වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මගේ ජීවිතය සමබරයි දියුණුවේ රහස එයයි
‘ජීවිතයේ ඇත්තේ යාම් ඊම් පමණයි’ මළගිය ඇත්තෝ කෘතියෙහි සරච්චන්ද්‍රයන් ජීවිතය ගැන මේ විදිහට ගැඹුරු විග්‍රහයක් කර තිබේ. ඇත්තෙන්ම එය යථාර්ථවාදී අර්ථකථනයක්. එහෙත් හිමි වූ ජීවිතය වඩාත් අර්ථවත්ව ගෙවීමට අප හැමෝම දිරිය ශක්තිය ඇතිකර ගත යුතු වේ.
ඇය බියන්කා චන්දිමා සේනාධීර, ‘සිරිපති’ කුළුබඩු නිෂ්පාදන හිමිකාරිණියයි. ආදරණීය බිරියක, සෙනෙහෙබර මවක මෙන්ම ව්‍යාපාරික කාන්තාවක ලෙසින් ඈ යන ගමන ප්රසංශනීයය.
සියනෑ පුරවරයේ, අංක 210/ඕ/2/1, බටහිර අධිකාරිමුල්ල, දූනගහ ප්‍රදේශයට විවාහයෙන් පසුව පදිංචියට ආ ඇය සැබෑම දිරිය කාන්තාවකි. නුවන් සමීර බෝරුක්ගම ඇයගේ සැමියායි. විවාහයට පෙර ඔහු පෞද්ගලික ආයතනයක සාමාන්‍ය සේවකයෙකි. එහෙත් ඔහුගේ ආසාව සහ හැකියාව වූයේ තමාගේම කියා ව්‍යාපාරයකටය. බැංකු කළමනාකරුවකු වූ පියාගෙනුත් මවගෙනුත් ඒ සඳහා එක්වරම අවසර නොවිණි. ආයතනයක රැකියාවක් නොකරන පිරිමියකුට විවාහක් කර ගන්න අමාරුයි. ඔවුන් තම පුතාගේ අනාගතය ගැන බියවූයේ එලෙසිනි.
එහෙත් බියන්කා හා විවාහ යෝජනාවත් සමඟම නුවන්ට තම සිහිනය මල්ඵල ගන්වා ගැනීමට හැකිවිය.
ඇය සැමවිටම අභියෝගවලට අභියෝග කරන්නියකි “ඔයා රැකියාවෙන් ඉවත් වෙන්න. අපි අපේම කියලා දෙයක් පටන් ගනිමු.” මේ ඇගේ අධිෂ්ඨානයයි.
“අපි මුලින්ම රු. 300 ක මුදලකට මිරිස් කරල් කිලෝ එකහමාරක් ගත්තා. ගමේ මෝලකින් ඇඹරුම් කළා. ග්‍රෑම් 50 පැකට් කීපයක් හදලා ගමේ පොඩි කඩේට නැකැතට අලෙවි කළා. මේකෙ කිසිම රසකාරකයක් අඩංගු නැහැ. කල්තබා ගැනීමේ කෘත්‍රිම ක්‍රම නැහැ. දිනෙන් දින ගමේ දානෙ ගෙවල්, මඟුල් ගෙවලවලට අපේ මිරිස් කුඩුවල ඉල්ලුම වැඩිවුණා.
දිවා රෑ නොබලා වෙහෙසුණා. මිරිස් කුඩුවලට අමතර කෑලි මිරිස්, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, හදන්නත් පටන් ගත්තා.
පාරිභෝගිකයාට පිරිසුදු, විශ්වාසනීය සේවාවක් සැපයීම අවශ්‍යමයි. මේ නිසාම නිවෙසේ කුඩා කාමරයක මා විසින්ම මේවා ඇඹරුම් කිරීම ආරම්භ කළා.
පසුව රජයේ ලියාපදිංචි වුණා. මා කුඩා ව්‍යාපාර අංශයටත් එකතු වුණා. ඒ මගේ නංගි නිසයි . ඇය සංවර්ධන නිලධාරිනියක්. ඇය තමයි කිව්වේ කුඩා ව්‍යාපාර අංශයට (ඉථචතත ඡ්දබඥපනපඪඵඥඵ ච්ඥමඥතධනථඥදබ - ඉඡ්ච්) එකතු වුණොත් ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් කියලා. ඒ අනුව මුලින්ම දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පැවැත්වූ එම වැඩසටහනකට සහභාගි වුණා. එදා මා ගෙදර ගියේ මේ දෙන හැම උපදෙසක්ම ප්‍රයෝජනයට ගන්නවායි අදහස හිතේ දරන්. ඇත්තෙන්ම ස්වයං රැකියා කරන අපට එයින් ලොකු ශක්තියක් ලැබෙනවා. වැඩමුළු, දේශන, නිෂ්පාදනාගාරවල අත්දැකීම් පෙන්වීම, තාක්ෂණික උපදෙස් ලබාදීම, ණය යෝජනා වගේ ඔවුන් ලබා දුන් මේ හැමදෙයකම ප්‍රයෝජනය මා 100% ක්ම ගත්තා. කුඩා ව්‍යාපාර අංශයේ පළමු වැඩමුළුවෙන්ම මගේ මනසට ධනාත්මකව හිතන්න ශක්තියක් ලැබුණා. අද ඔබ දකින ‘සිරිපති’ කුළුබඩු නිෂ්පාදන ඒ ශක්තියේ ප්රතිඵලයි.
තනියෙන් ඇඹරුම් කළ කුළු බඩුවල ඉල්ලුම වැඩිවීමත් සමඟම ගමේ කිහිප දෙනකුට රැකියා අවස්ථා දෙන්නත් හැකිවුණා.
2019/07/17 තරුණි බලන්න