කරදරයක් නැති හෑන්ඩ් බෑග් එකක් තෝරා ගන්නේ මෙහෙමයි

ජූලි 17, 2023

විලාසිතා කියලා කීවම ඇඳුම් පැලඳුම් විතරක් නෙවෙයි, පාවහන් සහ හෑන්ඩ් බෑග් වගේ අනෙකුත් accessoriesත් එයට අයත් වෙනවා. Fashions තෝරා ගන්නකොට අපි බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි ඒ ඒ කාලවලට එන trend එකට අනුව යම් යම් දේවල් මිලට ගැනීම. ඉතින් hand bags ගැන කතා කරනකොටත් මේ කාරණය පොදු වෙනවා. මේ නිසා අපි කල්පනා කළා ඔබට හරියටම ගැළපෙන hand bag එක තෝරා ගැනීමේදී සලකා බලන්න අවශ්‍ය වන කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන්න. බලන්න මේ දේවල් ඔබටත් කොයි තරම් වැදගත් වෙයිද කියලා.

 

සුවපහසු ද කියලා බලන්න

 

තමන්ගේ හිත ගිය hand bag එක අතට අරන් ඒකේ බාහිර පෙනුම විතරක් බලලා මිලට ගන්න නම් එපා. බෑගය හොඳින් පරීක්ෂා කරන අතරතුරේ පොඩ්ඩක් කරේ දාලත් බලන්න එය ඔබට කොයි තරම් comfortable විදියට දැනෙනවද කියලා. කොයි තරම් පහසුදායක විදියට එය උරහිස මත රැඳිලා තියෙනවද, අත දිගේ රූරා වැටෙන්නේ නැතිව හොඳින් fit වෙලා තියෙනවාද, පැලඳගෙන ඉන්නා අවස්ථාවලදි අතට හෝ උරහිසට අපහසුතාවයක් දැනෙනවාද, ඇවිදින විට අපහසුකාරී ආකාරයට අත්වල දැවටෙනවාද සහ handle එක තමන් අපේක්ෂා කරන ආකාරයට තියෙනවාද වගේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න සිදුවෙනවා. මොකද, ඔබ මිලට ගන්නා මේ බෑගය පැලඳගෙන දිගු වේලාවක් ගත කරනවිට හෝ ඇවිදිනවිට එය ඔබට හිරිහැරයක් විදියට දැනෙනවා නම් තමන් වැය කළ මුදල අපතේ ගිහින් කියලා ඔබට දැනෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා 

සැහැල්ලුද කියලා බලන්න

සාමාන්‍ය යෙන් ගමනක් බිමනක් යනකොට අපිට නොදැනීම handbag එකේ බර වැඩිවෙලා වගේ දැනෙන්න පටන් ගන්නවා නේද? ඉතින්  ඒ බරින් වැඩි කොටසක් අයිතිවෙන්නේ, ඒ තුළ තියෙන භාණ්ඩවලට නොවී බෑගයටම නම් ඔබේ උරහිස්වලට වගේම හිතටත් එය කොයි තරම් අපහසුවක් ද? මේ නිසා බෑගයක් මිලට ගන්නා අවස්ථාවේදීම එය අනවශ්‍ය තරම් බරකින් යුක්තද කියන කරුණ ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

 

අවශ්‍ය තරමට pockets තියෙනවා ද

Make up, tissues, hand sanitizer, වතුර බෝතලය, phone එක, කුඩය, purse එක, car key, අව් කණ්ණාඩි ඇතුළු කොයි තරම් දේවල් handbag එකේ දාගෙන යන්න සිදු වෙනවද? පොඩ්ඩෝ එක්ක ගමන් බිමන් යනවා නම් මේ list එක තවත් දිග වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම පිළිවෙළට organize කරලා අසුරාගත්තේ නැත්තන් කොයි තරම් අපහසුතාවයට පත්වෙන්නට සිදු වෙනවාද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා, බෑගය මිලට ගන්න කලින්, bag එකේ ඇතුළතින් සහ පිටතින් තමන්ට අවශ්‍ය ආකාරයේ pockets පිහිටලා තියෙනවාද සහ ඒවා zips සහිත හෝ රහිත pockets ද කියලත් හොඳින් පරික්ෂා කරලා බලන්න සිදුවෙනවා.

 

ඔබේ සිරුරේ හැඩය කොයි වගේද

සාමාන්‍ය යෙන් තමන්ගේ ඇඟේ හැඩය ගැන හිතලා hand bags මිලට ගන්න අපි පෙලඹෙන්නේ නැති වුණත් මීට පස්සේ බෑගයක් මිලට ගන්නකොට මේ කියන කරුණ ගැනත් අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න කියලා අපි සිහිපත් කරනවා. සිරුරින් කුඩා අයෙක් නම් කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ handbags, තරබාරු අයෙක් නම් මධ්‍යම ප්‍රමාණයේ structured handbags, උස කෙට්ටු අයෙක් නම් කෙටි handles සහිත unstructured handbags, Pear shaped අයෙක් නම් උකුළ ආවරණය වන අන්දමේ කෙටි handles සහිත structured handbags, Apple shaped අයෙක් නම් කෙටි handle සහිත තරමක් පළලැති structured handbags සහ hourglass හැඩයේ අයෙක් නම් මධ්‍යම ප්‍රමාණයේ hobo, tote හෝ cross body bags වඩාත් සුදුසු වෙනවා.

 

පෙනුම අමතක කරන්නේ කොහොමද

 

මේ කොයි දේ පරීක්ෂා කරලා බැලුවත් bag එකේ පෙනුම සිත්ගන්නා සුලු නැත්නම් ඔබට එය මිලට ගන්න හිතෙන්නේ නැහැ කියලා අපි හොඳින්ම දන්නවා. වර්ණය ගැන කියනවා නම් ඔබට ප්‍රිය කරන විවිධ වර්ණවලින් bags කිහිපයක් වුණත් මිලට ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි තනි කළු වර්ණයේ handbag එකකට හිත ගිය වෙලාවක එය වෙනත් design details වලින් හැඩ වෙලාද කියලත් බලන්න අමතක කරන්න එපා. තමන්ගේ ශරීරයේ උස, හැඩය, බෑගය පලඳින අවස්ථාව සහ අනෙකුත් ඇඳුම් පැලඳුම් ගැනත් සිහියට නඟමින් hand bag එකක් මිලට ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.

 

Good quality

 

ඔබ දිනපතා පාවිච්චිය සඳහා බෑගයක් මිලට ගන්නවා නම් හෝ බෑගයක් වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා නම් උසස් තත්ත්වයේ බෑගයක් ම මිලට ගැනීමට උත්සාහ දැරිය යුතු වෙනවා. සාමාන්‍ය යෙන් quality leather වලින් නිමවපු handbags බොහෝ කාලයක් පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා වගේම fashionable කියලත් කියන්නට පුළුවන්. ඉතින් දිගු කාලයක් හොඳ තත්ත්වයකින් යුතුව පාවිච්චි කරන්නට නම් decent look එකක් සහ valuable brand name එකක් සහිත handbag එකක් වෙනුවෙන් ඔබේ මුදල් ආයෝජනය කරන්න මැළි වෙන්න එපා කියලා අපි සිහිපත් කරනවා.

 

වර්ග කිහිපයක්ම තියෙනවා

 

Tote bag, hobo bag, satchel bag, baguettes, flap bag, bucket bag සහ side packs වශයෙන් bags වර්ග රාශියක් ම තියෙන නිසා බෑගයක් මිලට ගැනීමට කලින් මෙවැනි විවිධ designs ගැනත් හොයලා බලන්න කියලා අපි අවසන් වශයෙන් සිහිපත් කරනවා.

 

අන්තර්ජාලය ඇසුරිණි