පරිසර හානිය අවම කරන්න ප්‍රතිචක්‍රීකරණය වූ ප්ලාස්ටික් භාවිත කරමු

පෙබරවාරි 3, 2021

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය හා වෙන් කිරීම ගත් කල එහි ඇති අකාර්යක්ෂමතාව හා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එය අපකීර්තිමත් මාතෘකාවක් බවට මේවන විට ක්‍රමයෙන් පත් වෙමින් ඇත.

බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කරගනු ලබන්නේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500ක් පමණි. (මධ්‍යම පරිසර අධිකාරිය 2018) අපද්‍රව්‍ය බැහැර කිරීම හා කළමනාකරණය කිරීමේ දුර්වල ක්‍රමෝපායන් නිරන්තරයෙන් බොහෝ ගැටලු ඇති කරයි. මේ නිසා ප්ලාස්ටික් බෝතල් වැනි අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ජලමාර්ග අවහිරවීම හා කසළ රැඳවුම් අංගන පිරීයාම බහුලව දැකිය හැකි ප්‍රධාන ගැටලු වේ. මේ අපද්‍රව්‍ය හරියාකාරව බැහැර කොට වෙන් කළහොත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර එය ආර්ථිකයට ද වඩාත් ඵලදායි ලෙස යොදා ගත හැකිය.

මේ වන විට අප සියලු දෙනා දන්නා පරිදි රජය විසින් එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් තහනම 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙය තිරසාර ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකි නමුත් ප්‍රජාවට හා සමස්ථ ආර්ථිකයට ද ඉතා වැදගත් දායකත්වයක් සපයන, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ර්‍ථඡ්ඊ ප්ලාස්ටික් වැනි ප්ලාස්ටික් වර්ග, එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික්වලට අත් වී ඇති ඉරණම වැන්නක් සිදු වීමට ඉඩ නොතබා, ඊට නව්‍ය විසඳුමක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.

ඇසුරුම්කරණයේදී ර්‍ථඡ්ඊ ප්ලාස්ටික් භාවිතා කිරීමට හැකියාව ලැබීම නිසා මෙරට ප්‍රජාවන්ට නිෂ්පාදන වඩාත් පහසුවෙන් ලබාගැනීමට හා දැරිය හැකි මිලකට සැපයීමට අවස්ථාව සැලසී තිබේ. සාමාන්‍යයෙන් එවැනි ඇසුරුම් නිෂ්පාදනය ඉතා ලාභදායී වන අතර ඒවා අවම හානියක් වන ලෙස ප්‍රවාහනය හා ගබඩා කරතැබීම ද පහසුය. එමෙන්ම අනෙකුත් බොහෝ ද්‍රව්‍යවලට වඩා මේ ප්ලාස්ටික් නිෂ්පාදනයේදී පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සැලකිය යුතු තරම් අවම මට්ටමක පවතී.

අපගේ වත්මන් අපද්‍රවකළමනාකරණ පද්ධතියේ පවතින ප්‍රධාන ගැටලුව

අපද්‍රව්‍ය කළමාකරණය සඳහා මූලිකවම නිවෙසේ සිට එකම බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙයි. එහිදී නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසි පරිදි ඉඳුල්, කඩදාසි හා ප්ලාස්ටික් ආදී වශයෙන් ඒවා එකතු කිරීමට පැමිණෙන්නන්ට රැගෙන යා හැකි පරිදි ඒවා වෙන් කර තැබීම සදහා දැනුවත් කිරීම සිදු කළ යුතුය.

නමුත් සමහර අවස්ථාවලදී නිවෙස්වල එකතුකිරීම සඳහා අපද්‍රව්‍ය වෙන් කළ ද ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි දේවල් අනෙක් අපද්‍රව්‍ය සමඟ එකතුවී ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි තත්ත්වයට පත් විය හැකිය. මෙහිදී සිදු වන්නේ වෙන් වෙන් වශයෙන් එකතු කළ අපද්‍රව්‍ය ද අනෙක් කසළ සමඟම එකම කසළ ගොඩකට එකතු වීමෙන් සමස්ත අපද්‍රව්‍ය වෙන්කිරීමේ ක්‍රියාවලියම අසාර්ථකවීමයි.

ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධ නිවැරැදි මඟපෙන්වීම සහ ඊට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම, පුද්ගලික අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘරික ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා වෙන්කරන්නන් බිහි වීමට හේතු වී ඇත. අද වන විට ශ්‍රී ලංකාවේ 300කට වැඩි ලියාපදිංචි හා ලියාපදිංචි නොකළ ප්ලාස්ටික් එකතුකරන්නන් හා ප්‍රතිචක්‍රියකරණය කරන්නන් ජාලයක් සිටී. (මධ්‍යම පරිසර අධිකාරිය, 2019) මෙම කුඩා ව්‍යවසායකයන්ට නිවැරැදි හා කාර්යක්ෂම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරිමේ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් හා සහාය නොමැති බැවින් මේ අංශය තවදුරටත් ශක්තිමත්කළ යුතුය.

මේ සඳහා සිදු කළ යුත්තේ කුමක්ද?

ප්‍රධාන වශයෙන් රජය විසින් මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳව නිසි තක්සේරුවක් හා සොයා බැලීමක් සිදු කළ යුතුය. පළාත් පාලන ආයතන හා නගරසභාවලින් අපද්‍රව්‍ය එක්රැස් කිරිම හා වෙන් කිරීම සදහා යම් ප්‍රතිපාදනයක් වෙන් කළ යුතු අතර, බාධාවකින් තොර අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා රජය විසින් නව්‍ය උපාය මාර්ගයක් ප්‍රවර්ධනය කළ යුතුය. ප්‍රතිචක්‍රීයකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා මෙය උපකාරී විය හැකිය.

ජපානයේ අපද්‍රව්‍ය වෙන් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය හා ප්‍රතිචක්‍රීයකරණය ආදී ක්‍රියාවලීන් පාලනය කිරිමේදී ඔවුන් ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් පවත්වා ගෙන යැම මේ සඳහා කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ජපානය විසින් අනුගමනය කරනු ලබන මේ ක්‍රියාවලිය ඔවුන් වගකීමකින් යුතුව සිදු කරන අතර බලධාරින්, පාරිභෝගිකයන් ඇතුළුව පාර්ශ්වකරුවන් රාශියකට එය උපාය මාර්ගිකව පවරා දී ඇත. ඒ තුළින් ඔවුන්ගේ නිවෙස්වල සිටම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි හා නොහැකි අපද්‍රව්‍ය වෙන් කිරීම, එකතු කිරීම, ඉවත දැමීම, පුලුස්සා දැමීම හෝ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සදහා සම්මත ක්‍රමවේදයක් පවත්වා ගැනීමට ඔවුන්ව පොලඹවයි. (ජපන් රජයේ කළමනාකරණ හා ප්‍රතිචක්‍රියකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සැලසුම්කරණ අංශය, 2012)

රජය හැරුණු විට ප්ලාස්ටික් නිෂ්පාදකයින් ද පුළුල් වූ නිෂ්පාදන වගකීමේ (ඡ්ර්‍ථඅ) ප්‍රතිපත්තිය මත පිහිටා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම හා වෙන් කිරීම දිරිමත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි. එහිදී ආරම්භයක් ලෙස ර්‍ථඡ්ඊ ප්ලාස්ටික් බෝතල් සහ විශාල සන්නාම සහිත පාන වර්ග නිෂ්පාදකයින්ට ඔවුන්ගේ බෝතල් හා බෝතල් පියන් එකම ප්‍රමිතියකට සහ බෝතල් විනිවිද පෙනෙන අයුරින් නිපදවිය හැකිය. එමඟින් පරිහරණයෙන් පසු ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කරන්නන් අතට පත් වන විට ඒවා වෙන් කිරීම පිරිසිදු කිරීම හා ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ ක්‍රියාවලිය පහසු කරගත හැකිය.

තවද ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ නිවැරදි ක්‍රමෝපායන් පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කළ යුතුය. එහිදී ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි පරිදි අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සඳහා දැනුවත්භාවය වැඩි කිරීමට හා උත්තේජනයක් ඇති කිරීම සඳහා වෙරළ හා සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන ඉලක්ක කරගනිමින් පිරිසුදු කිරීමේ වැඩසටහන් හා ඒ හා සමාන වැඩසටහන් හරහා වැඩි වශයෙන් ජනතාව සම්බන්ධ කර ගත හැකිය. ඉකෝ ස්පින්ඩ්ල්ස් පුද්ගලික සමාගම වසර ගණනාවක් තිස්සේ මෙරට කොකා-කෝලා සමාගමේ ‘ට්ඪමඥ ඕචජඬ ඹ්ඪටඥ - නැවත ජීවක් දෙමු’ යන වැඩසටහන සමඟ එක්ව කතරගම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ආරම්භකර තිබීම ඊට ලබාදිය හැකි උදාහරණයකි. ඒ අනුව 2019 දී කතරගම පූජා භූමිය තුළදී පමණක් අපට ර්‍ථඡ්ඊ ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 4227 ක් එකතු කරගැනීමට හැකි විය. එය හුදෙක් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් පමණක් නොවූ අතර කතරගමට පැමිණෙන බැතිමතුන්ට හා අමුත්තන්ට ඔවුන් ගෙන එනු ලබන ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳව වඩාත් සිතා බැලීමට මෙමඟින් අප ඔවුන්ව දිරිමත් කළෙමු. එමෙන්ම ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලින් රැකියා ස්ථානවලින් හා ප්‍රජාවන්ගෙන් ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැපයීමෙන් වැඩි පිරිසක් දායක කර ගැනීමට හැකි වූ වැදගත් සමාජ සත්කාරමය වැඩසටහනක් ලෙස ද මෙය පෙන්වා දිය හැකිය.

ර්‍ථඡ්ඊ ප්ලාස්ටික් යනු ඉවත දමන දෙයක් නොවේ එය වටිනා සම්පතකි

ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීයකරණ ක්ෂේත්‍රයෙහි විභවය ඉතා ඉහළ මට්ටමක පවතී. ආර්ථිකමය හා පාරිසරික වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා චක්‍රිය ආර්ථික සංවර්ධනය වැදගත් වේ. එමෙන්ම ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් චක්‍රීය ආර්ථිකයක් කරා යෑමට ප්‍රධාන උත්තේජනයක් සපයනු ලබන අතර එමඟින් ක්ෂේත්‍රයට මෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපද්‍රව්‍ය එකතු කරන්නන්ට ප්‍රතිලාභ සැලසෙනු ඇත.

අප ඒ සඳහා කළ යුත්තේ අපගේ අපද්‍රව්‍ය වෙන්කරීම හා කළමනාකරණය පිළිබඳව සැලකිලිමත් වීම හා බුද්ධිමත්ව කටයුතු කිරීමයි. එමඟින් අපගේ පරිසරයට සිදුවන බලපෑම සැලකිය යුතු තරම් අඩු කර ගත හැකි අතර නිෂ්පාදන සිදුකිරීමේදී ක්ෂු අමුද්‍රව්‍ය භාවිතා කරනවාට වඩා ප්‍රතිචක්‍රීයකරණය වූ ප්ලාස්ටික් භාවිතා කිරීම එහිදී වඩාත් වාසිදායක වනු ඇත. එය සැබවින්ම සියලු දෙනාටම ආර්ථිකමය හා පාරිසරික වශයෙන් සුවිශාල ජයග්‍රහණයක් වනු ඇත.