කැදැල්ලට අලුතින් ම එන දරුවාට Infant room එකක්

ඔක්තෝබර් 14, 2020

බේ කැදැල්ලේ පුංචි සිඟිත්තෙක් හෝ සිඟිත්තියක් සිටියි නම් එම දරුවා වෙනුවෙන් වෙනමම කාමරයක් වෙන්කරන්න පුළුවන්. මේ කාමරය Infant room, Baby room ..... මේ ආදී නම්වලින් හැඳින්විය හැකියි. වයස 0 - 3 දක්වා දරුවන් වෙනුවෙනුයි මෙවැනි කාමරයක් සැකසෙන්නේ.

ආසියාතික රටවල පුංචි දරුවන් වෙනමම කාමරයක තබන්නේ නැති තරම්. රාත්‍රී කාලයට නිදා ගැනීම නම් තනිවම සිදුවන්නෙම නැහැ. ඒ නිසා මාස්ටර් බෙඩ්රූම් එකේ පැත්තක් ධ්දටචදබ ඒපඥච එකක් ලෙස සැකසෙනවා. බබා කුස දරාන ඉන්න කාලේදීමයි මේ දේවල් සැලසුම් කරන්නේ. දුවෙක් ද පුතෙක් ද කියලා බොහොමයක් මාපියන් කලින් ම දන්න නිසා ඊට ගැළපෙන පැහැයන් එකතු කළ හැකියි.

ඒ බව නොදන්නවා නම් සුදු, ක්‍රිම් වැනි නියුට්‍රල් පැහැයක් එකතු කරන්නට පුළුවන්. දුවෙක් ද, පුතෙක් ද පවුලට එකතුවන්නේ කියා කල්තියා දැන ගත්තත් රෝස හා නිල් පැහැයන් යන්තමට සම්මිශ්‍රණයක් කරගන්නවා විනා එම පැහැයන් සම්පූර්ණයෙන්ම එකතු කර නොගනී. බොහෝවිට තීන්තවල පැහැය වෙනුවට උපකරණ සඳහා පමණක් එවන් පැහැයන් එක්කර ගනියි.

අපි හිතමු දරුවාගේ තොටිල්ල කියා. තොටිල්ල සහ එහි එළන රෙදි සියල්ල සුදු පැහැයෙන් දමා එම රෙදිවලට පමණක් නිල් පැහැති මුද්‍රිත මෝස්තරයක් යොදා ගන්නවා.

මෙහිදීත් සුරතල් සතකු, සමනලයින්, මල්, කාටුන් චරිතයක් වැනි සරල දෙයක් තේමාව කොට ගෙන එය නිර්මාණශීලී ලෙස ආදේශ කළ හැකියි. සැර නැති පේන්ට් වර්ග (Non toxic paint) ගෙන මවට ම දරුවාගේ රෙදි, ඇඳුම් ආයිත්තම් සඳහා මෝස්තර පින්තාරු කරන්නට පුළුවන.

ගැබිනි වියේදී මෙවැනි නිර්මාණශීලී දෑ හි නිරතවද්දී කුස තුළ සිටින දරුවා ද නිර්මාණශීලී අයකු බවට පත්වේ. වැඩි වියදමකින් තොරව ඉතාම අලංකාර Infant room එකක් තමන්ගේ දරුවා වෙනුවෙන් මවට ම කරන්නට අවස්ථාව තිබේ නම් කෙතරම් අගනේ ද?

තොටිල්ලට රෝද සවිකර තැබිය හැකියි. මෙහිදි දරුවාගේ කාමරයේ හෝ මාස්ටර් බෙඩ්රූම් එකෙහි තොටිල්ල ඒ ඒ වෙලාවට තැබිය හැකියි.

මුද්‍රිත නෙට් එකක් දැමීමෙන් අමුතුම කලඑළියක් ඒවි. තේමාවට අදාළ මෝස්තරය ස්ටිකර් වශයෙන් ගෙන අලවා ගන්නටත් පුළුවන්. මේ කොට් එකට දරුවාගේ ඔළුව ගැටෙන්නේ නැතිවන ලෙස කොට් බම්පර්ස් තැබිය හැකියි. මේනිසා තුන් පැත්තක් කුෂන් කර සාදයි

දැන් තොටිල්ලත් ඇඳක් මෙන් සකසයි. දරුවාට වයස 3 - 4 ක් වුවත් නිදා ගැනීමට හැකි පරිදි සකසයි. කිරි දීම සඳහා මවට වාඩිවීමට feeding Chair එකක්, Night Lamp එකක් ද අවශ්‍ය වේ. මුත්‍රා හා මලපහ කරන නැපී වෙන වෙනම බින්වලට දැමිය හැකියි.

අවුරුද්දක් පමණ ගතවූ පසු ඇවිදින, දුවපැන යන දරුවන් බිම පැදුරු වැනි දෑ එළා තබන්නට පුළුවන්. සෙල්ලම් බඩු වර්ගීකරණය කොට අසුරා තැබිය හැකියි.

පුංචිම වයසේදී විදුලිය නිවා දැමූ විට පෙනෙන්න සිවිලිමේ දිලිසෙන ස්ටිකර් අලවන්න පුළුවන්. ඇසට බාධාවක් නොවන පරිදි මේවා කළ හැකියි

 

 

උපදෙස් ප්‍රවීණ

ගෘහ අලංකරණ ශිල්පිනී

ආචාර්ය දිලිනි හල්විටිගල

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.