ලංකාව පුරා සිටින දිරිය කාන්තාවන් ලියාපදිංචි කිරීම ඇරැඹුණා

ජනවාරි 24, 2022
  • ඔබගේ ගොවිපළ පරිබාහිර කටයුතු සඳහා ලක්ෂ 50ක මුදලක් ද හිමි වෙයි
  • ව්‍යාපෘතිය කරගෙන යන ආකාරය පිළිබඳ අධීක්ෂණය කර අවශ්‍ය තාක්ෂණික දැනුමද ලබාදීම.
  •  සාර්ථකත්වයට පත් වූ ව්‍යාපෘති අධ්‍යයනය කිරීම සඳහා එම ව්‍යාපෘති නැරඹීමට අවස්ථාව
  • යටිතල පහසුකම් සපයා ගැනීමට ආධාර
  •  කෘෂිකර්ම ව්‍යාපෘතිවලට අවශ්‍ය උපකරණ ලබාදීම
  • විනෝදාංශයෙන් අතමිට සරුකර ගන්න පුංචි කෘෂි ව්‍යාපාරයක් පටන් ගන්න

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන මඟින් කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන හා උපකරණ ලබා ගැනීමට ද ණය මුදල් සපයයි. මෙහිදී සලකා බලන ප්‍රධානතම සාධකය වන්නේ ඔබ සිදු කරන ව්‍යාපෘතිය කෘෂි කර්මාන්තයට සම්බන්ධ හෝ කෘෂි කර්මාන්තය දියුණු කිරීමට උපකාරි වෙයි ද යන සාධකයයි.

උදාහරණයක් ලෙස කහ වගාව ආශ්‍රිතව තවත් ක්‍රියාකාරකම් රාශියක් පවතී. කහ වගා කළ පසු වියළීම සඳහා විජලන යන්ත්‍රයක් අවශ්‍ය වෙයි. එසේම එම කහ කුඩු කිරීම සඳහා ඇඹරුම් යන්ත්‍රයක් යොදා ගත යුතු වෙයි. මේ ආකාරයෙන් කහ වගාව හා බැඳුණු අගය දාමයක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා දායක වෙන ඕනෑම ව්‍යාපෘතියක් සඳහා SAPP සහයෝගය දක්වයි.

ඔබ එවැනි කටයුත්තක් සඳහා යොමු වෙයි නම් ඒ ගැන පැහැදිලි ව්‍යාපෘති වාර්තාවක් SAPP ආයතනයට යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස ඔබට කහ ඇඹරුම් යන්ත්‍රයක් මිලදී ගැනීමට අදහසක් තිබෙනවා යැයි සිතමු. ඔබ එසේ මිලදී ගන්නා යන්ත්‍රයට කහ සපයා ගන්නා ආකාරය, ඇඹරූ කහ අලෙවි කර ගන්නා ක්‍රමය හා ප්‍රදේශය ගැන පැහැදිලි විස්තරයක් සැපයිය යුතු වෙයි. මේ ආකාරයට කෘෂි කර්මාන්තයේ අගය වැඩි කිරීම හා ලාභය වැඩිකර ගැනීම සහ තිරසාර සැලැස්මක් පිළිබඳ සලකා බලා ඒ සඳහා ණය මුදලක් පිරිනැමීමට SAPP ආයතනය ඉදිරිපත්වීම මේ වැඩසටහනේ විශේෂත්වයකි.

එම ආයතනය මඟින් ණය මුදලක් ලබාදීමෙන් පමණක් නොනවතී. ණය මුදල ලබාදී එයින් ඔබ ව්‍යාපෘතිය කරගෙන යන ආකාරය පිළිබඳ අධීක්ෂණයක් කරයි. ඔබට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමද ලබා දෙයි. මෙහිදී ඔබට කෘෂි ව්‍යාපාර තුළින් සාර්ථකත්වයට පත් වූ ව්‍යාපෘති අධ්‍යයනය කිරීම සඳහා එම ව්‍යාපෘති නැරඹීමට ද අවස්ථාව උදාකරදෙයි.

මේ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා කෘෂි ඵලදාව මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවකු සිටීම වැදගත්ම සාධකයකි. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරය වැඩසටහන හරහා මෙලෙස කෘෂි නිෂ්පාදන මිලදී ගන්නා ගැනුම්කරුවා විසින් ප්‍රතිලාභීන්ගේ තොරතුරු හා දත්ත සැලසුම් ඉදිරිපත් කරන අතර ඒ අනුව SAPP නිලධාරීන් විසින් ක්ෂේත්‍රය පරීක්ෂා කරනු ලබයි. එසේ පරීක්ෂා කර බලා ඔබගේ ව්‍යාපාරය සඳහා ගැනුම්කරුවාට අදාළ ණය මුදල ලබාදීමද සිදු වේ.

එයට අමතරව ඔබ කෘෂිකර්ම ව්‍යාපෘතිය කරගෙන යන අතර අවශ්‍ය උපකරණ ලබාදීමද සිදු කරනු ලබන්නේ ඔබගේ ව්‍යාපෘතියට දිරිගැන්වීමක් ලෙසිනි. ඔබ එම කාර්යය කරගෙන යන අතර Home Farm Activity ගොවිපොළ පරිබාහිර කටයුතු සඳහා ද ආධාර සපයයි. ඒ සඳහා එක් ව්‍යාපෘතියක් සඳහා ලක්ෂ 50ක මුදලක් ලබා දෙයි. එසේ ලබාදෙන මුදලින් ප්‍රතිලාභීන්ට ගමන් කරන මාර්ගයක් සකස් කිරීමට හෝ ජලය පහසුකම් සපයා ගැනීමට වැනි වැඩසටහන් සඳහා මේ මුදල පිරිනමයි.

මේ ආකාරයට දිවයින පුරා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා ණය මුදල් සැපයීමට අමතර යටිතල පහසුකම් සපයා ගැනීමට ද ආධාර කිරීම මේ වැඩසටහනේ තවත් එක් අංගයකි. මේ මුදල් රජයේ නිලධාරීන්ගේ ඇගයීමට අනුව ප්‍රාදේශීය ලේකම්තුමාට හෝ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා වෙත ලබාදීම සිදු වෙයි.

 උපදෙස් - SAPP ආයතනයේ ඌව, නැගෙනහිර, දකුණු පළාත්

වැඩසටහන් උපදේශක අනිල් ජයවර්ධන මහතා

සටහන

දුමින්ද කාරියවසම්