මුව හසරැලි ගෙනෙන දරු නැළවිලි

මැයි 13, 2024

කුස පිළිසිඳ ගත් පුංචි කලලය කිරිකැටි බිලිඳකු ලෙසින් දෝතට වඩිනා තෙක් මවක් මොනතරම් පෙරුම් පුරන්නීද ? උතුම් මාතෘත්වයේ කිරුළ, පලඳවමින් මෙලොව එළිය දුටු ඒ මහාර්ඝ වස්තුව ලේ කිරිකර පොවා, හැදුණු වැඩුණු පුද්ගලයකු ලෙසින් මේ සමාජයට දයාදය කිරීමෙහිලා ඈ සතු වගකීම බොහෝය. ලෙය කිරට නොහැරෙව්ව ද ඔහුගේ හෝ ඇයගේ කුස පුරවා, හොඳ අධ්‍යාපනයක් ලබා දී නිරෝගී පුද්ගලයකු ලෙස සමාජගත කරන්නට පියෙකු ද අප්‍රමාණ වෙහෙසක් ගනියි.

මෙහිදී මව්පිය දෙදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වන්නේ ගුණ යහපත්කමින් පිරුණු සමාජයට සංවේදී දරුවකු තිළිණ කිරීමයි. බිලිඳා උපන් මොහොතේ පටන් සුවපහසු නින්දක් ලබාදෙන්නට මවගේ මුවින් ගැයෙන නැළවිලි ගීය එයට පෙරමඟ තනනවා යැයි ඔබ මොහොතක් සිතුවාද? රිද්මයානුකූල ඒ ගැයුම ඔස්සේ නිදි ගැන්වෙන දරුවා කායිකව මෙන්ම මානසිකව ලබන තෘප්තිය අප්‍රමාණය.

දරුවකුට රිද්මයානුකූල, ජීවිතයකට මුල්ම මඟහසර කියා දෙන්නී මවයි. ඇයගේ කටහඬට තරම් දරුවා සංවේදීවන, ප්‍රතිචාර දක්වන වෙනත් යමක් නැත. එබැවින් මවගේ ඒ අපුරු හඬ රිද්මයානුකූලව දරුවාට ඇසෙන්නට සලස්වන්නේ නම් සුවබර නින්දකට ඔහු පෙලඹෙන්නේ නිරාසාසයෙනි.

අතීතයේ මව්වරුන් සිය ඇකයේ හොවාගත් දරුවන් නළවන්නට බොහෝ නැළවිලි ගී ගායනා කළද වර්තමානයේ මව්වරුන් වැඩි පිරිසක් මේ දරු නැළවිලි ගීත නොදනිති. ඉතින් හැමදාමත් හොඳම දේ කාන්තා ඔබට පිරිනමන තරුණී මේ සුවිශේෂී නැළවිලි ගී අතිරේකය පිරිනමන්නේ එවන් ඔබ වෙනුවෙනි.

එය ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔබ ලබන අපූරු තිළිණයක්ම වේවි.

 

 

ලොලියා බා ලොලිය බබෝ
බලියා කට නාඬ බබෝ
ඇරලා උඩ නොබල බබෝ
සැනසී ඔබ නිදිය බබෝ - දොයි දොයි

ඔන්න බබෝ අැතින් නියා
ගල් අරඹේ සිටින් නියා
ගල් අරගෙන ඉසින් නියා
අතු අග දලු කඩන් නියා - දොයි - දොයි

ඔබේ අම්මා කොතැන ගි යා
මානෙල් මල් විලට ගි යා
එතැන විලේ පොකුණේ යා
කැකුළු මලක් පිපුණේ යා

වැනේලු කළුෑ වැනේ ලූ
කළුෑ මෙතැන වැනේ ලූ
කළුෑට බඩ ගිනී ලූ
කළු අල කොළ ළිපේ ලූ

වැනියන් කළු වැනී යන්
කළුෑ හොඳට වැනී යන්්‍
ගම් මැද්දට පෙනී යන්
මට බලන්ඩ වැනී යන්

අඹර කුරක්කන් කළු වේ
ගල යට පිටි කොයි කළු වේ
රොටී එකක් උය කළු වේ
අම්මට දීපන් කළු වේ
 

තවත් එකක් උය කළු වේ
අප්පට දීපන් කළු වේ
මටත් එකක් දිය කළු වේ
උඹත් එකක් කා කළු වේ

උඹෙ අප්පත් ඉතා කළුයි
උඹෙ අම්මත් ඉතා කළුයි
උඹ නළවන මාත් කළුයි
උඹ විතරක් තල ඵල ළුයි -දොයි

නුඹෙ අම්මා කොතැන ගියා
කොහිල විලේ පනට ගියා
පන් උදුරා එන්ට ගියා
එන්ට නැතුව පමා ගියා - දොයි

ඇත්තු ඇවිත් මඟ රැක ලා
කොක්කු තනෙන් කිරි බී ලා
කූඩැල්ලෝ පය ඩැහැ ලා
එන්ට නැතුව නතර වෙ ලා - දොයි

බයි බයියන් බයිය දුවේ
දොයි දොයියන් දොයිය දුවේ
නාඬා නිදියන්න දුවේ
අම්මා නුඹෙ ඒවි දුවේ - දොයි

ඇත්තු රෑන දුවයි දුවේ
කොක්කු ඉඟිල දුවයි දුවේ
අම්මා හෙට ඒවි දුවේ
නුඹ නාඬන් සොඳුරු දුවේ - දොයි
 

අතට වළලු කොහෙන් දුවේ
පයට වළලු කොහෙන් දුවේ
ඉණට හවඩි කොහෙන් දුවේ
දැනට නිදා ගනින් දුවේ - දොයි

නුඹට බබෝ කවුරු තැළුෑ
ගම්මැදිවල ළමයි තැළුෑ
ඇයි ළමිනේ පුතුට තැළූ
අපට තැළූ අපිත් තැළුෑ - දොයි

ළමිනේ තොපි මොකෙන් තැළූ
තල මලකින් පිටට තැළුෑ
මින් පසු පුතු වෙයි යහළුෑ
තොපිත් සිටිව් වී යහළූ - දොයි

අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙ නා ගෙ නා
උඹේ පුතේ ගොනා ගොනා
ඒක බිඳපු ගොනා ගොනා
ඒකට මට හි නා හි නා
මට ඇන පිය ගොනා ගොනා

අත්තම්මේ නුඹේ පුතා
වත්තක පොල් කලටි කකා
කවුදැයි බොල කියන එකා
උඩහ ගෙදර ඇගිටි පුතා

කොකා වෙලේ හොද්ද ළිපේ
අමු කුඹුරේ පිට්ටු ළිපේ
මොකෑ පුතේ උඹේ කටේ
ඇයි මාමේ හකුරු කටේ


ඔන්න පුතේ ගුරු එන වා
තුට්ටු දෙකේ රා බොන වා
කොක්කන පයි ගෙන එන වා
අඬන ළමයි අල්ලන වා

අලියද බොල අර එන්නේ
උදයට මම බය වෙන්නේ
වල්ගෙ බැදුම් හොඬ මැල්ලුම්
බහ ගෙරියට බහ - ආ
 

හැලප කන්ඩ බැරුව පු තේ
තලප කන්ඩ ගියා පු තේ
තලප කාල ඉතින් පු තේ
ඇඟිලි ගෙවී දනව පු තේ - දොයි - දොයි

ආවේ දුරු කතර සිට යි
කෑවේ දලු බුලත් විට යි
සිටියේ රට පුටුව පිට යි
මගේ පුතා නාඬා දො යි - දොයි - දොයි

බිලිඳු හඬයි කිරිකට වේලි වේලි යේ
උගෙ මෝ නෙළයි අව්වේ වේලි වේලි යේ
කොටිකන් බැවිල මල තිබ්බටු මහවන යේ
නෙළුමෙන් කාරි නැත නාඬව පුතාම යේ

නුඹෙ අම්මා දියට ගියා
දිය අරගෙන එන්ට ගියා
දිය සෙම්බුව ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගි යා - දොයි - දොයි

 

හේන් ගොසින් නුඹෙ අම්මා
බරට බතල මල්ලක් මා
කඩා ඇඹිල ඉණේ ද මා
ගෙනැත් දෙතී දැන් දැන් මා - දොයි - දොයි

අම්මා සමඟ හේන් ගොසින්
අක්කා නුඹෙ කා පංගන්
ඇවිදින් කට රතු කර ගන්
පාති අපට නේ රංග න් - දොයි - දොයි

කොක්කු කළඹ උඩ අත් තේ
මම තනියම බිම අත් තේ
සීන පෙනෙයි රෑ තිස් සේ
උඹ නාඬන් මේ වැත් තේ - දොයි -දොයි

උඩින් අන්න අහස පෙනෙ යි
අවට මිදුලෙ අව්ව පෙනෙ යි
රෑට පුතේ වලා පෙනෙ යි
නාඬා පුතු නිදියන්නෙ යි දොයි - දොයි

මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
එතැන මලක් පිපුණා යේ
එමල කඩා එන්ට ගි යේ දොයි - දොයි

උඹෙ අම්මා කොතැන ගියේ
පතන කැලේ දරට ගියේ
දර අර ගෙන එන්ට ගියේ
ඒ එන කල් නුඹ දොයි යේ - දොයි - දොයි

උඩි නියරෙන් වැටී ගෙනේ
මිටි නියරෙන් වැටී ගෙනේ
කල විටි බොල් පොලා ගෙනේ
කිරි මුට්ටිය පෙරා ගෙනේ
 

රෑට කන්ඩ මොකුත් නැතී
එගොඩ කොලොන් ගසෙක් ඇතී
මෙගොඩ කොලොන් ගසෙක් ඇතී
ඇළි වඳුරෝ ගී කියතී

කොතල කොටේ හාල් ඇතී
ඒක කන්ඩ මාළු නැතී
එක ගෑනී කොල කාලිී අක්කාලි - මුක්කාලී බොඃ

කන්දේ හිමයේ උන් බක මු නා
අත්ත දෙ කොන ඉඳ හා හූ ගා නා
අප්පා බොල ඌ වස බක මූ නා
ඔක්කොම ඇරගෙන යයි බක මූ නා

දිනේ පටන් මා උපන්න
මව් විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුදුන් තබා මෙන්න
වඳිමි මව්නි, පවු අරින්න

අඬන කලට මා නළ වා
ආදරයෙන් නිදි කෙරු වා
කැත කුණු මගෙ අත ගෑ වා
මව් තුමි මතු බුදු වේ වා

මා ඉපදුණු දවසේ දී
නාවාලා රන් කිරි දී
දැඩි කළ අම්මේ පෑ දී
වඳිමි ඔබට මුදුනත දී

ඇතින්නියක් ලත් දරු පෙම්බ රේයා
ඇතිනි රැලේ සැමටම කිරි එ රේයා
අතින් අතට දුන් මුදුවත් පි රේයා
ඉතින් පුතුට මව්ගේ ආද රේයා
 

අ ත් ත ක පිපි මලක් ලෙසේ
මු ද් ද ක බැඳි රුවක් ලෙසේ
ස න් ත ක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ

ඇඟේ තවම ලේ පාටි න්
ඉණේ දැවටි පෙකණි වැලි න්
අ ගේ වඩන දෙවියෝ දු න්
ම ගේ පුතා නුඹ නාඬ න්

ඉනන් බනන් නොකර න්නේ
වඩන් කුමරු නළව න්නේ
කුඩම්ම මොනවද? දු න්නේ
කුඩම්ම මයි කිරි දු න්නේ


අ නේ මගේ නැගණිය නේ
ප ණේ විලස හිමි නැසු නේ
ඉ ණේ තිබුණු හැඹිලිය නේ
අ නේ තෑගි දෙන් ඉති නේ

ආත අපේ කුසල් කර න
දෝත පුරා රුපියල් දෙ න
කාත් නැතිව උන් සිවු දෙ න
ආතා වැඳ වැටී කිය න -දොයි

ඔන්න පුතේ ලොකු අ ම්මා
යන්න අතට නොව ල ම්මා
දෙතෙයි තෑගි නොව නි ම්මා
ඔන්න පුතේ උඹෙ අ ම්මා - දොයි

පුතෙයි මෙ නුඹ දොයි දො යියා
ගතෙයි එරන් පැහැදෙ යියා
අතේ වළල්ලක් ල යියා
ඔන්න පුතේ ලොකු අ යියා -දොයි

අත්තක පිපි මලකි මෙ සේ
පෙත්තක ඇඳි රුව විල සේ
සන්තක මගෙ පුතුගෙ බ සේ
නෙත් දෙක ඇරපන්න මෙ සේ - දොයි
 

කූ ඩු ව මව් පිය දෙ න්නේ
පා ඩු ව උකුලේ උ න්නේ
කේ ඩු ව මගෙ දරු ගි න්නේ
තෝ ඩු ව දෙමි නාඬ න්නේ - දොයි

ආඩම්බර නොකර ඉ තා
පාඩම් වුණු බිලිඳු ක තා
මේ දැන් කී කවින් ඉ තා
නාඬන් මගෙ බිලිඳු පු තා - දොයි

උඹෙ අම්මා මුන් දෑයේ
අඬා වෙතට එන් දෑයේ
විඩා හැරල බොන් දෑයේ
වඩා තෑගි දෙන් දෑයේ - දොයි

බැඳපන් වරලස කොනක ට
ඇඳපන් සුදුවත ඔබින ට
සිටපන් සබ මැද සරු කො ට
යන් දරුවෙනි, පියා ළඟ ට -දොයි
 

බැ න් දේ වරලස කොණක ට
ඇ න් දේ සුදුවත ඔබින ට
ය න් නේ මේ කී කවිය ට
දු න් නේ නාවා ද අත ට - දොයි

උ මා ඉසුරු දෙවිඳු බෙලෙ න්
පෙමා වඩන දරු නිතියෙ න්
ප මා නොවී තෑගි දෙව න්
කු ඩා පියා ඔන්න ඉති න් - දොයි

බ ර වා කිරි ඇඟිලි අ තේ
ගො ර වා නිදි යහන ම තේ
පො ර වා තිබු රෙද්ද ඇ තේ
ද රු වා මගෙ නාඬ පු තේ - දොයි

සී දැන් මට සිතුණි පු තේ
කෑමට පොල් හකුරු ඇ තේ
දීමට රුපියල් දෑ තේ
මාමට වැඳපන්න පු තේ - දොයි

පුතේ නුඹේ ලොකු අ යියා
ලසේ නොවී දැන් එ යියා
බසේ මියුරු තෙපල යියා
පුතේ නාඬ දොයි දො යියා - දොයි

සි තේ බොහොම නොව දු ක්කා
නෙතේ කඳුළු හැර දැ ක්කා
අ තේ වළලු නද එ ක්කා
පු තේ ඔන්න නුඹෙ අ ක්කා -දොයි

ආ ලේ නැතුවාද මෙම ට
මා ලේ වත් ගෙන දෙන්න ට
බා ලේ සිට අම්ම මෙර ට
පලයන් ආතගෙ උකුල ට - දොයි

පා න ට එළියකි පෙනු ණේ
මූ න ට නළලෙන් දිලු ණේ
අ ත ට හොරා සිප් පෙනු ණේ
නැන් ද ට වැඳපන් පුතු නේ - දොයි

පුතේ නුඹේ ලොකු පියා ට
වැඳපන් දෑතින් හනික ට
රුපියල් ගැන දීලා සි ට
කරේ මාලයක් දැම්ම ට - දොයි

පෙමා වඩන දුවෙනි ඉති න්
කු ඩා පියා අාවෙ උතු න්
ව ඩා තුරුලු කර සතුටි න්
කු ඩා වළලු දැමුවෙ ඉති න්- දොයි

පුතේ උඹේ කුඩම්මා ට
වැඩියෙ තෑගි නැත දෙන්න ට
අඩිය තියන කොට බඳින් ට
හවඩිය සැදුවාය ඉණ ට - දොයි

දුවේ නුඹේ ලොකු අක්ක ට
වටිනා තෑගි ඇත දෙන්න ට
පිරිය වඩා දෙයි හනික ට
රන් මුදු ලවලා දෑත ට -දොයි

බල ඇති දෙවියන් මෙලෙස ට
කරුණාකොට දුන්නු අප ට
මල පිපුණා වැනි විලස ට
යන් දරුවනි අතින් අත ට -දොයි

කන්දක් ගිනි අැවිල ගෙනේ
හැන්දක් කිරි බීපන් නේ
නැන්දත් නුඹ නළවන් නේ
නින්දක් නිදි යා ගන්නේ
 

කපුටු කාක් කාක් කාක්
ගොරක දේන් දේන් දෙන්
අමුතු වාව් වාව් වාව්
කොට කිඹුලා වැට බිඳලා
ගෑ පොල් කුඩු උෟ කාලා
පිලට ගියා පිල ඇඳිරි
උව්ව කාක්කො
දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බබෝ

උපන් කුෙල් රන් රුව දැ රූ
සිංහ කුෙල් වන් ෙම කුම රූ
ෙම් රන් කිරි එරුණු තිස රූ
ෙදවි පිහිෙටන් ලැබුෙණන් ද රූ

ව ච ෙන් නම් නැළවි ල්ලා
ර ච නේ මගෙ අහප ල්ලා
ෙදත ෙන් රස කිරි ඉ ල්ලා
අ ස ෙන් දරු නැළවි ල්ලා

ද ෙස කඩ මස පිරුණු තැ ෙන්
කු ස කැටි දරු රුජා ගෙ ෙන්
ෙව ස තුරු ෙසාමි වන් ගුව ෙන්
ෙතාස කිරි බිලිඳෙක් උප ෙන්

අැෙඳන් බිමට ෙනාබසි න්ෙන්
පැදුෙර් පිට ෙනාතිබ න්ෙන්
ෙනාවැටී ෙකළ අැවිදි න්ෙන්
එක හැටි පුතු නාඬ න්ෙන්

ෙපම්මා සුරතල් පාෙය්
අම්මා ෙදන කිරි ෙබා්ෙය්
දැම්මා අැඳ පිට නිදිෙය්
අම්මා නුෙඹ ෙකායිද? ගිෙය්
 

අප්පා සිහ රජ වන්ෙන්
රුප්පා වල අැවිදින්ෙන්
තැප්පා ගිනි උසුලන්ෙන්
අප්පා එයි නාඬන්ෙන්

අඬන බිලිඳු දරුවන්නේ
තුඩකින් වද? ඇද බොන්නේ
දසෙඩක වන් මසකින්නේ
බඩේ අඬාලද? උන්නේ

දෑතේ වළලුත් නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඬන් සුරතල් මැණිකෝ

ඔ න් න බබෝ හොරු එනවා
අ ඬ න ළමයි අල්ලනවා
ක රේ තියා ගෙන යනවා
උ න් විකුණා රා බොනවා

ලොවේ පුතුන් බොහොම ඇතා
වඩා නැළෙව්වොත් අඬතා
මගේ පුතා එහෙම නැතා
නාඬා නැළවියන් පුතා

බබා මගේ ගුණ සොන්දූ
ඉණට නෙළුෑ මල් පන්දූ
පයට වැටෙන පිනි බින්දූ
නාඬන් මගෙ ගුණ සො න්දූ

බබා මගේ මා සැ ටියේ
කරන කතා මා සැ ටියේ
දමන දෑත රන් ව ටියේ
නාඬන් සුරතල් පැ ටියේ

බාළොලියන්නේ වත්තේ
කොමඩු දෙකක් පල ගත්තේ
කොමඩු දෙකම එක අත්තේ
කඩන්න බැරි් කටු අත්තේ
කඩා දියන් ලොකු අක්කේ

දොයි - දොයි - දොයි - දොයිය බබා
බයි - බයි - බයි - බයිය බබා
නාඬා දොයියන්න බබා

නුඹෙ අම්මා කිරට ගියා
කිරි දෝගෙන එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
ඒ පාරේ කොක්කු ගියා
කොක්කු කළේ කිරි බීවා

දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නාඬා දොයියන්න බබා

 

 

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබු දැකලා දුවන්නියා


දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නාඬා දොයියන්න බබා

අ ත ට වෙරළු ඇහිඳ ගෙනේ
බ ර ට ම දර කඩා ගෙනේ
ඉ ණ ට පලා නෙළා ගෙනේ
එයි අම්මා විගස කිනේ

දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නාඬා දොයියන්න බබා

නාටු බාටු අල මුල්ලට දම ලා
හොඳ හොඳ අලගෙඩි හැලියට දමලා
බුදියන කොල්ලන් සුමන්දු කර ලා
එක දෙක අල ගෙඩි බෙදලා දී ලා

රන්වන් බෑනෙක් ඇඳේ අඬන්නා
නිල්වන් අක්කා සාමි නසින්නා
යුද්දෙට ගිය රජ එතැන දිනන්නා
රන් කැකිරට ඇඬු මම්ම නසින්නා

බබා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පනම් තිහක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා
ඒ පනමේ ලුණු කනවා

දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නාඬා දොයියන්න බබා