ගබ්සාවට නියත පිළියම් දෙන දේශීය වෛද්‍ය ප්‍රතිකාර

සැප්තැම්බර් 2, 2024

 

 කායික දුබලතාව, විෂ රක්ත දෝෂ හා දැඩි ලෙස පවතින මානසික ආවේග හා කායික පීඩා මෙන්ම වෙනත් රෝග ආබාධ හේතුවෙන් ගර්භ හානි සිදුවෙයි. මෙවැනි වූ හානිදායක හේතුන්ගෙන් වැළකී සිටීමට ගර්භණී මව්වරුන් දැනුම්වත්ව සිටීම ඉතා වැදගත්ය. ගර්භණී කාලයේ යම් යම් කායික දුබලතා පවතින්නේ නම් එවැනි අවස්ථාවලදී ගර්භ ආරක්ෂක ඖෂධ යෙදීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි. එවැනි වූ ප්‍රායෝගික චිකිත්සාවක් පිළිබඳ මේ ලිපියෙන් ඉදිරිපත් කරමු.

 

බොහෝ කාන්තාවන් මුහුණපාන ගබ්සාවීම නැතිනම් ගර්භතාව සිදුවීම රෝග තත්ත්වයක් ලෙස පවතී. මෙවැනි රෝගී තත්ත්වයක් හට ගැනීම සඳහා ප්‍රධානතම සාධකයක් බවට පත් පත්වන්නේ තරුණියන් නැතිනම් කාන්තාවන් ලබාගන්නා ආහාර පානයි. වැසිකිළි සේදුම්කාරක ලෙස සලකන කෝලා වර්ග, ආහාර කල් තබා ගැනීමට යොදන සිට්‍රික් ඇසිඩ් වැනි රසායන වර්ග මෙන්ම ක්ෂණික ආහාර වර්ග බොහොමයක ගබ්සා කරන රසායන ද්‍රව්‍ය ඇති බව වෛද්‍ය උපදෙස් තුළින් පෙන්වා දෙයි.

 

දෙවැනි කරුණ ලෙස ශරීරයේ විවිධ රෝග සඳහා ලබාගන්නා ප්‍රතිජීවක ඖෂධ වල බලපෑමයි. එමෙන්ම දරුවකු පිළිසිඳ ගැනීමේදී ඇතිවන දොළදුක නිසා කන්නට සිතෙන කෑම වර්ග නිසාත් මෙම ගබ්සාවීම සිදුවෙයි.

 

විනාකිරි යෙදූ අච්චාරු, අන්නාසි අච්චාරු වැනි දේ නිතර ආහාරයට ගැනීමෙන් පිළිසිඳ ගන්නා කලලයෙ පූර්ණ ගබ්සාවීමක් සිදුවීම නොවුණත් අර්ධ ගබ්සාවීම හේතුවෙන් මන්ද බුද්ධික දරුවන් බිහිවීම සිදුවෙයි. ඌරු මස් ගැනීමට ද අහිතකර වෙයි. මෙවැනි නොදැන කරන වැරැදි නිසාද ක්ෂණික උපත් පාලන පෙති දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමෙන් ද පූර්ණ ගබ්සාවීම් හා අර්ධ ගබ්සාවීම සිදුවන බව වෛද්‍ය මතයයි. අපගේ ආදරණීය මව්වරුන් දරුවකු පිළිසිඳගත් දා සිට ශරීරයට අහිතකර කෑම වර්ගවලට ප්‍රියවීම ජානමය පුරුද්දකි. විදේශීය මවක් දරුගැබක් හටගත් දිනයේ සිට ඇඟ නිවන පලතුරු, එළවළු, කිරි, බිත්තර වැනි පෝෂණීය ආහාරමය ඖෂධ ලෙස ලබා ගනී. ඒ නිසා ඔවුන්ගේ දරුවන් ඉතාමත් නිරෝගී සම්පත්තියෙන් යුතුව මෙලොවට බිහිවන අතර අපගේ බොහෝ දරුවන් විවිධ ව්‍යාධීන්ගෙන් පෙළෙන දරුවන් ලෙස මෙලොව එළිය දකී. අපගේ සමහර මව්වරුන් කිහිපවරක් ගබ්සාවීමෙන් දරුවන් නොමැතිව පසුතැවෙන අවස්ථාව බහුලව දක්නට ලැබෙයි. ජ්‍යොතිෂයට අනුව ද මෙය හොඳින් විග්‍රහ කර තිබේ. මවගේ ගර්භාශයේ ශරීර උෂ්ණත්වය ප්‍රිය කරන ආහාරපාන වර්ගද ඒ අනුව කිව හැකිවෙයි. එයට ද නිසි ප්‍රතිකර්ම ඒ හා සමානවම ලබාදීමට හැකියාව ඇත.

 

මුලින් සඳහන් කළ පරිදි මෙවැනි වූ ගබ්සා සිදුවන කාන්තාවට කළ යුතු ප්‍රතිකාර කිහිපයක් පවතී. පළමුව නියමිත විරේක කසායකින් විරේක කර විස රක්ත දෝෂ සමනය කළ යුතු වෙයි. එවිට කායික දුබලතාවන් ද මගහැරෙයි. මේ දෙකම සමනය වන විට මානසික ආවේග සමනය වෙයි. බාහිරව පවතින පීඩා සමනය කිරීමට බෝධි පූජා වැනි සිත නිවන ක්‍රියාකාරකම්වලත්, බෝ මළුව පිරිසුදු කර එක් තැනක වාඩිවී මෙත් සිත් වැඩීම ද ඉතාම වැදගත් වෙයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ මෙම ඖෂධ ලබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ද ලබාගත හැකි වෙයි. සුද්ද කළ නෙළුම් අල සිහින් වෙන්නට අඹරා එළකිරි සමඟ මඳ ගින්නේ පිස නිවුණු පසු පිරිසුදු මී පැණි මිශ්‍ර කර උදේ, සවස වැළඳීම, ගර්භණීභාවය ස්ථිර කර ගැනීමට අගනා චිකිත්සාවකි. මෙය නිතර ගබ්සාවෙන කාන්තාවන්ට ද දිව්‍ය ඖෂධයකි. මිදි, ඇපල්, ගස්ලබු, ඇඟ නිවන පලතුරු කෑමට දොළ දුක හැදෙනා විදේශීය කාන්තාවන්ගේ දරුවන් හිරු සඳු සේ බැබළීමත් දරු කලලය බඩට ආ දිනයේ සිට අඹ ගැට, ලොවි ගැට, අන්නාසි ගැට වැනි නුසුදුසු දෙයට අධික මිරිස් විනාකිරි යොදා කෑමට හුරු වූ මව්වරුන් බිහිකරන බොහෝ දරුවන් රත්පිත්, වන, දද, කුෂ්ඨ වැලඳුණු මන්ද හීන දරුවන් ලෙස බිහිවීමක් වෙනස්ම වන්නේමය.