වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
ටෙක්නොලජි එක මාරු කරමු ද?
ටෙක්නොලොජි කියන්නෙ දවසෙන් දවස අප්ඩේට් වෙන දෙයක්. අලුතින් දෙයක් මාකට් එකට ආවෙ නැත්තම් ගත වෙන පැයක් ඇතුළෙ අලුත් අයිඩියා එකක්වත් මාකට් එකට එනවා.
සමාගමක් අලුතින් තාක්ෂණයක් එක්ක ෆෝන් එකක් නිකුත් කරලා ඒක වෙළෙඳපොළට එද්දි ඒ නිෂ්පාදනයේ අඩුපාඩුත් හදාගෙන තවත් සමාගමක් ඒ විදිහෙම ෆෝන් එකක් වෙෙළඳපළට නිකුත් කරනවා. ලාභයි කියලා හිතලා ගිය සතියෙ මාරු කරපු කනෙක්ෂන් එකට වඩා ලාභදායී කනෙක්ෂන් එකක් තවත් තරගකාරී සමාගමකින් මේ සතියේ නිකුත් කරනවා. ලැප්ටොප්, ටීවි,
වොෂින්මැෂින් ඇතුළු හැම දේටම මේ කතාව පොදුයි. ඒ නිසා ඔයා දැනට පාවිච්චි කරන තාක්ෂණයෙන් වෙනිං අප්ඩේටඩ් තාක්ෂණයකට ස්විච් වෙන්න කලින් අපි මේ කියන දේවල් ගැන හිතලා ඉන්න. පළවෙනි එක අලුත් තාක්ෂණයකට මාරු වෙද්දි ඒකට සහයෝගය දෙන අනිත් තාක්ෂණික සේවාවන් ගැන හොයන්න ඕෙන. ඒ වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි යූටියුබ් රිවීව්ස් බලන එක. එහෙමත් නැත්තම් වර්තමානයේ පාවිච්චි කරන සහ අනාගතයේ පාවිච්චි කරන්න බලාපොරොත්තුවන තාක්ෂණයේ ෆෝන්වර්ග, එහෙමත් නැත්නම් උපාංග බලන එක. ඒ නැතත් වෙබ් සයිට්වලින් ඒ ගැන දැනුම්වත්භාවයක් අරගෙන හෝ අවුල් තැවුල් හිතින් දුරු කරගෙන අලුත් තාක්ෂණය අත්විඳින්න යන්න.
අලුත් සමාගම්
ඒත් තාක්ෂණය අලුතින් ආපු පලියට ඒ දේට මාරු වෙන්නෙ නැහැනෙ. අපිට ගාණත් අඩු වෙන්න එපැයි. ඔන්න ඉතින් ඔය විදියට ගාණ අඩු කරන්නනම් බ්‍රෑන්ඩ් එක තරමක් අලුත් වෙන්න ඕෙන. ඒ ගැන හිතලා අලුත් සමාගමක අලුත් නිෂ්පාදනයක් මිලදීගන්න පෙරාතුව ඒ සමාගම කොයිතරම් විශ්වාස තැබිය හැකි ද? හදිස්සියෙවත් අවුල් ගියත් බැකප් ප්ලෑන් එකක් තියෙනව ද? ලංකාවට පාට්ස් එනව ද? ලංකාවෙ මේ වැඩ ගොඩ දාගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනවද කියන ඒවත් හිතන්න. උදාහරණයකට මෙහෙම හිතමු. ඔයා අසූදාහකට ගත්තු ෆෝන් එක අවුරුද්දක් පාවිච්චි කරලා, ඒක හැටදාහකට ආයෙත් විකුණනවා. ඉන්පස්සෙ මාකට් එකේ එක්ලක්ෂ විසිදාහක් වෙන ස්මාට්ෆෝනයක තාක්ෂණයම අන්තර්ගත අලුත් සමාගමක ස්මාට්ෆෝනයක් රුපියල් හැටදාහකට මිලදීගන්නවා. නමුත් මාස හයක් ඒ ස්මාට්ෆෝනය පාවිච්චි කරලා ඔයාට රුපියල් හතලිස්දාහකටවත් විකුණගන්න බැරි වේවි. අන්න එතැනටයි බ්‍රෑන්ඩ් එක බලපාන්නෙ. ඒ දේවල්වලට මුහුණ දෙන්න බලාගෙන අලුත් සමාගම්වල නිෂ්පාදනවලට අතගහන්න.
ලැප්ටොප්
අවුරුදු තුනකට කලින් ගත්තු ලැප්ටොප් එක දැන් පරණ වෙලා කියල තේරෙනවා. දැන් තාක්ෂණය අතිශය ඉදිරියට ගිහින්. එහෙම තත්ත්වෙකදි දැන් තියෙන ලැප්ටොප් එක විකුණලා අලුත් එකකට යන්න ප්ලෑන් කරනව නම් ඒ ස්විච් කිරිල්ල අපි හිතන්නම ඕෙන දෙයක්. ෆෝන් එකක් අතගාලා බලනව තරම් ඉක්මනට ලැප්ටොප් එකක වැඩ අල්ලගන්න බෑ. ඒ නිසා ඒ ගැන හොඳටම හොයන්න. බැක්පැක් එකේ දාන්න ඉඩ තියෙනව ද? ඕවර් හීට් වෙනව ද? යූඑස්බී පෝට්ස් කීයක් තියෙනව ද? බර? මේ වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න සහ ඔබ මින් පෙර පාවිච්චි කරපු නිෂ්පාදනයට වඩා වෙනස් වෙන්නෙ කොතැනින් ද කියන දේ හිතන්න. සමහර නිෂ්පාදනවල කී බෝඩ් වෙනස්. ඔබට එය අවුලක් විදිහට නොදැනුණත් එය ඔබේ කාර්යක්ෂමතාවට බලපාන කාරණයක් වෙන්නට පුළුවන්.
ස්මාර්ට් ෆෝන්
දැන් දැන් ස්මාර්ට් ෆෝනය මූලිකව මිනිස්සුන්ට තාක්ෂණයෙන් තියෙන බොහෝ අවශ්‍යතා නිම කරන තැනට ඇවිත්. මේ වෙද්දි තාක්ෂණයෙන් ඉහළ ස්මාර්ට් ෆෝනයක සාමාන්‍ය මිල රුපියල් ලක්ෂය ඉක්මවලා සෑහෙන කලක් වෙනවා. මේ යන්නෙ ලක්ෂ දෙකේ කාලෙ. ඒ අරුමය බ්‍රෑන්ඩ් එක නිසා තීරණය වෙන මට්ටමට ඇවිත්. ඒ නිසා දැන් ෆෝන් තෝරාගනිද්දි අපි උඩින් කියපු අලුත් සමාගම් කියන දේ ගැන හිතන්න. ඒ කොහොම වුණත් ස්මාර්ට් ෆෝන් සම්බන්ධයෙන් මිනිස්සුන්ට අතේ හුරුව කියන දේ වැදගත්. ඒ නිසා ඇතුළෙ තියෙන තාක්ෂණයෙන් ස්විච් වෙන්න තියෙන වුවමනාවට අමාරුවෙන් තාක්ෂණය පාවිච්චි නොකරන්නත් හිතට ගන්න.