පැරාලොම්පික් උලෙළ නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව

කුමුදු ප්‍රියංකා
සැප්තැම්බර් 1, 2021

 

මිටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව ඇය සතුයි

 

මෙවර පැරාලිම්පික් උලෙළ නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව වන්නේ කුමුදු ප්‍රියංකා වන අතර ඇය මීටර් 100 දුර දිවීම සහ දුර පැනීම යන ඉසව් දෙකෙන් තරග වදිනවා.

අපේ රට වෙනුවෙන් ඉසව් දෙකක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

බුත්තල හොරබොක්ක නම් ගමේ ගොවිතැනින් ජීවිත් වෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය ඇයයි. ඇයට වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. කුඩා කලම පියා අහිමි වුණු මේ පවුලේ බර කරට ගන්නේ කුමුදුගේ මවයි. මේ නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටින අතර වාරයේ මවගේ උදව්වට ගිය අවස්ථාවක සිදුවු අනපේක්ෂිත අනතුරකින් ඇයට වැලමිටෙන් පහළ අත් දෙකත් වම් ඇසේ පෙනීමත් අහිමි වෙනවා. එහෙත් ගත දුබල වුවත් සිතේ සවිය ඒ හැමටම වඩා ප්‍රබල බව ලොවටම පසක් කරමින් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි ඇය අද අපේ රට නියෝජනය කරමින් රටට ආඩම්බරයක් බවට පත්වන්නට සමත්වී සිටිනවා.

2010 Para Asian Games තරගාවලියේදී T45 අංශයේ මීටර් 200 ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වුණු ඇගේ එම වාර්තාව තවමත් නොබිඳී පැවතීම විශේෂත්වයක්. එහිදී ඇය වාර්තා කළ කාලය තත්පර 28.58ක්.

මේ වසරේ පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී (World Para Athletics Grang Prix ) මීටර් සියය තත්පර 13.03 කින් නිමා කරමින් සිව්වැනි ස්ථානයට පත්වුණු ඇය, එම තරගාවලියේදීම දුර පැනීමේ ඉසව්වවෙන් මීටර් 4.89 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගන්නට සම්ත්වනවා.

සැප්තැම්බර් තුන්වැනිදා ( අනිද්දා) පෙරවරු 9.30 සිට 12.55 දක්වා කාලය තුළ කුමුදු දුර පැනීමේ ඉසව්වට සහභාගි විමට නියමත අතර, මධුරංග සුබසිංහ මීටර් 400 ( T-47) මූලික වටයට සහභාගි විමටත් නියමිතයි.

සැප්තැම්බර් 4 වැනිදා පෙරවරු 9.30 සිට 12.55 දක්වා කාලය තුළ පාලිත බණ්ඩාර යගුලිය විසි කිරිමේ අවසන් වටයට සහභාගි විමට නියමිතයි.(F-63 final)විශේෂ අවශ්‍යතා සහිත වූවන් අතරින් ගතේ සවියට වඩා සිතේ ශක්තියෙන් තරග වදින මේ දක්ෂයින්ට රටට කීර්තිය ලබා දෙන්නට තව තවත් දිරිය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථානා කරමු.