හබුන් කටයි බත් දෙකටයි විටමින් ගුණ දරු දිනවයි

ඔක්තෝබර් 23, 2023

ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණය ඇති බවට සංඛ්‍යාලේඛන මඟින්ම තහවුරු වී ඇත. ළදරුවන්ට, දරුවන්ට අවශ්‍ය පෝෂණය ඇරඹිය යුත්තේ මව තම කුසහොත් දරුවා දරා සිටින මාස නවයක කාලය පටන් ය.

පිළිසිඳ ගැනීමේ සිට පළමු වසර දෙක සම්පූර්ණ වනතුරු කාලය ඔබේ දරුවාගේ වර්ධනයේ ස්වර්ණමය අවධියයි. දරුවාගේ ශාරීරික හා බුද්ධි වර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලම ලැබෙන්නේ මේ අවධිය තුළ යි. එබැවින් ඉපදී පළමු වසර දෙක තුළ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව උපරිම වේ.

පළමු මාස හය තුළ දරුවාගේ ශක්තිය, වර්ධනය හා ප්‍රතිශක්තියට අවශ්‍ය පෝෂක (කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා මේදය) මෙන්ම ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාව මවුකිරි පමණක් ලබා දීමෙන් සම්පූර්ණ කරගත හැකියි. ක්ෂුද්‍ර පෝෂක යනු සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ යි. නමුත් මාස හය සම්පූර්ණ වූ පසුව දරුවාගේ වේගවත් වර්ධනයට ගැළපෙන උපරිම පෝෂණය ලබාදීම සඳහා අමතර ආහාර ලබා දිය යුතු වේ. ක්‍රමක්‍රමයෙන් සත්ත්වමය ආහාර එකතු කිරීම ඔබේ දරුවාගේ මනා වර්ධනයට උපකාරීවන බව දැනටමත් ඔබ දන්නවා ඇති.

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ බොහෝ මවුවරුන්ට පවතින ආර්ථික ගැටලු හමුවේ තම දරුවාට උපරිම පෝෂණය සපිරි ආහාර ලබාදීම අභියෝගයක්ව තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා දරුවන් විටමින් හා ඛනිජ ලවණ ඌනතාවන්ට ලක්වීමේ වැඩි අවදානමක පසු වේ. එබැවින් එම රටවල දරුවන්ට මාස හය සම්පූර්ණ වූ විට ක්ෂුද්‍ර පෝෂණ අතිරේක ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශකර තිබෙන්නකි.

දරුවාගේ වේගවත් වර්ධනය සඳහා ඔබ ලබාදෙන ආහාරයේ ඇති පෝෂණ හිඩැස් පිරවීමට රජය මඟින් නොමිලේ ලබා දෙන අතිරේකය වන්නේ Nutromix(නියුට්‍රොමික්ස්)ක්ෂුද්‍ර පෝෂක පැකැට්ටුවයි. එය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත නොහැකියි.

 

Nutromix පෝෂණ අතිරේක අතිරේක ලබා දෙන්නේ කාටද?

 

මාස 6, අවුරුද්ද, අවුරුදු එකහමාර සම්පූර්ණ කළ දරුවන්ට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා මෙම පෝෂණ අතිරේකය ලබා දේ. එක් පෙට්ටියක Nutromix කුඩා පැකට්(sachets) 30ක් බැගින් වූ පෙට්ටි දෙකක් ඉහත කාලසීමාවලදී ලබා දේ.

 

ක්ෂුද්‍ර පෝෂක පැකට්ටුව ලබා දෙන ආකාරය

* වයස මාස 6 සම්පූර්ණ කරන ලද ළදරුවන්ට, දිනකට එක් ක්ෂුද්‍ර පෝෂක පැකට්ටුව බැගින් (දිනකට එක්වරක්) දින 60 ක් (මාස 2ක්)

 

 

* වයස මාස 12 සම්පූර්ණ කරන දරුවන්ට, දිනකට එක් ක්ෂුද්‍ර පෝෂක පැකට්ටුව බැගින් (දිනකට එක්වරක්), දින හැටක් (මාස 2ක්)

*වයස මාස 18 සම්පූර්ණ කරන දරුවන්ට දිනකට එක් ක්ෂුද්‍ර පෝෂක පැකට්ටුවක් බැගින් (දිනකට එක්වරක්), දින 60 ක් (මාස දෙකක්)

නොමේරූ ලෙස හෝ අඩු බර සහිතව උපත ලද දරුවන්ට යකඩ යකඩ යකඩ හා මල්ටි විටමින් සිරප් බිංදු ලබාදෙන බැවින් එම දරුවන්ට Nutromix අතිරේකය අවශ්‍ය නොවේ.

 

nutromix ක්ෂුද්‍ර පෝෂක කුඩු පැකට්ටු ලබා ගත හැකි ස්ථාන

 

* ළදරු ළමා සායනය - වයසට නියමිත එන්නත සඳහා සායනයට පැමිණෙන අවස්ථාවේදී

* බර කිරීමේ මධ්‍යස්ථාන - බර කිරීම සඳහා දරුවන් පැමිණෙන විට Nutromix ලබා දීමෙන් ඔබේ දරුවාට දරුවාට ඇති වාසි මොනවාද?

 

** යකඩ (iron)

* Nutromix දරුවාගේ යකඩ ඌනතාවය මඟ හරවයි.

 

* සිරුරේ ශක්ති ජනනයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කරන හිමොග්ලොබින් ප්‍රමාණය ප්‍රශස්තව පවත්වා ගැනීමට යකඩ අවශ්‍ය වේ. * එමඟින් දරුවාගේ කායික හා බුද්ධි වර්ධනය වේගවත් වේ.

 

**සින්ක් (Zinc)

* දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

* කුඩා දරුවන්ට ඇතිවන පාචනය හා සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි ශ්වසන රෝගවලින් දරුවාට ආරක්ෂාව ලබා දේ.

**අයඩින් (Iodine)

* වැඩෙන දරුවාට අත්‍යවශ්‍ය හෝමෝනයක් වන

තයිරොක්සින් නිපදවීමට අයඩින් නැතුවම බැරිය.

* දිගුකාලීන අයඩීන් ඌනතාව නිසා දරුවන් මිටි ස්වභාවයට පත්වේ. බුද්ධි වර්ධනය අඩාළ වේ. එනම් කායික මානසික වර්ධනයන් අඩාල වේ.

 

**විටමින් A(Vitamin A)

 

ඔබේ දරුවාගේ දෑසේ මනා පෙනීමට විටමින් A අත්‍යවශ්‍ය බව ඔබ දන්නවාද?

 

* එපමණක් නොව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට, සිරුරේ සාමාන්‍ය සෛල හා පටක වර්ධනයට, අස්ථි වර්ධනයට විටමින් A උපකාරී වේ.

 

* විටමින් A ඌනතාව නිසා රාත්‍රී අන්ධතාවය වැනි ඇස් පෙනීමේ දුර්වලතා, සම ගොරෝසු වීම, ප්‍රතිශක්තිය දුර්වල වී නිතර රෝගාබාධවලට ගොදුරු වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.

 

** විටමින් D (Vitamin D)

* සිරුරේ අස්ථි වර්ධනයට උපකාරී වේ.

* වැඩෙන දරුවාගේ රෝගවලට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට ද උපකාරී වේ.

 

චාලක කුසලතා හා බුද්ධි වර්ධනය අතින් ප්‍රශස්ත දරුවකු බිහි කිරීමට අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජලවණ රැසක් Nutromix ක්ෂුද්‍ර පෝෂක අතිරේක මඟින් ඔබේ දරුවාට ලැබෙන බව දැන් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති.

 

ඔබ දරුවාට Nutromix පෝෂණ අතිරේකය නිවැරැදිව ලබා දෙනවාද?

 

* දිනකට Nutromix කුඩු පැකට් එක බැගින්

දරුවාගේ ආහාරයට එක් කරන්න.

 

* පැකට්ටුවේ මුළු කුඩු ප්‍රමාණය දරුවාගේ

ආහාරයෙන් කුඩා ප්‍රමාණයකට පමණක් මිශ්‍ර කරන්න.

 

* nutromix එක් කළ ආහාර ප්‍රමාණය හැකි ඉක්මනින් දරුවාට කෑමට ලබාදිය යුතු වේ.

 

* මෙය එක් කළ හැක්කේ අර්ධ ඝන හා ඝණ ආහාරවලට පමණි. (බෙරි බත, පලතුරු පල්පය, යෝගට් වැනි අර්ධ ඝන ආහාර සමග මිශ්‍ර කළ හැකියි. අවුරුද්ද සම්පූර්ණ වූ දරුවාට ලබාදෙන ඝන ආහාර සමඟ මිශ්‍ර කළ හැකියි.

 

* Nutromix කුඩු දියර වර්ගවල දිය නොවන නිසා කිරි, වතුර, පලතුරු යුෂ වැනි දේ සමඟ මිශ්‍ර නොකරන්න.

 

* පිසීමේදී සමහර විටමින් වර්ගවල ගුණ විනාශ වන නිසා ආහාර පිසින අතර තුර Nutromix කුඩු එකතු නොකරන්න. පිස අවසන් වූ ආහාරයට පමණක් එකතු කරන්න.

 

Nutromix හි අඩංගු යකඩ පෝෂක නිසා දරුවාගේ මලපහ තද කළු පැහැ වීමත්, මලපහ ඝන ගතියෙන් පිටවීමත් නිරීක්ෂණය කළ හැකියි. නමුත් මෙම තත්ත්වයන් නිසා ඔබ දරුවාට මෙම පෝෂක අතිරේකය ලබා දීම නතර කළ යුතු නොවේ.

 

බුද්ධි හැකියාවෙන් පිරි ක්‍රියාශීලි නිරෝඟී දරුවකු තැනීම දෙමාපිය ඔබේ යුතුකමයි, වගකීමයි. විටමින් හා ඛනිජ ලවණ අඩංගු Nutromix පැකට්ටුව ආහාරයට එක් කිරීමෙන් දරුවාගේ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාව හොඳින්ම සපුරාගත හැකි බව ඔබට වැටහෙනු ඇත. මීට අමතරව පෝෂණ ගුණ සපිරි ආහාර වර්ග ඒකාකාරී නොවන පරිදි පිළියෙළකර දරුවාට පිළිගන්වන්න. එමඟින් දරුවාගේ ආහාර රුචිය පවත්වාගත හැකියි.

ආදරය, කරුණාව හා අවධානය ලබා දෙමින්, කතා කරමින් දරුවාට ආහාර ලබා දීම මඟින් එම වේලාව දරුවාගේ දවසේ රසවත් අවස්ථාවක් බවට පත් කිරීමට හැමවිටම උත්සාහ ගන්න.

 

 

උපදෙස් :

මානව පෝෂණවේදිනි

වෛද්‍ය එච්. අරුණි ද සිල්වා