වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
රිද්දවන්නේ නැතිව චූටි දූගේ කන විදින්නේ කොහොමද?
* රත්තරන් කරාබුවලට අසාත්මිකතා මතුවීම අවමයි
* ඉඳහිට කන විදපු ස්ථානය පැසවන්න පුළුවන්
හිරණ්‍යාගේ පුංචි දෝණිගේ කන් විදින කාලේත් හරි. ඒ ගැන නම් හිතද්දිත් හිරණ්‍යාගේ ඇඟට හීන් දාඩිය දාන්න පටන් ගන්නවා. එක කනක් විදලා ඒ වේදනාව පහව යන්නත් කලින් අනෙක් කන විදිනවනේ.
දැරියගේ කන විදින්න සුදුසු ම වයස
ආසියාතික රටවල ජීවත්වන අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් ලෙස කුඩා දැරියන්ගේ කන් විද කරාබු දමන්න පෙළඹෙනවා. දැරියට මාස හතර පිරෙන්නට පෙර කන් විදිනවා නම් වඩාත් හොඳයි. ඒත් කන් විදින්න වයසක් නැහැ.
කරාබු දැමීමට කන් විදින අවස්ථාව මාපියන්ට සුවිශේෂියි.
අතීතයේ ඉඳිකටුවක් රත්කර කහ දියේ ඔබා කන් විදීම සිදුකළත් දැන් කුඩා යන්ත්‍රයකින් (ස්ටේප්ලර් මැෂින් එකක් වැනි) කන් විදීම සිදුකරයි.
කන් විදින ස්ථානය පෑනකින් ලකුණු කොට එම ස්ථානයේ කන විදින බව මවට පෙන්වයි. ඉන්පසු විදීම සිදුකරයි. මෙය චීන කටු චිකිත්සාවට අනුව දියණියකගේ ඇස් පෙනීමට බලපායි. එතැන නිතර සෙලවීම නිසා උද්දීපනය (Stimulate) වේවි. එමඟින් ඇස් පෙනීම තීව්‍ර වේ.
ඇතැම් විට කරාබුවෙන් ම කන් විදින අවස්ථාත් තිබේ.
මෙහිදී ඉමිටේෂන් කරාබුවලින් කන් විදීම එතරම් සුදුසු නැත. රත්තරන් හෝ රිදීයෙන් තැනූ කරාබුවක් සුදුසුයි.
කන් විදින්න යන්න ඕන කොතැනට ද කියලා ඔබට ප්‍රශ්නයක් පැන නැගේවි. බොහෝවිට පෞද්ගලික රෝහල්, ඩිස්පෙන්සරිවල මේ කර්තව්‍යය සිදු කෙරෙනවා.
විසබීජහරණය කරමින් නියමාකාරයෙන් සිදු කරන තැනක් වීම වැදගත්.
සමහර මව්වරු දැරියට කන් විදීමට නැකැතක් සාදවනවා. ඔබ පෞද්ගලික රෝහලක් හෝ වෙනත් එවැනි චැනලින් මධ්‍යස්ථානයකට නම් යන්නේ එහි දිනය හා වේලාව පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබ සාදාගත් නැකැතේ වේලාව කල්වේලා ඇතිව වෛද්‍යවරයාට පවසන්න.
ඇතැම් අය නියම ම කරාබුව කන් විදිද්දී ම දානවා.
ඒත් පෞද්ගලික රෝහල්වල යන්ත්‍රයකින් විද බොහෝවිට පලඳවන්නේ ඔවුන්ගේ කරාබුවක්. ඇතැම් වෛද්‍යවරු කන් විදීම පමණයි කරන්නේ. එවෙලෙම කරාබුව දමන කර්තව්‍යය මවට පැවරනවා. හොඳින් මතක තබාගන්න, මෙවැනි අවස්ථාවලදී කරාබු බෝලය දරුවාගේ කන ඇතුළට වැටෙන්න පුළුවන්. එය හරිම ප්‍රවේසමෙන් කළ යුතු දෙයක්.
පෞද්ගලික රෝහල්වලින් කන විදිද්දී ඊට පැයකට පමණ පෙර කන්පෙත්ත හිරි වැටීමට නිර්වින්දන ක්‍රීම් වර්ගයක් (Lionocane ointment) ආලේප කරනවා. මේ නිසා දැරියට වේදනා විඳින්න අවශ්‍ය වන්නේ නැහැ.
යම් හෙයකින් දරුවාගේ කරාබුව වැටුණොත් කුමක් හෝ කරාබුවක් කනට දමන්න. මන්ද පැය කිහිපයක් ඇතුළත වුවත් විදපු සිදුර හාවෙන්න පුළුවන්. නැවත කරාබුවක් දමද්දි අලුතින් කන විද්දා හා සමාන වේදනාවක් ම දැරියට අත් විදින්න සිදුවේවි.
දැරියට කරාබුවක් තෝරා ගනිද්දී සරල, හුරුබුහුටි කුඩා කරාබුවක් තෝරා ගැනීම හරිම වැදගත්. මොකද බබාගේ කරාබුව අම්මගේ ඇඳුම්වල පැටලෙන්න පුළුවන්. ලේස් එකක වගේ පැටළුණොත් බබාගේ සිදුරෙන් ලේ එන්නත් පුළුවන්. ඉතා කලාතුරකින් චූටි කන්පෙත්ත ඉරී යන්නත් ඉඩ තිබෙනවා.
ආසාදනය වීම
ඉඳහිට ඇතැම් දැරියන්ට කන් විදීම නිසා ඒ ස්ථානය පැසවන්න පුළුවන්. මේ දේවල් බොහොමයක් සාමාන්‍යයි.
සාමාන්‍යයෙන් කරාබුවක් විසබීජහරණය කර තිබීම වැදගත්.
පෞද්ගලික රෝහල්වලදී දාන්නේ මෙලෙස විසබීජහරණය කළ කරාබුවක් කියලා හිරණ්‍යා දැනගෙන සිටියා.
එතැන ඇති කරාබුවලින් එකක් තෝරාගත හැකි බවත් ඇයට මිතුරියක් කියා
තිබුණා.
කන් පෙත්ත පැසවීම
ඉතින් කන පැසවන්නේ නැතිවෙන්න නම් දිනපතා කරාබුව ආශ්‍රිත ප්‍රදේශය හොඳින් සෝදන්න පුළුවන්.
තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා.
සාමාන්‍යයෙන් රත්තරන් කරාබුවලට අසාත්මිකතා මතුවීම අවමයි. යම් හෙයකින් අසාත්මිකතාවක් මතුවුවහොත් වෛද්‍යවරයකු වෙත යොමුවීම සුදුසුයි. රතුවීම, සැරව ගැලීම වැනි දේ මෙලෙස අසාත්මිකතා ලෙස ඇතිවෙන්න පුළුවන්.
බබාට රිද්දන්නේ නැතිව කන්විදින්න පුළුවන් නම් කොයි අම්මත්, තාත්තත් සතුටු වේවි.
ඉතිං ඔබත් සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව කන්පෙත්ත හිරිවට්ටවා කන විදීම වඩාත් සුදුසුයි.
දැරියට එය අමිහිරි අවස්ථාවක් නොවේවි. මාපියන්ටත් අමිහිරි මතකයක් ගෙන නොදෙන්නක් වේවි.
උපදෙස් ආයුර්වේද විශාරද පණ්ඩිත
විශේෂඥ වෛද්‍ය
මානව උපදේශක වෛද්‍ය
සුදත් ගුණතිලක
සටහන
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි