අවුරුදු 3ත් 5ත් අතර දරුවකුට කාමරයක්

ආරක්ෂාව හා මොළයේ වර්ධනයට මුල්තැන
ඔක්තෝබර් 28, 2020

නවීන සැලසුම් අනුව ඉදිවන නිවෙසක දරුවන්ගේ වයස් කාණ්ඩ අනුව ඔවුන්ගේ වයසට ගැලපෙන පරිදි නිදන කාමර සකසන්නට පුළුවන්.

එකම නිදන කාමරය එතරම් වියදමක් නොදරා දරුවා එක් එක් වයස්වලට එළැඹෙද්දී ඊට අනුරූපව සකසන්න ගෘහ අභ්‍යන්තර අලංකරණයේ ඉසව් සොයා යන මවකට හැකියාව තිබෙනවා.

මොළයේ වර්ධනය

වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවකුගේ කාමරයක් සැලසුම් කරද්දී ඒ දරුවාගේ මොළයේ වර්ධනයට ඉවහල්වන දෑ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි.ආසියාතික රටවල මේ වයසේ පසුවන දරුවකු නිදා ගන්නේ මව හා පියා සමඟින්මයි. ඇතැම් නිවෙස්වල මාපියන්ගේ අධීක්ෂණය යටතේ(monitor) මේ දරුවෝ තමන්ගෙම කාමරයෙත් නිදා ගන්නවා.ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුදු පහෙන් පස්සේ වගේ දරුවන්ට වෙනම කාමරයක් වෙන් වෙනවා.කොහොම වුණත් දවල් දවසේ දරුවා තමන්ගේ කාමරයේ සෙල්ලම් කරමින් කාලය ගත කරනවා.

සෙල්ලමින්මයි දරුවා නොයෙකුත් දේවල් ඉගෙන ගන්නේ.මේ වයසේ දරුවකුට සැලසුම් කළ යුතු වන්නේ සෙල්ලම් කාමරයක්.

ආරක්ෂාව

ද⁣රුවාගේ ආරක්ෂාව(safety) සඳහා ත් මුල් තැන දිය යුතුමයි.පුංචි පුංචි දේවල් නාසයට දමා ගැනීම වැනි හදිසි අනතුරු දරුවෝ අතින් වෙන්නෙත් මේ කාලෙදී.සෙල්ලම් බඩු තෝරා ගනිද්දී ඒ ගැන හිතන්නම වෙනවා.

 

 

උපදෙස් ප්‍රවීණ

ගෘහ අලංකරණ ශිල්පිනී

දිලිනි හල්විටිගල

2020/10/28 තරුණි බලන්න.