වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රන් මුද්දක් සඟවා ගෙන හැඩට හැඩේ ගලා හැලෙන දිය ඇලි කොමලිය
විවේකී සති අන්තය නිදහසේ සතුටින් ගත කරන්නට ඇත්නම් එය විඩාබර මනසට හොඳ ඔසුවක්ග ඒ වගේම පවුලේ අය සමඟ මේ නිවාඩු දින දෙක ලස්සන නිස්කලංක තැනක ගත කරන්නට තිබේනම් එය පවුලේ සමඟියටද විශාල හේතුවක්ග කොරෝනා වසංගතය නිසා නිවෙස්වලට කොටුවී සිටින විට දැනුණු පීඩනයෙන් මිදෙන්නත් අපට පිහිට වන්නේ හරිත පැහැය පිරුණූ පිරිසරයයි.
පසුගිය සතියේ අප ඔබ කැටුව ගියේ එලෙස නිදහසේ දිය නාන්නට හැකි කුමරි ඇල්ල වෙතයිග අද අප ඔබ කැටුව යන්නේ එම ප්‍රදේශයේම (තුම්මෝදර) පිහිටා ඇති ශ්‍රී සුමන පිරිවෙන් විහාරයට සහ ඒ අසලම ඇති රන්මුදු ඇල්ල වෙතයිග කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය හන්දියෙන් කොළඹ සිට පැමිණෙද්දී දකුණට හැරෙන්නට ඇති තුම්මෝදර පාරේ පැමිණ තුම්මෝදරට ළඟාවිය හැකියිග එසේත් නැතිනම් හංවැල්ලට පැමිණ කළුඅග්ගල හන්දියෙන් හැරී තුම්මෝදර හන්දියට ඇවිත් එතැනින් පුවක්පිටිය පාරට හැරී ටික දුරක් පැමිණ මේ දිය ඇල්ලට සහ විහාරස්ථානයට ළඟාවිය හැකියිග
තුම්මෝදර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානය දැක වැඳපුදා ගත යුතු සුවිශේෂී ස්ථානයක් වන්නේ ඇයිරෑ
ඒ ලංකාවේ අන් කිසිම තැනක දැක ගත නොහැකි මහා සතිපට්ඨාන සූත්‍රය කළුගලේ කොටා නිර්මාණය කර ඇති චෛත්‍යය පිහිටා ඇති නිසයිග පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සිටී නම් මේ ඔවුනට පෙන්විය යුතුම විහාරස්ථානයකිග මේ පිළිබඳව අප දැනුම්වත් කළේ මෙහි වත්මන් විහාරාධිපතිල පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය යටිපස්ගමුවේ විජිතවංශ ස්වාමීන් වහන්සේ විසිනිග
‘‘කලටුවාව ජලාශය ඉදිකරනවිට එයට යටවුණු විහාරස්ථානය වෙනුවෙන් හැදූ විහාරස්ථානය තමයි මේග එක්දහස් අටසිය ගණන්වල අගභාගයේ තමයි මෙය ඉදිකිරීම ආරම්භකරලා තිබෙන්නෙග ඒග ඩීග පවුලිස් අප්පුහාමි කියන වෙද මහත්තයාට අයිති අක්කර දහයක පමණ පෞද්ගලික භූමි භාගයක ඒ අයගේ මුදලුත් වියදම් කරලා මෙය ගොඩ නඟලා තිබෙනවාග මෙලෙස ගොඩනඟපු මේ අංග සම්පූර්ණ විහාරස්ථානය 1942 ධර්මධරල විනයධර අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවන්ගේ විචිත්‍ර ධර්ම කථිකත්වය කෙරෙහි පැහැදී උන්වහනසේට පූජාකරලා තිබෙනවාග උන්වහන්සේ මේ ස්ථානය භාර අරගෙන තිබෙන්නේ මේ ස්ථානය අධ්‍යාපන ආයතනයක් කිරිමට කැමැති නම් පමණක් භාරගන්නම් කියලාග එලෙස භාර අරගෙන 1953 ඉඳලා උදේ වරුවේ පාසලත් හවස් වරුවේ පිරිවෙනත් ආරම්භ කරලා තිබෙනවාග
එසේම දැනට මේ විහාර භූමියේ තිබෙන කළුගල්වලින් කරන ලද විහාර මන්දිරය සහ මහා සතිපට්ඨාන සූත්‍රය කළුගලේ කොටා නිර්මාණය කර ඇති චෛත්‍යය ඓතිහාසික වටිනාකම් ලෙස පෙන්විය හැකියිග විහාර මන්දිරයෙහි තැන්පත් කර ඇත්තේ බුරුම රටෙන් ගෙන්වන ලද ඉතා දුර්ලභ කිරිගරුඬ ප්‍රතිමා වහන්සේලායිග‘‘
‘‘ මේ චෛත්‍යයේ තිබෙන්නේ අටපට්ටම් පාදමක්ග අපේ රටේ ඉතිහාසය පිළිබඳව ඇති කිසිම මූලාශ්‍රයක මෙවැනි අටපට්ටම් පාදමක් සහිත සතර සතිපට්ඨාන සූත්‍රය කළුගලෙහි කොටන ලද චෛත්‍යයක් පිළිබඳව සඳහන් වෙලා නැහැග ඒ නිසා ලංකාවටම තිබෙන එකම චෛත්‍යය මෙය පමණක් බව තමයි විශ්වාස කරන්නේ ග 1942 වර්ෂයේ මේ කළුගල් පාදම ඉදිකර ඇති බව සඳහන් වනවාග ඒ වගේම මේ ඝාණ්ඨාර කුලුන සහ බුදු මැඳුර ඉදිකරලා තිබෙන්නේත් කළුගල්වලින්ග මෙහි ධර්ම ශාලාව ඉදිකර තිබෙන්නේ කළුගල් කණු මත නිසා මේ ස්ථානය සුවිශේෂී තැනක්ග‘‘
මෙහි ඇතුළු වන දොරටුව ඉහළින් නමස්කාරය සහ පන්සිල් පද පහ කළුගලෙහි කොටා තිබේග අපි බුදු මැඳුරට ඇතුළු වීමුග කිරිගරුඬින් නෙළන ලද බුද්ධ ප්‍රථිමා වහන්සේ සහ සැරියුත් මුගලන් අග සවු දෙනම වන්දනා මාන කරගත් අපගේ අවධානය යොමු වූයේ විහාර මන්දිරයේ දකුණු පසට වන්නට තැන්පත්කර ඇති මහා විෂ්ණු දේව ප්‍රථිමාව වෙතයිග
‘‘ බුදු සසුන ආරක්ෂා කරන්නට භාරදුන් විෂ්ණු දෙවියන්ගේ මෙම ඉපැරණි ප්‍රථිමාව තනිකර කළුගලින් නිර්මාණය කර තිබෙන අතර මෙහි ඇවිත් කරන භාරහාර සියල්ල ඒ ආකාරයෙන් ඉටුවන බවට ජනතාව තුළ ලොකු විශ්වාසයක් පවතිනවාග ඒ වාගේම සත්‍ය පෙන්නුම් කළ අවස්ථා බොහෝ තිබෙනවාග‘‘
බුදු මැඳුරේ සිට චෛත්‍ය වෙත ඇතුළු වන ස්ථානයේ මෙම විහාරස්ථානය කරවූවා යැයි සඳහන් වන පවුලිස් අප්පුහාමි මහතා සහ ඔහුගේ දියණිය වන ඒගඩීග ප්‍රේමලතා පුංචිමැණිකේ මෙනෙවියගේ කළුගල් ප්‍රථිමා දෙකක් දැකගත හැකියග
මෙම විහාර භූමියේ පසෙකට වන්නට මෙම දෙදෙනා මියගිය පසුව තැන්පත් කළ සොහොන් දෙක ද දැකගත හැකියග
මෙවන් ගමනකදී අප කවුරුත් පාහේ වැඩි කැමැත්තක් දක්වන්නේ ස්වාභාවික දිය පහරකින්ල ගඟකින් හෝ දිය ඇල්ලකින් නාන්නටයිග එහෙත් අද මාධ්‍යයන් මගින් නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙන්නේ වැව්වල ගංගාවල හෝ මහ මුහුදේ නෑමට ගිය බොහෝ දෙනෙක් සිය ජීවිත අහිමි කරගන්නා බවයිග එනිසාම ඉතාමත් ආරක්ෂිතව දිය නෑමට හැකි පිරිසුදු දිය දහරකින් යුතු දියඇල්ලක් ලෙස මේ රන්මුදු ඇල්ල හැඳීන්විය හැකියිග
තුම්මෝදර ශ්‍රී සුමන පිරිවෙන් විහාර භූමියේ කෙළවරකට වන්නට පිහිටා ඇති මේ දිය ඇල්ල ‘රන්මුදු ඇල්ල‘ නැත්නම් ‘රම්මුදු ඇල්ල‘ ලෙස හඳුන්වයිග පන්සල වැඳ පුදා ගත් පසු පන්සල් බිමේ සිට ඉතා කෙටි මාර්ගයක් ඔස්සේ දිය ඇල්ල වෙත ළඟා විය හැකියිග
පන්සලේ විහාර ගේ ළඟ ඉඳලා රන්මුදු ඇල්ලට තිබෙන්නේ මීටර 200 ක වගේ දුරක්ග
පන්සල් බිමේ කෙළවරට වන්නට ඇත්තේ ස්වාහාවික ගස් කොළන් වලින් පිරී ගිය තරමක කැලෑවකිග ඒ මැදින් ඇති අඩිපාර දිගේ ගිය විට දිය ඇල්ලට ළඟා විය හැකියග පන්සලට නොපැමිණ කෙළින්ම දිය ඇල්ල වෙත ළඟා වීමටද හැකියග වන වදුලේ තුරුවියන් අතර සැඟවීහිඳ ගී ගයන විහඟුන් ගේ නාදය දෙසවනට දිව ඔසුවක් සේයග ඒ අතරින් දිය ඇල්ල කඩා හැලෙන ඒ මිහිරි හඬ දෙසවනට ඇසේග අපි පය ඉක්මන් කළෙමුග පන්සල් බිමෙන් ගිය විට අප පිවිසෙන්නේ දිය ඇල්ලේ ඉහළ කොටසට බැවින් පහළට ගලා යන දිය ඇල්ලේ අලංකාරය දැක ගත හැකියග ගඅප යනවිට ගම් වැසියන් කිහිප දෙනකු එහි දිය නාමින් සිටීග ඇඳුම් උනා දමා නෑමට සුදුසු ඇඳුමකින් සැරසුණු අපි දිය ඇල්ලේ ඉහළම කොටසේ ඇති ජල පොකුණට බැස්සෙමුග යටි පතුලෙන් පටන් ගත් සිසිලසක් පාද දිගේ ඉහළට ගොස් මුළු ගතම හීගඩු නැංවාලයිග ඒ තරමට ජලය සිසිල්යග පිරිසුදුයග මම වතුර දෝතක් ගෙන මුහුණ දොවා ගතිමිග
යන එන දනගෙ ගිමනට පෙණ බුබුළු ඉසී
සැනසුම ලබා සිටි එකියක් කරන වශී
පැනයන විලස හොර රහසින් සිනහ සිසී
මනමාලියක් උඩුමහලින් බිමට බසී
මට පුවත්පතකින් කියැවූ කවියක් සිහියට නැඟුණේ දිය ඇල්ල ගලන චමත්කාරය දුටු විටයග
මම හාත්පස සිසාරා නෙත් යොමු කළෙමිග විශාල වනාන්තරයක් නොවූවද ගොඩපරල නුගල කැලෑදෙල්ල නැඳුන්ල රත් කෑලියල කොට්ටම්බාල කොස් ල කැට කෑල වැනි වසර සියගණනක් තිස්සේ වැවුණු යෝධ ගස් සිය දැවැන්ත අතුපතර විහිදා තුරු වියනක් සාදා ඇතග එයින් ලැබෙන සෙවණින් දහවල වුවද පරිසරයට එක්කරන්නේ සිසිලස පිරි අඳුරකිග
පඤ්ඤාගුල කන්දේ දෙහිගස් ඇල්ල කියන ස්ථානයේ උල්පතකින් ආරම්භවන ජල පහරකින් රන්මුදු ඇල්ල නිර්මාණය වී තිබේග පඤ්ඤාගුල කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සබරගමු සහ බස්නාහිර යන පළාත් දෙක වෙන්කරන මායිම් ගම්මානයග එසේ ආරම්භ වෙලා ගලා ඇවිත් මේ ස්ථානයේදී අලංකාර රන්මුදු ඇල්ල කියන දිය ඇල්ල නිර්මාණය කරනවාග මේ ඇල්ලට රම්මුදු ඇල්ල කියන නම සෑදී ඇති ඇත්තේ ද අපූරු සිදුවීමක් නිසාග සීතාවක රජකම් කළ පළමුවැනි රාජසිංහ (ටිකිරි කුමාරයා) රජ්ජුරුවන් බිසෝවරු සමඟ දිය නාලා තිබෙන්නේ මේ දිය ඇල්ලෙන්ග දවසක් බිසවකගේ රත්තරන් මුද්ද මෙහි වැටිලා තිබෙනවාග රාජ පුරුෂයෝ ගල් පෙරල පෙරලා මුද්ද හොයලා තිබෙනවාග ඒත් හම්බවෙලා නැහැග ඉතින් එදා සිට මේ ඇල්ල රන් මුද්ද වැටුණු ඇල්ල රන්මුදු ඇල්ලල රම්මුදු ඇල්ල යන නමින් තමයි හඳුන්වන්නේග තට්ටු තුනක් ලෙස පහළට කඩා හැලෙන මුළු දිය ඇල්ලේ උස මීටර් 45 ක් පමණ වේග
එහා මෙහා ගොඩබිම් යාකරමින් තනා ඇති පාලම මතට ගොඩවූ විට දිය ඇල්ල වඩාත් අලංකාරව දැකිය හැකියග අප ඇවිද ගොස් පාලමට ගොඩවීමුග හෝ හඬ නංවමින් දිය ඇල්ල ගලායන ගීතවත් හඬ මිහිරියග මම පාලමේ කෙළවරකින් ගල්මතට පැන දිය ඇල්ල කඩා හැලෙන මැද පිහිටි ජල පොකුණට බැස්සෙමිග මේ ඇල්ලේ දෙවැනි මහලයිග මේ සීතල වතුරේ ගිලී නාන විට ගතට මෙන්ම සිතට දැනෙන්නේ මොන තරම් සුවයක් දරෑ එය වචනයෙන් විස්තර කළ නොහැකියග ඒ නිසා ඔබ මෙහි පැමිණිය හොත් අනිවාර්යයෙන්ම දිය නෑමට සුදුසු ඇඳුමක් රැගෙන එන්නැයි මම යෝජනා කරන්නේ මේ සිසිල් ජලය පිරි පොකුණේ ගිලෙන්නට ඔබේ සිත බල කරනු නොඅනුමාන නිසායිග මේ දිනවල එතරම් තද වර්ෂාපතනයක් මේ ප්‍රදේශයට නොමැති නිසා දිය ඇල්ලේ ඇත්තේ තරමක දිය දහරාවකිග දිය ඇල්ල එතරම් උසක සිට ඇද නොවැටෙන නිසා එයට හිස අල්ලා නාමින් රිසි සේ විනෝද විය හැකියග කුඩා දරුවන්ට දිය නෑමට සුදුසු කුඩා කුඩා ජල පොකුණු තැනින් තැන නිර්මාණය වී ඇතග එහෙත් දිය සෙවළ බැඳී ඇති නිසා ගල් මත ඇවිදීමේදී කුඩා දරුවන් මෙන්ම වැඩිහිටි ඔබත් පරෙස්සම් වීමට වග බලා ගත යුතුයග මම යළිත් පාලම මතට ගොඩවීමිග දිය ඇල්ල පහළට ගලා යමින් මවන දසුන සුන්දරයග රූස්ස තුරු වියන් මත සිට පහළට කඩා හැලෙන වැල්වල තද හරිත පැහැය අතරේ දම්පාට මල් පරිසරයට අමුතුම චමත්කාර ජනක අලංකාරයක් එක්කර තිබේග
මේ මලට කියන්නේ තර්බොන්ජියා කියලාග මේ වැල මේ ප්‍රදේශයට ආවේනිකයිග ලබුගම සහ කලටුවාව ජලාශ පිහිටලා තිබෙන මේ ප්‍රදේශයේ ඇති වනාන්තර ප්‍රමාණය අක්කර 5313 ක් පමණ වෙනවාග 1992 මාර්තු 26 වැනිදා අංක 702 රැ12 ගැසට් නිවේදනය මගින් රජයට පවරාගෙන රක්ෂිත බවට පත්කරලා තිබෙන අතර මේ ප්‍රදේශයට අඟල් 100-150 තරමේ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවාග
කතාබහ කරමින් අවට සිරි නරඹද්දී කාලය ගෙවී යන බවක් නොදැනේග එහෙත් අප අදට සමුගත යුතුවේ එබැවින් අකැමැත්තෙන් වුවත් අප දිය ඇල්ලෙන් සිත මුදවා ගත යුතුයග අවසාන වශයෙන් ඔබට මේ ටික කිව යුතුයග ඔබ මේ ස්ථානයට පැමිණි විට කෑ කෝ ගසමින් මෙහි අනවශ්‍ය කලබල කාරි බවකින් තොරව විනෝදවන්නට සිත තබා ගන්නග ඒ විහාරස්ථානයක් ආසන්නයේ ඇති බැවිනිග එලෙසම මත්වතුර පානය කරමින් මේ ස්ථානයේ විනෝද වීමට එන්න එපාග ඒ ගහට කොළට ආදරය කරන ගම් වැසියන් ගේ ඉල්ලීමයිග එලෙසම වීදුරු බෝතල්ල ප්ලාස්ටික් බෝතල්ල පොලිතීන්ල ෂොපින් මලු ආදී ඔබ රැගෙන එන පරිසර විනාශ කරන මාරයන් ගෙන ආ ලෙසම රැගෙන යන්නට වග බලා ගන්නග මේ පරිසරයට ආදරය කරන්නග එවිට තුම්මෝදර ගම් වැසියන්ට මිල කළ නොහැකි මේ පිරිසුදු දිය දහර මතු පරපුරට එලෙසම දායාද කළ හැකියග
ඡායාරූප - ශාන් රූපස්සර