වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දොළොස් වසරක් හම්බ කරපු මුදල් වතුරෙ ගියා
අංක 10/3, රණවක වත්ත, කළල්ගොඩ, පන්නිපිටියේ "සිතාරා විසිතුරු පැළ" තවාන තවත් එක් දිරිය කතකගේ ජීවිකාවයි.
ඇය වරුණි ප්‍රියංගිකා. කොළොන්නාවේ ඉපදුණු ඇය බාල සහෝදරයෙක් හා බාල සහෝදරියකගේ වැඩිමල් සොයුරියකි.
පුංචි කාලෙදිම පිය සෙනෙහස අහිමි වූ ඇය හැදී වැඩී ඇත්තේ තම ආච්චි අම්මා ළඟය. වරින්වර ලොකු අම්මාගේ නිවසෙහි ඇඟේ සෙනෙහස ද ලබමින් හැදී වැඩී තිබේ.
ඇයගේ ආච්චි අම්මාට ඇයව ජීවත් කරන්නට යහමින් ආර්ථික තත්ත්වයක් නොවුණි. මිනිබිරිය ජීවත් කිරීමට ආච්චි අම්මා නොවිඳීනා දුක් කම්කටොලුවලට මුහුණ පා ඇත.
කඩයප්පම් හදා ගෙයින් ගෙට විකුණන්නට වූයේ ද මේ මිණිබිරිය උස් මහත් කරන්නටයි. කෙසේ හෝ වරුණිට තවදුරටත් තම ආච්චි අම්මාට කරදරයක් වන්නට හිත ඉඩ නොදුන්නේය. ඇය 09 ශ්‍රේණියේදීම සිය පාසල් ගමනට සමුදෙන්නේ එබැවිනි.
2020/07/29 තරුණි බලන්න