උපාධියක් ලබාගත් පමණින් ම ඕනෑම රැකියාවක් කරන්න බැහැ

ඔක්තෝබර් 7, 2020

නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති ඉංජිනේරු (ආචාර්ය) ලයනල් පින්ටු මහතා

සම්පත් සීමිතය.. නිර්මාණශීලිත්වය අසීමිතය. එහෙත් මේ යෙදුම ලක් දෙරණ මත වෙසෙන අපට වලංගුද. අපට බොහෝ විට සිතෙයි. අසීමාන්තික වු සම්පත් පිරි මේ භූමියේ නිර්මාණශීලිත්වයට සීමා රහිත වූ ඉඩක් තිබේ. එහෙත් අපගේ නිර්මාණශීලිත්වය හා සම්පත් තවමත් ප්‍රයෝජනයට නොගැනීම විශාල දුර්වලකමකි.

අසීමිත වූ හැකියාවන් රැසක් හිමි අපේ තරුණ තරුණියන් තම අධ්‍යාපනය නමැති මායිමේ සිර වෙමින් සොයායන්නේ ජීවනෝපාය සඳහා රැකියාවකි. එම රැකියාව රජයේ රැකියාවක් නම් එය ඔවුන් අපේක්ෂා කරන ඉලක්කය ජයගත හැකි සංධිස්ථානය යැයි සිතයි.

පෞද්ගලික ආයතනයක රැකියාවක් හිමි වුයේ නම් හොඳ වැටුපක් හිමි වේ යැයි ඔවුන් අපේක්ෂා කරයි. මේ දෙකටම පමණක් සිර නොවී ස්වාධීනව තමුන්ගේම ව්‍යාපාරයක් තුළින් ජීවිතය ජය ගන්නට සිතන තරුණ තරුණියන් ඇත්තේ ඉතාම අල්පයකි. එය රටක සංවර්ධනයට හා ඉදිරි ගමනට විශාල බාධාවකි. එසේම ඉදිරියේදී රජයේ රැකියා හිමිකර ගැනීම හා රැකියා නියුක්තිය පිළිබඳ ඇත්තේ විශාල අභියෝගයකි. මේ අභියෝගය හමුවේ අපේ තරුණ පරපුට තමුන්ගේම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීමට අනිවාර්යනේම සිදුවනු ඇත. එවැනි ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති විශාලතම බාධාව වී ඇත්තේ තරුණ ප්‍රජාවට මූලික මුදලක්, නිසි මඟ පෙන්වීමක්, දිරි ගැන්වීමක් මෙන්ම නිසි වෘත්තිය පුහුණුවක් නොලැබීමයි.

ප්‍රායෝගික වූ මේ ක්‍රියාවලියට සක්‍රීය ලෙසින් දායකත්වය ලබාදීම හා නිසි මඟ පෙන්වීමක් ලැබීම ඔවුන්ට විශාල ශක්තියකි. එලෙසින් මඟ පෙන්වන ආයතනයක් ගැන තොරතුරු සොයා අප ගියේ කාලීන අවශ්‍යතාවයක ඌණ පූර්ණය සැපයීමටයි.

එම ආයතනය මෙවැනි දෙයකට ඇති ක්‍රියාකාරී මඟ පෙන්වන්නකු ලෙස හැඳීන්විය හැකි නිපුණතා සංවර්ධන අරමුදලයි. වසර 20ක ඉතිහාසයක් ඇති මේ ආයතනය මඟින් සිදු කරන සේවාව සැබැවින්ම ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදාගත හැකිවේද යන්න දැන ගැනීමට අවශ්‍යම විය. ඒ නිසාම එම අරමුදල පිහිටා ඇති නාරාහේන්පිට නිපුණතා පියසේ 7 වැනි මහලට පිවිසියේ එහි සභාපති ආචාර්ය (ඉංජිනේරු)ලයනල් පින්ටු මහතා සමඟ සුහද පිළිසඳරක යෙදීමේ අභිලාශයෙනි.

ඉතාමත් හරවත් පිළිසඳරේ ඔහු ගොනු කළ කරුණු අප මෙහි පත්ඉරු අතර සාරාංශගත කරන්නේ මෙලෙසිනි.

“මිලියන සියයක අරමුදලකින් ආරම්භ කළ මෙම සංවර්ධන අරමුදලේ අරමුණ වූයේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවා නියුක්තිකයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් හා පාඨමාලා පැවැත්වීමයි. ඊට අමතරව ව්‍යවසායකයන් දිරි ගන්වමින් ඔවුන්ට අත්වැලක් වීමේ කාර්යභාරය ද වර්තමානයේ ඉටු කරයි. ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ සාර්ථක වීමට ඒ ගැන හොඳ අවබෝධයක්, මූල්‍යමය දැනුමක්, තාක්ෂණික දැනුමක් ඇතුළු ප්‍රායෝගික දැනුමක් තිබීම ඉතාම වැදගත්. ඒ අනූව අපගේ ආයතනය පුහුණු වැඩසටහන් රාශියක් මේ දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා. එම පුහුණු වැඩසටහන් සියල්ලම ඉලක්ක ගත කළේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන මුල්කොට ගෙනයි.

 

 

විශේෂ ස්තුතිය - නිපුණතා සංවර්ධන අරමුදලේ මාධ්‍ය සම්බන්ධීකාරක

ජානුකා චරිනී බෝඹුවල මෙනෙවියට

2020/10/07 තරුණි පුවත්පත බලන්න.