‘අනාගතය උදෙසා ආයෝජනයක්’ 2020 ජාත්‍යන්තර ළමා දින තේමාවයි

සැප්තැම්බර් 30, 2020

කායිකවත් හෝ මානසිකවත් කිසිසේත් ම තලාපෙළා නො දැමිය යුතු මල් කැකුළුවන් පුංචි දරුවන් සඳහා වූ ජාත්‍යන්තර ලෝක ළමා දිනය 2020 වසර සඳහා ද උදාවන්නේ ය. ‘අනාගතය උදෙසා වූ ආයෝජනයක්’ මෙවර එහි තේමාවයි.

125 වැනි ශත සංවත්සරය වෙනුවෙන්

 

 අනාගතයට ආයෝජනයක් ගෙනෙන  රිජ්වේ ආර්යා ළමා රෝහල

බෝ නොවන රෝග සඳහා පුංචි දරුවන් ද සීග්‍රයෙන් ගොදුරුවන කාලයක දකුණු ආසියාවේ ප්‍රධාන පෙළේ ළමා රෝහලක් ලෙස කටයුතු කරන රිජ්වේ ආර්යා ළමා රෝහල, එහි සිටින සුවවිරුවන් ඔවුන් වෙනුවෙන් ඇප කැප වී සිටිනුයේ අනාගතය උදෙසා ආයෝජනයක් (Investive for future) සඳහා ම නොවේද?

මෙවර ළමා දින තේමාව නාමමාත්‍රිකව සමරන එකක් බවට පත් නොකොට දරුවන්ගේ සුවසෙතට ආයෝජනයක් ලෙසින් රිජ්වේ ආර්යා ළමා රෝහල නොහොත් ජාතික ළමා රෝහල දැයේ දරුවන් වෙත රෝහල් පද්ධතිය ආශ්‍රයේ විවිධ රෝග සඳහා ම වූ ඒකක කිහිපයක් ම පිරිනමයි.

ඒ ඔවුන් 2020 වසරේදී සමරන 125 වන සංවත්සර සැමරුමත් සමඟිනි. එදා පටන් අද දක්වාම ඔවුන් කිසියම් ක්‍රමානුකුල වැඩපිළිවෙළකට අනුගත වෙමින් දරුවන්ගේ සුවතාව උදෙසා කටයුතු කරයි.

මුල් කාලයේ කායික රෝග සඳහා ම වෙන්වුවත් දැන් ශල්‍ය වාට්ටු, උගුර, කන, නාසා, දන්ත, ප්ලාස්ටික් සැත්කම්, මානසික සෞඛ්‍ය, වකුගඩු ආබාධ මේ ආදි ක්ෂේත්‍ර කිහිපයක්ම සඳහා විවෘත වේ. ඉතාම අසීරු කොන්ද ආශ්‍රිත ශල්‍යකර්ම, මොළය ආශ්‍රිත ශල්‍යකර්මවලට පවා දැන් ඔවුන් අත ගසමින් සිටියි.

මේ වන විට වසරකට බාහිර රෝගී අංශය සඳහා හයලක්ෂ පනස්දහසක දරුවන් පිරිසක්, සායන සඳහා තුන්ලක්ෂ පනස් දහසක දරුවන්, නේවාසිකව අසූපන්දහසකට ආසන්න දරුවන් පිරිසක්, ශල්‍යකර්ම විසිදහස් හත්සිය අටක ප්‍රමාණයක්, සාමාන්‍ය සහ මහා පරිමාණයේ හෘද සැත්කම් එක් දහස් අටසිය අනූවක්, කිරණ පරීක්ෂණ එක්ලක්ෂ හත්දහස් දෙසීයක්, රසායනාගාර පරීක්ෂණ එක්ලක්ෂ දසදහසක් පමණ ප්‍රමාණයක් සිදුවේ.

මීට අමතරව මේ රෝහල ළමා විශේෂඥ වෛද්‍යවරුන් බිහි කරන රෝහලකි.

සෑම ආකාරයේම රසායනාගාර පරීක්ෂණයන් මේ රෝහලේ දී සිදුකෙරෙන අතර ඒ සඳහා ම වූ විශේෂඥ වෛද්‍යවරුන් රාශියක් ඒ වටා රොක්ව සිටියි. \ඇතැම් රෝග සඳහා දරුවන්ගේ ජාන පරීක්ෂාවක් අවශ්‍ය වූ විටෙක ච්ව්ඒ පරීක්ෂණය රෝහලෙන් මුදල් වෙන්කොට පිටරට යවා සිදු කරයි. මේ පරීක්ෂණයක් රුපියල් 7500 සිට විසි, තිස්දාහක් දක්වා ම වටිනාකමින් යුතුවේ.

මෙවර ළමා දිනය දා එනම් ඔක්තෝබර් 01 දා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යාව, සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විවිධ සෞඛ්‍ය ඒකක කිහිපයක් ම විවෘත වේ.

 

2020/09/30 තරුණි පුවපත බලන්න