානම තවත් ඉහළ යනවා.
වියපත් පුද්ගලයන්, දුම්වැටියට මත්පැනට ඇබ්බැහිවූවන් දියවැඩියාව, හදවත් රෝග වැනි බෝ වන රෝගවලට ගොදුරුවූ පුද්ගලයන් අනතුරකට ලක්වුවහොත් එවැන්නන්ට අනතුරින් පසු නව කොරෝනා වෛරසය ආසාදනය වුණොත් මිය යාමට පවා හැකි බව අප විසින් මතක තබා ගත යුතුයි.
රෝහල්වල ප්‍රමුඛතාව දී ඇත්තේ කෝවිඩ් - 19 ආසාදිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැපයීමට නිසා අනතුරුවලට ලක්වුණු රෝගීන් වෙනුවෙන් වෙනදා මෙන් ඉඩක් වෙන්වී නැති වීමට පුළුවන්. එයත් රෝගියාට අවාසියක්.
මේ නිසා අප අනතුරු වළක්වාගත යුතුයි.
කෝවිඩ් -19 ආරක්ෂා වීමට සෞඛ්‍ය බලධාරීන් දී ඇති උපදෙස් අකුරට පිළිපැදිය යුතුයි.
උපදෙස් -සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය අශාන්ති බලපිටිය සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීමේ අංශයේ පුධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග
2020/07/15 තරුණි පුවත්පත බලන්න.