වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඔබේ දරුවාත් වීඩියෝ ගේම්වලට හුරුවෙලා ද?
වීඩියෝ ක්‍රීඩාවක් නිසා දරු පැටියකුගේ ජීවිතය බිලිගැනීමේ සිද්ධිය සමස්ථ අම්මාවරුන්ටම රතු එළියකි. එය අපට දැල්වූ රතු එළියකට වඩා ඔබේ දරුවා ගැන අනතුරක් ඔබ ඉදිරියේ ඇති බව ඉඟියකි.
අනුරාධපුරයේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි අනුහස් මධුෂාන් සෙනවිරත්න පුතා ජීවිතය අහිමිකර ගත් කම්පනය ඔහුගේ මවට පමණක් නොව මුළු රටේම ආදරණීය අම්මලාට තදින්ම දැනිය යුතු කාලය පැමිණ තිබේ. ඒ සිදුවීමේ පසුබිම ඇතැම් විට ආදරණීය මවක් ලෙස ඔබගේ දරුවාගේ චරියාවන්නට ද සමාන වන්නට බොහෝ ඉඩ ඇත.
මෙවැනි ජංගම ක්‍රීඩාවන්ට යොමු වු දරුවෝ අප සමාජයේ බොහෝ වෙති. ඒ නිසා ඔවුන්ගේ චරියාවන් හා ගති පැවතුම ද සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. එවැනි දරුවන් මේ භයානක ජංගම ක්‍රීඩාවෙන් ගලවා ගනිමින් සමාජගත කරන ආකාරය ගැන මනෝ විද්‍යාත්මක විමසුමක් කළේ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතාගෙනි. රාගම ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන ඔහු දරුවන්ගේ සියුම් මනස හදුනා ගනිමින් ඔවුන් සමඟ කටයුතු කරන අයුරු අපට පැහැදිලි කළේ මෙලෙසිනි.
බොහෝවිට විද´ත් තිරයට දරුවන් ඇබ්බැහිවීම සිද්ධ වෙන්නේ කුඩා කාලයේ පටන් අවදානම් සාධක තිබෙන අය විතරයි. නැතුව විද´ත් තිරයක් පාවිච්චි කිරීම නිසාම දරුවෙක් භයානක දෙයකට යොමු වෙන්නේ නැහැ. ඉතාම කලාතුරකින් එවැනි දෙයක් වෙන්න පුළුවන්. නමුත් කලින් තිබුණු සාධක මව්පියන් හඳුනා නොගැනීම නිසා තමයි දරුවන් විද´ත් තිරයට ඇබ්බැහිවීම සිද්ධ වෙන්නේ. පළමු ලක්ෂණය තමයි ආවේගශීලී පෞරුෂත්වයක් තිබීම. එහිදී දරුවාට ඉක්මනට තරහා යනවා. වැඩ පිළිවෙළට කරන්නේ නැහැ. අවධානය අඩුයි. ඒ වගේ දරුවෝ නව යොවුන් වියේදි විද්‍යුත් තිරයක් ලැබුණු විට එයට ඇබ්බැහිවීම සිද්ධ වෙන ප්‍රවණතාව වැඩියි.
අපට මව්පියෝ කියන්නේ දරුවාට ෆෝන් එකට හරි පරිගණකයට හුරුවුණාට පස්සේ කේන්ති යනවා වැඩියි, කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. නමුත් මේක දරුවාට කලින් තිබිලා තියෙනවා.
දෙවැනි කරුණ හුඟක් වෙලාවට වෙන්නේ දරුවන්ගේ සීමාකාරි මායිම් පොඩි කාලේදීම අවබෝධකර නොගෙන ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමයි. උදාහරණයක් ලෙස දරුවාට බතුයි පරිප්පුයි විතරයි තියෙන්නේ මේවත් එක්ක කන්න කියනවා. දරුවා කන්න බැහැ කියනකොට කනවා නම් මම ඔම්ලට් එකක් හදලා දෙනවා කියලා දරුවාට කවන්න හදනවා. මේ වගේ කුඩා කාලේ පටන්ම තමුන්ගේ සීමා මායිම් තේරුම් කරලා නොදීම නිසා නව යොවුන් වියට පැමිණෙන විට විද´ත් තිරයට හුරුවූ විට එය ඔවුන්ට නැතිව බැරිව යනවා. එහි වැදගත්ම කරුණ තමයි කුඩා කාලේ පටන් දරුවන්ට ඔරොත්තුදීමේ හැකියාව පුරුදු නොකිරීම.
තුන්වැනි කරුණ වන්නේ දරුවාට කුඩා කාලේදීම ඔරොත්තුදීමේ හැකියාව පුරුදු කිරීමයි.
තමුන්ට කනස්සල්ලක් තනිකමක් ඇතිවුණාම කාටහරි කතා කිරීම, චිත්‍රයක් ඇඳීම, පොඩ්ඩක් ඇවිදින්න යන එක ඒ වගේ දේවල් වලට යොමු නොවන්නේ කුඩා කාලෙ පටන්ම ඒ දරුවා අඬනකොට නළවන්න යන එක වැනි වැරැදියි. එහෙම වුණාම දරුවා තමුන්ට පොඩි කාලයෙක් හරි තනිකම කනස්සල්ල කම්මැලිකම දැනුන ගමන් විද´ත් තිරයට අත යනවා. විශේෂයෙන්ම ලංකාවේ දරුවන් විද´ත් තිරයට යොමුවීමට ප්‍රධාන වෙන්නේ ආවේගශීලීවීමට හේතුව මවුපියන් හඳුනා නොගැනීම නිසා දරුවා ක්‍රීඩාවට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒක එයාගෙන් ගන්න හදනකොට ආවේගශීලීව හැසිරෙනවා. බොහෝ මව්පියන්ට තාක්ෂණික දැනුම අඩුයි. උපායශීලිව නොගැනීම නිසා ආවේගශීලී දරුවෙක් ඉක්මන් තීරණවලට එළඹෙනවා. විද´ත් තිරය දරුවාගෙන් ගත්තු ගමන් එයාගේ හිතේ විශාල හිස්බවක් දැනෙනවා. ඒ අය භයානක දේවල් කරන්න පෙළඹෙනවා.
වීඩියෝ ගේම්වල තිරය, වර්ණවත්, වේගවත් බොහෝ විට ප්‍රචණ්ඩත්වයෙන් යුක්තයි. එසේ වුණාම දරුවෝ ඉතා ඉක්මණින් අධික උත්තේජනයට හුරු වෙනවා. ටික කාලයක් සෙල්ලම් කරනකොට දැන් ඔබ ෆෝන් එක බිමින් තියන්න, දැන් ඔයා නංගිලා මල්ලිලා එක්ක සෙල්ලම් කරන්න කියපු ගමන් දැඩි උත්තේජනයෙන් සිටින දරුවා පහළ උත්තේජනයකට එන්න අකැමැතියි. එවිට දරුවෝ කියනවා අම්මේ මට දැන් කම්මැලියි... මට එපාවෙලා කියලා. මේ වගේ වෙලාවට උදව් කරන්න දියුණු රටවල මනෝ වෛද්‍ය උපදේශකවරු, මනෝ චිකිත්සකවරු ඕනේ තරම් ඉන්නවා. නමුත් අපේ රටේ තවම එහෙම නැහැ. ඉතා අඩුයි."
අනුහස් පුතාගේ දිවිය අහිමිවීම ජංගම දුරකථන නිසා සිදුවූ එක් සිද්ධියක් පමණකි. ජංගම දුරකථන නිසා ජීවිතය අහිමි වූ අවස්ථා ගණනාවක් ගැන අපට අසන්නට ලැබුණි. ඒ ගැන මාධ්‍ය මඟින් පෙන්වීම හා ඒ ගැන කිහිප දෙනෙකුගේ පසුබිපරම් කරන සටහනක් හැර එයින් එහා සිදුවූ දෙයක් නොමැත. දියුණු රටවල දරුවන්ගේ මනසට වඩා අපගේ දරුවන්ගේ මනස වෙනස්ය. එසේම මෙවැනි උපකරණ සමඟ ගනුදෙනු කිරීමේදී තමුන්ගේ සීමාව හඳුනා ගැනීමට අපහසුය.
ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මියුරු චන්ද්‍රදාස
සටහන
දුමින්ද කාරියවසම්