වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මොකක්ද මේ මාරාන්තික නව ප්‍රභේදය?
දවසින් දවස නව කොරෝනා වෛරසයේ දරුණු බව වැඩි වෙන බවට ලැබෙන අසුබ ආරංචිවලින් නම් අඩුවක් වෙන්නෙ නැහැ.
වෛරසයක් කියන්නේ එක ගතියක් නැති දෙයක් බව කවුරුද නොදන්නෙ ? ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේකට හොඳම උදාහරණයක්. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ස්වභාවය වසරින් වසර වෙනස් වෙන නිසා වසරින් වසරට දෙනු ලබන ප්‍රතිශක්තීකරණ එන්නතේ ස්වභාවය ද වෙනස් වෙනවා. චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම නව්‍ය කොරෝනා වෛරසය හඳුනා ගත්තත් ලෝකයේ බොහෝ රටවල්වලින් වාර්තා වුණේ මුලින් තිබූ වෛරසයට ස්වභාවයෙන් වෙනස් වූ වෛරසයක්. චීනයෙන් ඇරැඹුණු වෛරසයේ මේ වන විට විකෘති 17 ක් පමණ දක්නට ලැබෙනවා. අලුත්ම වෙනස්වීම ගැන ලොවම කැළඹී ඇත්තේ එහි දරුණු බව වැඩිවී ඇති නිසයි. රෝගයට නිරාවරණය වන පුද්ගලයන් සියයකගෙන් හැත්තෑවට පමණ රෝගය වැලඳෙන බව සොයාගෙන තිබෙනවා. නිරිත දිග එංගලන්තයෙන් සොයා ගත් විකෘති වෛරසය ගැන ලැව් ගින්නක් මෙන් පැතිරුණත් මේ අලුත්ම ප්‍රභේදය ගැන මුලින්ම ඇස ගැසී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි. ඒත් එකල එතරම් ව්‍යාප්තියක් තිබිලා නැහැ. සැප්තැම්බර් 20 වැනිදා එංගලන්තයේ කෙන්ට්හි පුද්ගලයකුගෙන් ලබා ගත් සෙම සාම්පලයකිින් විසබීජය සොයා ගෙන තිබෙනවා. මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ සියයට හැටකටම කෝවිඩ් - 19 වැලඳීමට හේතුවී ඇත්තේ ජාන විකෘතිවූ වෛරසයයි. සැප්තැම්බර් මාසයේ තිබූ භයානක නිහැඬියාව බිඳ දැමුණේ විකෘතිවූ වෛරසයෙන් නොවැම්බරයේදී 1/4 ක්ම රෝගීවූ නිසයි. තත්ත්වය වඩාත් බරපතළ වුණේ මේ ජනගහනයෙන් තුනෙන් දෙකකටම විකෘති වෛරසය ආසාදනය වී ඇති බැවින්. ලන්ඩනයට සීමා නොවී මේ වන විට විකෘති කොරෝනා වෛරසය ඔස්ට්‍රේලියාව, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, බ්‍රසල්ස්, ඉතාලිය, අයිස්ලන්තය වැනි රටවල් ගණනාවකටම පැතිරිලා. එනිසාම බොහෝ රටවල්වලින් එංගලන්තයේ ගුවන් ගමන්වලට තහංචි පැනවිලා. වෙනකක් තබා එංගලන්තය තුළත් සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. ලන්ඩනයේ ජනගහනයෙන් සියයට හැටකට නව ප්‍රභේදය ආසාදනය වී ඇති නිසා මෙය පුදුමයක් නො වෙයි.
වෛරසයේ නව විකෘති වීම මාපියන්ගේ හදවත සිඳ බිඳ දමන කාරණයක් වී ඇත්තේ රෝගය දරුවන්ට ද බලපාන බව හෙළිවී ඇති නිසයි. දැනට නිපදවා ඇති එන්නත් මඟින් තවමත් වෛරසය මට්ටු කිරීමට පුළුවන්. එන්නතට බලපෑමක් කිරීමට තරම් වෛරස වෙනස් වීමට තවත් කාලයක් ගත වෙනවා. එවිට එන්නත ද වෙනස් කිරීමට සිදු වෙනවා.
පාවිච්චි කළ මුහුණු ආවරණ පැලඳීම භයානකයි
දවසින් දවස භයානක වන කෝවිඩ් යකා මඩින්න ස්තර තුනකින් යුතු සර්ජිකල් මුහුණු ආවරණවලින් සිදුවන්නේ මාහැඟි මෙහෙයක්.
ඒත් හරියට මුහුණු ආවරණය පැලඳුවේ නැත්නම් කෝවිඩ්ට සතුරු වන අපට මිතුරු වන සර්ජිකල් මුහුණු ආවරණම රෝගයට ගොදුරු වීමේ අවදානම තිබුණාටත් වඩා වැඩි කරන්න පුළුවන්. භාවිත නො කළ ස්තර තුනකින් යුතු සර්ජිකල් මුහුණු ආවරණවලින් සෙම් බිඳිති සියයට හැට පහක්ම ශරීරගත වීම වළක්වනවා. එහෙත් භාවිත කළොත් වෛරසය පෙරෙන්නේ සියයට විසි පහක් පමණයි. එනිසා නව කොරෝනා වෛරසයෙන් බේරෙන්නට ලැබෙන්නේ නැහැ. වරක් පලඳා දෙවැනි වර පැලඳූ විට සියයට විසි පහකින් සෙම් බිඳිති පෙරීමේ හැකියාව අඩුවන අතර පලඳින වාරයක් වාරයක් පාසා ඒ ප්‍රතිශතය තව තවත් අඩුවෙයි. මේ නිසා මුහුණු ආවරණ පැලඳිය යුතු නිසා තිබෙන ඕනෑම මුහුණු ආවරණයක් පැලඳීමෙන් වැඩක් වන්නේ නැහැ.
පෙණහලු ෆයිබ්‍රෝසියා අවදානමක්
කෝවිඩ් - 19 වසංගතයෙන් ජීවිතය බේරා ගත්තත් සමහරුන්ට වෛරසයේ අතුරු ආබාධ පන්න පන්නා පහර දෙනවා. ලන්ග් ෆයිබ්රෝසිස් හෙවත් පෙණහලු ෆයිබ්රෝසියාව එවැනි අතුරු ආබාධයක්.
සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ පෙණහලුවලට තදබල ලෙස තුවාල සිදුවුණ විටයි. ස්වසන ආසාදනයකින් පසු සාමාන්‍යයෙන් මෙවැන්නක් සිදුවන්න පුළුවන්. මෙහිදී පෙණහලු පටකවලට හානිවී කැළැල් ඇති වෙනවා. ඝනවූ පටක නිසා පෙණහලුවලට නිසි ලෙස කි‍්‍රයා කිරීමට නො හැකි වෙනවා. තත්ත්වය දරුණු වූ විට හුස්ම ගැනීම අසීරු වෙනවා. සමහරුන්ට පෙණහලු බද්ධ කිරීමටත් සිදු වෙනවා.
අන්තර්ජාලයෙනි