අමෙරිකාවේ ඊළඟ උප ජනපතිනිය කමලා හැරිස්ද ?

ඔක්තෝබර් 28, 2020

කමලා දේවි හැරිස් 2020 වසරේ අමෙරිකානු උප ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වීමට වරම් ලැබූ පළමු අප්‍රිකානු අමෙරිකානු, පළමු ආසියානු අමෙරිකානු කාන්තාවයි. කැලිෆෝනියා වේ නීතිපති ධූරයට පත්වූ පළමු කාන්තාවයි. එමෙන්ම අමෙරිකාවේ උප ජනාධිපතිනි ධූරයට ඉදිරිපත් වන තෙවැනි කාන්තාවයි. මීට පෙර ජෙලේඩීන් ෆෙරාරෝ සහ සාරා පාලින් තරගවැදී තිබේ. ඔවුන් දෙදෙනාම සුදු ජාතිකයන්ය. කමලා මේ දෙදෙනාටම වඩා සුවිශේෂීය කමලා යනු සංස්කෘත බසින් නෙළුම් මලයි. එමෙන්ම එය කාන්තා බලයේ ප්‍රතිමූර්තියක් වන ලක්ෂ්මි දේවියට කියන තවත් නමකි. කමලා යන නම වැඩිමල් දියණියට තබා ඇත්තේ මව ශ්‍යාමලාය.

කමලා කෑම පිසීමට මහත් කැමැත්තක් දක්වන්නීය. උදෑසන හය වන විට අවදිවන ඇය ධාන්‍ය ආමන්ඩ් කිරි, තේ සමඟ මී පැණි සහ ලෙමන් ආහාරයට ගෙන වැඩ කටයුතු අරඹන්නීය. ඇය තමන්ව හඳුන්වා ගන්නේ දැඩි පාලකයකු වශයෙනි.

සමහරු කමලාව ගැහැනු ඔබාමා ලෙස හැඳින්නුවත් ඇය ඊට අකැමැතිය. තමන්ට කියා අනන්‍යතාවක් ඇති බව ඇය පවසන්නීය

නොවැම්බර් මාසයේදී ඇය තේරී පත්වුණොත් අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙනු ඇත.

වත්මන් ජනපති ට්‍රම්ප් කමලාව හඳුන්වන්නේ යක්ෂණියක ලෙසිනි.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන මැතිවණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රතිවාදියා ජෝ බිඩ්න්ස්ටත් වඩා අභියෝගයක් කරගෙන ඇත්තේ කමලා දේවිය. කමලා උද්ධෘත පාඨය කරගෙන තිබෙන්නේ මවගේ අවවාදයකි. “ඔබ බොහෝ දේ කිරීමට මුල්වන්නා වෙන්න. එහෙත් අන්තිමයා නොවන්න” මව ඇයට දුන් අවවාදයයි.

අමෙරිකාවේ කනිෂ්ඨ සෙනෙට් සභික සාමාජිකාවක වන කමලා දේවි උප ජනාධිපති ලෙසින් පත් වන තුරු බලා සිටින රාජ්‍ය අතර ඉන්දියාව මුල් තැනක සිටියි. වසර 11 කට පෙර මව මිය ගිය පසු ඉන්දියාවට නොගියද ඇයත් ඉන්දියාවත් අතර පවතින ළබැඳියාව සිඳී ගොස් නැත.

අමෙරිකා එක්සත් ජනපදයට කාන්තා නායකත්වයක ශක්තිය ලැබුණා නම් ජනගහනයෙන් මිලියන අටකට වැඩි ගණනක් කෝවිඩ් - 19 වසංගතයට ගොදුරු වේවිද? මේ වන විට කාන්තාවන් මුල් පුටුව හොබවන රටවල් අතලොස්ස මනා ලෙස නව කොරෝනා වෛරසය මැඬලීමට සමත් වෙමින් සිටියි.

අන්තර්ජාලයෙනි

 

2020/10/28 තරුණි බලන්න.