වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කාන්තාවන් ඡායාරූප ශිල්පිනියන් කරන 'කෑම රූප - food print'
'ෆේස්බුක්' කිව්වම හුඟක් වැඩිහිටි පිරිස අකැමැති, නීරස මාතෘකාවක්. ඒ අය කියන්නේ ෆේස්බුක් කියන්නේ ජීවිතේ නැති නාස්ති කරන, වටිනා කාලය කන දෙයක් කියලයි. එහෙම කියන අයට කියන්න තියෙන්නේ ඇත්තටම දැනගෙන භාවිත කළොත් ෆේස්බුක් කියන්නේ ජීවිතේ ලස්සන කරන, ජීවිතයට වැඩි වටිනාකමක් එකතු කරන දෙයක්.
මේ ලියන මමත් ෆේස්බුක් හරහා විවිධ දැනුම ලබාගන්නවා. අපේ ළඳුන්ට එවැනි වටිනා දැනුමක් ලබාදෙන සමූහයන් රැසක්ම ෆේස්බුක් හි තියෙනවා. එහි ඇති වෙනස්ම ගෲප් එකක් ලෙස "කෑම රූප - ටධධඤ නපඪදබ" හැඳින්විය හැකියි. ආදරණීය තරුණී පාඨක ඔබටත් මෙමඟින් ජීවිතයට වටිනාකමක් ලබාගත හැකියි. එමෙන්ම ඔබේ හැකියාවන් ලෝකයට පෙන්වන්නත් අප සූදානම්.
අපි මේ ගෲප් එක පිළිබඳ විමසා බැලුවේ එම සමූහය මෙහෙයවන එක් සාමාජිකාවක් හෙවත් ගෲප් ඇඩිමින් කෙනකු වෙතිනි. ඇය අර්ජුනී රණතුංග යි.
"කෑම ගෲප්වල තියෙන කොයි තරම් වටිනා රසවත් රෙසිපියක් වුණත්, ඒ එක්කම තියෙන කෑම පින්තූරය දැක්කම ගොඩක් වෙලාවට ඒ කෑම එක හදන්න ආශාවක් හිතෙන්නේ නෑ. හතර වටේ හොදි හලා ගෙන, එහෙමත් නැත්නම් කිලිටි මේසයක් උඩ ඔහේ ගත්ත පින්තූර තමයි දැක්කේ. ගොඩක් අය ඒ වගේ ෆොටෝ එකක් දැක්කත්, අඩුපාඩුවක් කියන්නේ නැහැ. එක්කෝ හිත රිදෙයි කියලා බයට. එහෙමත් නැත්නම්, තරහ වෙයි කියන බයට.
මොනතරම් අපිළිවෙළ වුණත් "ෂා හරි ලස්සනයි!", "නියමයි" වගේ කමෙන්ට්ස් දානවා. මේ කමෙන්ට්ස්වලින් පින්තූරය දාපු කෙනාට යහපතක් වෙන්නේ නෑ. ඒ හැම ගෲප් එකකම ප්‍රවීණ සහ වෘත්තීය ඡායාරූප ශිල්පීන් සාමාජිකයන් හැටියට ඉන්නවා. ඒ අයවත් මේ කිසිම පින්තූරයක අඩුවක් පාඩුවක් පෙන්වා දෙන්නෙ නැහැ. ඒකට මූලිකම හේතුව අඩුපාඩු කිව්වොත් හිත රිදෙයි කියලා හිතාගෙන වෙන්න ඇති. ෆේස්බුක් එකේ ඡායාරූප ශිල්පය පිළිබඳ ඉගෙන ගන්න වගේම ලස්සන පින්තූර පළ කරන්න දැනුම දෙන ගෲප් ඕනෑ තරම් තියෙනවා.
2020/10/14 තරුණි පුවත්පත බලන්න.
සටහන -පාලිකා දිල්රුක්ෂි