පළමු උපන් දිනයේ ආදරණීය සැමරුමට

නොවැම්බර් 4, 2020

මාපිය පදවි හිමිකර දෙමින් මෙලොවට ආ සිඟිත්තාගේ පළමු උපන් දිනයත් මාපියනට අසීමිත සතුටකි. ඒ නිසාම බොහෝ මාපියන් තම දරු සිඟිත්තාගේ පළමු උපන් දිනය ජයටම සමරන්නට වෙහෙසෙති.

ඒ වෙනුවෙන් උත්සවයක් ගන්නේ නම් ලස්සනම ලස්සන උපන් දින කේක් එක පළමු තෝරා ගැනීමයි. ඉන්පසු ඒ අනුව සැරසිලි සකසන්නට වෙහෙසෙයි. මෙලෙස තම සිඟිත්තාගේ පළමු උපන් දිනය සමරන්නට බලා හිඳින මාපියන්ට තෝරාගන්නට හැකි අපූර්ව තේමා සහිත ලස්සන උපන්දින කේක් සමූහයක් අද ගෙන එනවා. බැලුන්, හිරු, සඳු, මුහුද, ග්‍රහලෝක, වාහන, වන සතුන් හා සුරතල් සතුන් ආදී විවධාකාර තේමා ඔබට මේ සඳහා භාවිත කළ හැකියි. එවැනි තේමා කිහිපයක් රැගත් මේ ලස්සන කේක් නිර්මාණවලින් ඔබටත් ඔබේ දුවගේ, පුතුගේ උපන්දිනයට ලස්සනම ලස්සන කේක් නිර්මාණයක් තෝරාගත හැකියි. බලන්න, ඒවා මොනතරම් අලංකාර ද කියා.

2020/11/04 තරුණි පුවත්පත බලන්න