වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොවිඩ් හමුවේ පෙරටම පැමිණි 1990 සුවසැරිය සේවාව
ගිලන් රථයක් සයිරන් හඬ නගමින් ගමන් කරද්දී, ඒ සයිරන් හඬ කන වැකුණු සැණින් කෙනකුගේ සිතට එන්නේ 'ඉක්මනින්ම සුවපත් වේවා!, ට්ඥබ ඹඥතත ඵධධද ' යනුවෙනි.
ඒ එලෙස රැගෙන යන්නේ අසාධ්‍ය රෝගියකු බව දන්නා නිසාය. දැඩි වාහන තදබදයකට හසුව සිටියදී පිටුපසින් ගිලන් රථයක් පැමිණෙන්නේ නම් ඊට කෙසේ හෝ ඉඩකඩ සලසා දෙන්නේ ජීවිතයක් බේරා ගන්නට තත්ත්පරයක් වුව වටිනා නිසාය.
මේ දිනවල මහා මාර්ගයේත් රූපවාහිනී නාළිකාවල ප්රවෘත්තිවලිනුත් නිතරම දක්නට ලැබෙන්නේ 1990 සුවසැරිය ගිලන් රථයි. කොවිඩ් 19 හමුවේ ඔවුන් අපූර්වතම මෙහෙවරක යෙදෙනුයේ මානුෂික බව මොනවට විදහා පාමිනි.
1990 සුවසැරිය පදනම කවදටත් තාක්ෂණය අතින් සිටියේ ඉතාම ඉදිරියෙනි. එනිසාම ඛ්චතත ජඥදබඥප හි සිටින පිරිස් හැරුණු කොට සෙස්සන් සියලුමදෙනා තාක්ෂණයට අනුගත වෙමින් නිවෙසේ සිටම (ඕචජඬ ර්‍ණටටඪජඥ ජ්භදජබඪධද) තම දායකත්වය දක්වයි.
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි 1990 සුවසැරිය පදනම ඔබේත් ඇස ගැටී ඇති. සුවසැරිය ගිලන්රථ ගාල් කෙරෙනුයේ ඒ ඒ ප්‍රදේශ ආශ්රි්රත පොලිස් ස්ථානවලයි.
දැන් ඔවුන් පෙරටත් වඩා ඉදිරියෙනි. කොවිඩ් 19 හමුවේ ඔවුන්ට තවතවත් තම සේවාවන් පුළුල් කරලන්නට සිදු විය. එනම් 1990 හොට්ලයින් අංකය කිසිසේත්ම කාර්යබහුල විය යුතු නොවේ. ඒ සඳහා සම්බන්ධ වන සියලු ඇමතුම් හදිසි ඇමතුම් වන නිසායි. මේ නිසා සුවසැරිය හි ඛ්චතත ජඥදබඥප හි සිටි අය අතරට එම පදනමේ වෙනත් අංශවල සිටි අය ද ඛ්චතත ජඥදබඥප හා අත්වැල් බැඳගන්නට වූයේ රටට අවශ්‍යම මොහොතක තම දායකත්වය නොපිරිහෙලා ලබාදෙමිනි. කොවිඩ් හමුවේ එකම පවුලක් ලෙසින් කටයුතු කරමින් එහි සිටින සියලුමදෙනා උපරිම කැපකිරීමක් කරයි. ඔවුන්ගේ සේවය සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවයට නොදෙවෙනි එකකි. එය වෙසෙසින්ම අගය කළ යුතු වූවකි.
විශේෂ ස්තූතිය
1990 සුවසැරිය පදනමේ
ප්‍රධාන විධායක නිලධාරි
සොහාන් ද සිල්වා ට
2020/06/03 තරුණි පුවත්පත බලන්න.